මේ සියල්ලම හේතුව ලෙස සදහන් වුයේ කොළඹ පිරිසිදු වාතයට ඉන්දියාවේ නවදිල්ලියෙන් පැමිණි විෂ වායුම් හේතු වු බව සදහන් කොට තිබිණි. එය ඇමරුකන් තානාපති කාර්‍යාලය ද තහවුරු කොට තිබේ. ඇත්තෙන්ම කොළඹ වාතය අපිරිසිදුව තිබෙන්නේ ඉන්දියාවේ විෂ වාතය නිසාද එය කෙසේ සිදුවුයේද යන්න කිසිවෙක් අසන්නේ නැත. නමුත් එම මාධ්‍ය වාර්තා වලට අනුව ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. කොළඹ වාතය දුෂණය වී ඇතිබවට වු ප්‍රවෘත්තියේ සත්‍ය තාවය පිළිබදව ප්‍රශ්නයක් අපට නැත. නමුත් එය සිදුව තිබෙන්නේ නවදිල්ලියේ සිට පැමිණි. විෂවායු නිසාද නැත්නම් සත්‍ය වශයෙන්ම කොළඹ වාතය දුෂණය වී තිබේද? යන්න පිළිබදව නිවැරදිව දැනගත යුතුව ඇත.
නවදිල්ලියෙන් පැමිණෙන විෂවායු පැමිණිය යුත්තේ සුළං මාර්ගයෙනි. නවදිල්ලිය හරහා පැමිණෙන සුළං කොළඹට නොපැමිණෙ
න බව අප ප්‍රකාශ කරන්නේ නැත. නමුත් එම සුළං පැමිණෙන්නේ කොළඹට පමණක්ද යන ගැටළුව අපට තිබේ. එසේ පැමිණෙන සුළං වල පවතින ධුවිලි කොළඹ පමණක් නැංගුරම් දමන්නේ කෙසේද යන්න ගැටළුවකි. එසේම මෙහි බලපෑම ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත වෙත ගමන්කොට නැද්ද? මේ ප්‍රකාශය සත්‍ය නම් එවාද කොළඹ වාතය මෙන් දුෂණය වි තිබිය යුතුය. නිරිතදිග හෝ ඊසාන දිග මෝසම් සුළං හමා යන්නේ කොළඹ හරහා පමණක් නොවේය. විශේෂයෙන් ඊසාන දිග මෝසම උතුර නැගෙනහිර වැනි පාළාත් හරහා හමායයි. එසේම එහි බලපෑමට කදුකරය දක්වා වූ බොහෝ ප්‍රදේශ ද ලක්විය යුතුය. එහෙත් මේ වාර්තා අනුව එහි බලපෑම තිබෙන්නේ කොළඹට පමණක්වීම පිළිගත හැකිද?
එසේම නිරිතදි මෝසම් සුළං ද කොළඹට පමණක් නොව තවත් ප්‍රදේශ ගණනාවකට බලපෑම් කරයි. නමුත් නවදීල්ලී දූෂණ වාතය නතර වී තිබෙන්නේ කොළඹ පමණක් වීම විශේෂත්වයක් නොවේද? මෙම නිසා මෙම ප්‍රවෘත්තියේ සදහන්වන කොළඹ වාතය දුෂණය වී තිබිම සත්‍යයක් වුවද එම ප්‍රවෘත්තියෙන් ප්‍රකාශ නොවන තවත් දේ තිබිය හැකි බවට උපකල්පනය කළ හැකිය.
එම ප්‍රවෘත්තියට අනුව කොළඹ වාතය දුෂණය වී ඇත්නම් එය සිදුව තිබෙන්නේ න්ව දිල්ලි විෂදුම නිසාම පමණක් නොවන බව අවධාරණය කළ හැකිය. එසේම නවදිල්ලි සුළගෙන් ගසාගෙන පැමිණි විෂට වඩා විෂ කොළඹ තිබෙන බව සත්‍යක් විය යුතුය. අප එය ප්‍රකාශ කරන්නේ නවදිල්ලියෙන් පැමිණි සුළගේ විෂ කොළඹ පමණක් නොව ලංකාවේම වාතය දුෂණය වීය යුතුය. එසේම කොළඹ වාතය දුෂණය වී නොමැතිනම් අනෙක් ප්‍රදේශ වල වාතයට ද දිල්ලි විෂ ඇතුළු නොවුනේ කුමක් නිසාද යන්න සිතිය යුතුය. එසේම කොළඹ වාතය සුළු වශයෙන් පමණක් දුෂණය වී තියදී දිල්ලී වාතය පැමිණ කොළඹ වාතය දැඩි දුෂණයකට ලක් ලලේද? එය එසේ වනවානම් ලංකාවේ අනෙක් ප්‍රදේශවල වාතය කොළඹ මෙන් නොවුනත් දැඩි දුෂණයකට ලක්ව තිබිය යුතුය. මේ කරුණුකාරනා මෙසේ තිබියදි අවසාන නිගමනය ලෙස කොළඹ වාතය දැඩි ලෙස දුෂණය වී තිබිය යුතුය. ඊට දිල්ලි වාතයෙන් යම් ප්‍රමාණයක බලපෑමක් පැවතියද එය කොළඹ වාතය දුෂණය වී තෙබෙන තරම් වු ප්‍රමාණයක් නොවන බවය. එසේ නැත්නම් මේ සියල්ල සිදුවන්නේ දිල්ලි වාතයෙන්නම් ලංකාවේම වාතය දුෂණය විය යුතුය. ඒ කෙසේ වෙතත් ලක්කාවේ ජනතාවට හුස්ම ගැනීමටවත් සුදුසු වටපිටාවක්වත් නිර්මාණය වී නොමැති බව අවධාරණය වේ.





No comments:
Post a Comment