Sunday, November 17, 2019

වම පැරදී නැත, දැන් ඉවසිමෙන් , කල්බැලීමින්, පහරදීය යුතු කාලයයි.

බොහෝ දෙනා වමට ලැබුණු ඡන්ද ගණන් කරති. ඒ පිළිබදව අමුතු ගණයේ විශ්ලේෂණ පවත්වති. අරුණෝදයට එම විශ්ලේෂණය පිළිබදව කීමට දෙයක් ඇත. පළමු
ව අපි මෙම ඡන්දය ධනේශ්වර දෘශ්‍ටිවාදයෙන් ඔබ්බට ගිය ගෝත්‍රික ඡන්දයක් බව ප්‍රකාශ කරමු. මෙහි අඩුම තරමින් ධනේශ්වර වටිනාකම් කිසිවක් අන්තර්ගතව නැත. ධනේශ්වරයේ පැවැත්මට අදාළ කිසිදු තර්කයක් මෙම මැතිවරණය තුල ස්ථාපිතව නැත. ඉන් එය යමෙක් වමේ පරාජයක් ලෙස අර්ථ ගැන්වීමට උත්සහා කරන්නේනම් අප එය කිසිලෙසක පිළිගන්නේ නැත. මෙම ඡන්ද ප්‍රකාශයෙන් කියවෙන්නේ ධනේශ්වරයේ පරාජයකි. ධනවාදය රකින ගෝඨාභය පැමිණියේ යල්පැනගිය ගෝත්‍රික මතවාදයන් වපුරාය. මේම ගෝත්‍රික මතවාද සමග ධනවාදය ඉදිරියට ගෙනයාමට පැම්ණි ගෝඨාභයට සමාජය එක් අඩියකින් හෝ ඉදියට ගැනීමට නොහැක. එසේම් ඇමෙරිකානු ගොඨාබයට අවශ්‍ය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ධනේශ්වර ජාතියක් නැත. ඔහුට මේ මොහොතේ පැවරුණු කාර්‍ය වන්නේ ජනතාව ගෝත්‍රවාදයේ පිහිටුවා ඉන් MCC ගිවිසුම අත්සන් කිරීමය, අධ්‍යාපනය විකිණීම වැනි ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමය. එහෙත් ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුලින්ම ඔහුට එරෙහි කැරැල්ල මතුවන බවට වන ඔහු දැන් ගණන් බැලිය යුතුය. එය ඡන්ද ව්‍යාපාරය දියත්කළ ආකාරයට සමානුපාතිකව ගොඩනැගෙනු ඇත.

ගෝඨාභය ගොඩනැගු ගෝත්‍රික වාදය යටකිරීමට ලිබරල් වාදයට පවා කළ හැක්කක් නොමැත. එසේ හැකියාවක් තිබුණේනම් ලිබරල් වාදය යම් ප්‍රමාණයකට හෝ ඉදිරියට එනු ඇත. ගෝත්‍රික වාදය ස්තාපිත වු කළ සිදුවන්නේ එයයි. එසේ නොමැතිවුවේනම් ජාතික ජන බලවේගය මීට වඩා ඉදිරියට පැමිණෙනු ඇත. එහෙත් සමාජ අවශ්‍යතාව පිළිබදව සිතුවිට ගෝඨාභය ගේ පැමිණිම කිසිසේත්ම  සිදුවිය යුත්තක් නොවේය. සමාජයට අවශ්‍ය ආර්ථික පීඩනයෙන් නිදහස් වීමටය, ජාතිවාදයෙන් නිදහස් වීමටය. ඒහෙත් පාස්කු ප්‍රහාරය හමුවේ මේ සියල්ල යටකොට ගෝත්‍රික වාදය ඉදිරියට පැමිණියේය. එහෙත් මෙම ගෝත්‍රික වාදය මින්මතු හිගමනට වැටෙන සැටි ඇස්මනාපිට සිදුවනු ඇත. නැවත වාමවාදි සටන්පාඨ කරලියට පැමිණෙනු ඇත. එය ගෝඨාභය වැලැක්විය හැක්කක් නොවේය.

ගෝඨාභයට හිට්ලර් මෙන් විය නොහැක. එහෙත් ඔහු නව උප්පරවැට්ටි යොදනවා ඇත.එහෙත් ඔහුට බොදුබල සේනා වැනි සංවිධානවල සරණ යාමට ඒකාන්තයෙන් සිදුවනු ඇත. ඒ වෙනකක් නිසා නොව වාමංශිකයින් කුඩුපට්ටම් කිරීම සදහාය. මෙම නිසා ගෝඨාභය කොතරම් ඉහළින් ජය ගත්තද වම ඉතාම ඉවසිමෙන් සමාජ අවශ්‍යතාවට ආමන්ත්‍රණය කරනුයේනම් වමේ ඉඩ පුළුල් වී ගෝත්‍රික වාදයත් දක්ෂිණාන්ශික දේශපාලනයට සැලකිය යුතු අභියෝගයක් එල්ළ කළ හැකිය. එම නිසා ගෝඨාභයගේ දිනුම තුල ධනවාදයේ පරාජය නිදන්ගතව තිබෙන ආකාරය හොදින් නිරීක්ෂණය කළ හැකිනම් ධනවාදය භියෙන් සලිත වීමටත් වම සක්‍රිය විමත් සිදුවනු ඇත. එම නිසා මෙම මැතිවරණය ධනවාදයේ මරණයට ඔවුන්ම අටවාගත් උගුල් රාශියකි. එම උගුල්වල වැටීම ඉබේ සිදුනොවන අතර ඊට වාම දායකත්වය නොවඩුව ලැබිය යුතුය. එසේ නොවන්නේනම් උගුල් වල වැටුනු පාලකයෝ ලේ හලමින් හති අරිනවා බැලීමට පමණක් වම අවශ්‍ය නොවේ. එම නිසා ඉවසිම මෙන්ම කල්බැලීම අවශ්‍යවනවා සේම සමාජ සංවර්ධනයේ ඊලග මායිම ලකුණු කිරීම වම වහ වහා කළ යුතුය. ඒ අනුව ඉදිරි දේශපාලනයේ  චලිතය තිරණය වනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...