අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරතිබු ජනාධිපතිවරණ අපේක්ෂකයන් සමග සංවාදය අවසන්ව තිබේ. එම සංවාදය නිර්මාණය කළ යුතුව තිබෙන්නේ ජනමාධ්‍ය හෝ දේශපාලනය මැතිවරණ සම්බන්ධ මැතිවරණ කොමසම හෝ මැතිවරණ නිරීක්ෂණ ආයතන විසිනි. එය වඩාත් සාධාරණව මත ජනතාවට ගෙනයන ක්‍රමයකි. එහෙත් ඒ සියලු ආයතන එයින් වැලකී සාධාරණ මැතිවරණයක් පිළිබදව පුස් වෙඩි පත්තු කරමින් තිබේ.
මේ තත්ත්වය මෙසේ තිබියදි අන්තරේ මෙම දේශපාලන සංවාදය නිර්මාණය කිරීම සාධනීය වේ. එහෙත් එය පැවැත්මට සිදුව තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවවීම කෙදනීය නොවන්නේද? කැලණිය විශ්වවිද්‍යාලයේ ලෙනින් ශාලාව,කළමනාකරණ පීඨයේ මෙන්ම කලා පීඨවල ශාලා වලට කුමක් වීද යන්න ගැටළුවකි. කැලණිය විශ්වවිද්‍යාලයේ අමන පරිපාලනය ශිෂ්‍යයින්ට විවිධ දේශනා තියමින් ප්‍රකාශ කරන අතිපන්ඩිත කතා කොහිද යන්න ඇසිය යුතු නොවන්නේ ද?
ශිෂ්‍යයින් විසින් සිදුකරන මෙවැනි කාර්‍යකට සහය නොදක්වන්නේනම් විශ්වවිද්‍යාල පරිපාලනය කුමක් සදහා සිටින්නේද යන්න ඇසිය යුතු නොවන්නේද ? විශ්වවිද්‍යාල පරිපාලනයේ කාර්‍ය වී තිබෙන්නේ ශිෂ්‍යයින්ට බොරු චොදනා කිරීමටත් ඔවුන්ගේ පංති තනම් කිරීමටත් ඔවුන් හිරේ යැවීමට පමණක් ද යන්න ඇසිය යුතු නැද්ද? එසේම මේවා දෑහින් බලා නිහඩව සිටින ආචාර්යවරු කොහිද? නුඹලා කුමක් කරන්නේද? නුඹලා සිටින්නේ ශිෂ්‍යයින් ගේ නිවෙස්වලට දුරකතනයෙන් කතා කොට දෙමාපියන් භිය වැද්දීමටත් මාධ්‍ය ඉස්සරහාට ගොස් අති පණ්ඩිත කතා කීමට පමණක්ද? යන්න ඇසිය යුතු නොවන්නේද?
ලංකාවේ විශ්වවිද්‍යාල තිබෙන්නේ මෙවැනි තත්වයකය. මෙම නිසා පළමුව රටට විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කළ යුතුය. මෙම නිසා ස්වාධීනව සිතන නිර්මාණශීලිව සිතන නව චින්තනයට පාර සොයන විශ්වවිද්‍යාය නිර්මාණය කළ යුතුය. එමනිසා අමන පාලකයින්ගේ අඩිපාරේ යන මාහාචාර්‍ය පට්ටම් ලාභින් තවදුරටත් කිසිවෙකුට අවශ්‍ය නැත. නුඹලා පාලකයන්ගේ හෙන්චයියන් වෙනතරමට අනාගතය අදුරුය. එමනිසා මෙම හෙන්චයියන්ගේ බලය පරාජය කිරීම ශිෂ්‍ය ව්‍යාපාරය කළ යුතුම කාර්යක්ව තිබේ.

No comments:
Post a Comment