Saturday, November 2, 2019
වෘත්තීය සමිති වාදයට ගියා ජවිපේ අදෝනාව
වෘත්තීය සමිති නිර්මාණය ගොඩනැගීම තරගයක් ලෙස සිදුවෙමින් ඇත. මේ තරගය තිබෙන්නේ ලැබෙන වාසි හෙතුවෙනි. එහෙත් එය සෑම වෘත්තීය සමිතියකටම අදාළ නැත. සමහර වෘත්තීය සමිති නායකයින් වෘත්තීය සමිතිවල අවශ්‍යතාව හෝ වෘත්තීය සමිති ගොඩනැගුණු ආකාරය නොදන්නේය. ඔවුන් එහි වාඩිගත් පසු සිදුකරන පවදම හමුවේ ලැබෙන රුපියල් ගැනීම හැර වෙනත් දෙයක් පිළිබදව ඔවුන් සිතන්නේ නැත.
ලාංකිය ඉතිහාසයේ ඒ.ඊ ගුණසිංහ මහතා ගොඩනැගූ වෘත්තීය සමිති ව්‍යාපාරය ලංකාවේ කම්කරුවන්ගේ අයීතීන් දිනාගැනීමට හා ඒවා අරක්ෂා කිරීමේ පදනම විය. පසුව ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය වෘත්තීය සමිති ගොඩනැගීමට දායක වන්නේ වෙනත් අර්ථයකිනි. ඒ සමාජවාදය උදෙසාය. ලංකාවේ වමාංශික ව්‍යාපාරය වෘත්තීය සමිති නිර්මාණය කොට සිදුකර තිබෙන්නේ ලෙනින් වෘත්තීය සමිති පිළිබදව කළ ප්‍රකාශ ශත්‍ය බව තහවුරු කිරීමය.
වෘත්තීය සමිති යනු ධනේශ්වර දේශපාලන ලෙස හැදින්වු ලෙනින් එහි දේශපාලනය කිරීමට ගිය පසු වෘත්තීය සමිති වාදය නොවැටි සිටින ලෙසට අණතුරු හැගවීය. ලාංකිය ඉතිහාසයේ මෙතෙක් තිබු සියල්ලු වෘත්තීය සමිති සමාජවාදය උදෙසා ක්‍රියා කළේ නැත. ඔවුන් වෘත්තීය සමිති වාදයේ ගොදුරට වැටිගියේය.
වාමාංශිකයන්ට වෘත්තීය සමිති අවශ්‍ය වන්නේ කම්කරුවන්ට වැටුප් වැඩිකර දීම සදහා නෙවන බව සමාජවිප්ලවයක් කිරීමට බලාපොරොත්තුව වන ඕනෑම අයෙකුට අවධාරණය කළ යුතුය. ධනවාදය තුලදී වැටුප් වැඩිකර ගැනීම ආයතනයේ ප්‍රධානියා පන්නා දැමීමට හෝ වංචා දුෂණ වලට එරෙහිවීමට වාමාංශිකයන් අවශ්‍ය නොව්න බවද අවධාරණය කළ යුතුය. ඒවා ඕනෑම අයෙක්ට හෝ තවත් ධනපති දේශපාලන පක්ෂයකට කළ හැකිය. එහෙත් වාමාංශිකයින් කළ යුතු හා ඉදිරි සමාජ සංවර්ධන උදේසා අත්‍යවශ්‍යම දේ නිර්ධනයින්ට තම පන්තිය ගැනත් එහි බලය ගැනත්, සමාජය ධනවාදී කෙදවාචකයෙන් ගලවා ගැනීමට හැකි එකම බලවේගය කම්කරුවන් බව අවබෝධ කළ යුතුය. එය නොකර වෙනයමක් කරන්නේ නාම් හේ වෘත්තීය සමිතිවාදියෙකු මිස සමාජවාදියෙක්කු නොවේ.
සමහර වාමාංශිකයන් වෘත්තීය සමීතිවලට ගියපසූ ඔය කියන විදියට කොහොමද කරන්නේ කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අරගල නොකර වෘත්තීය සමිති වලට ඇවිත් මොකද කරන්නේ වැනි ළදරු ප්‍රශ්න අසනු ඇත. එවිට අපටනම් කිරීමට ඇත්තේ ඔබ වාමාංශිකයෙක් නොවන බව පමණය. එහෙත් වාමාංශිකයන් වැටුප් සටන් කාරන්නේ නැද්ද යනුවෙන් කෙනෙක් ඇසුවෝත් අපි කියන්නේ වාමාශිකයෝද වැටුප් සටන් කරති. ඒත් ඒ අවස්ථාවාදීව නොවේ. වැටුප් සටන් කිරීමට පෙර යුතු බොහෝ දේ ඇත. ඇයි කම්කරුවන් සමග වැටුප් වැඩිකළ පසු ධනපති ආණ්ඩුව භාණ්ඩ මිල වැඩිකරන බව සාකච්චා කළ යුතු නොවන්නේද?. එය සාකච්චා කළ යුතය. එවිට කම්කරුවන් දේශපාලනිකව වෑටුප් ප්‍රශ්නය හා පංති ප්‍රශ්නය පිළිබදව සාකච්චාවට ගෙන ආ හැකිය. එසේම සටන් පාඨ හුදු වැටුප් වැඩීකිරීම පමණක් නොවනු ඇත. එසේම මේහා සමාන නොවන නමූත් තවත් ප්‍රශ්න විශාල ප්‍රාමාණයක් කම්කරුවන්ට තිබේ. ඒවා ගැනද වාමාංශිකයන්ට සාකච්චා ගොඩානගා ගත හැකිය. එහෙත් ඒ වෘත්තීය සමිති හරහා නිර්ධන පන්තියට දේශපාලනය ගෙනයන ආකාරයයි. එසේ නොකොට තම දේශපාලන උවමානාවන්ට කම්කරුවන් භාවිතාකර ලෙහෙසියෙන් වෘත්තීය සමිති කිරම හරහා අවසානයේ ජවිපේ සමාජිකයන් ගෙනෙන අදේනා හැරුණාම වෙනදෙයක්ස් ඉතිරි නොවේ.
ලංකාවේ සාමාජ විප්ලවය පිළිබදව සිතන පිරිස් වෘත්තීය සමිති වලට රිංගාන්නේනම් අඩුම තරමේ වාමාංශික සංවාදයක් හෝ ගොඩනගන්නේ නැත්නම් ඔවුන්ගෙන් පලක් නැත. එසේම මේම සංවාදය රාජ්‍ය අංශයේ සිදු කලාට කම් නැත. එහෙත් සැබෑ නිර්ධනයන් සිටින කටුනායක, බියගම වේළදා කලාප මගහරින්නේනම් එයද තම පහසුව සදහා මෙන්ම අවස්ථාවාදි දේශපාලන ගේම් එකක් වනවා ඇත. එමනිසා හෙට දවසේ ජවිපේ මෙන් ආදෝනා නගන්නට ඉඩනොදි සැබෑ කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment