ටොක්කා අපුරූ මිනිසෙකි. ඔහු නමින් සිසිත ප්‍රියංකරය ඔහු ජීවත්වුයේ මෝදරය.. ඔහුට මාස 6 වනවිට තම දෙමාපියන් අත් හැරිමට සිදුවිය.ඔහු හැදී වැඩුණේ ආච්චි ලගය. නැන්දා ලගය. ආච්චි ලිලියන් ෆොන්සේකාය, නැන්දා ධම්මිකා ප්‍රියදර්ශනීය. ආච්චි මෙන්ම නැන්දා ඔහුට බෙහෙවින් ආදරය කළේය. ඔහු හැදි වැඩුණු පරිසරය කිසිදිනෙක අලුත් ලොකයක් ගැන සිතීමට බලකරන්නක් නොවේ. නමුත් ඔහු එම ලෝකයට නව ලෝකයක් තිබෙන බවට බල කළේය. ඔහු පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ මෝදර ඩිලාෂාන් මධ්‍ය විද්‍යායෙනි. ඔහු වානිජ අංශයෙන් 2011 වර්ෂයේ දී විශ්වවිද්‍යාල ප්‍රවේෂය හිමිකර ගත්තේය. ඔහුගේ පළමු විශ්වවිද්‍යාලය වුයේ කැලණිය විශ්වවිද්‍යාලයයි. පසුව ඔහුට රුහුණු විශ්වවිද්‍යාලයේ කලමණාකරණ පීඨයට ඇතුලත් විය.
සාධාරණ සමාජයක් අවශ්‍ය නොවන්නේ කාහටද? ඇත්තෙන්ම එවැන්නෝ සිටින්නේ ධනපති පන්තියේය. සාධාරණය අවශ්‍ය නිර්ධනයින්ටය. තමන්ගේ වටපිටාව නිරවුල් කිරීමට ටොක්කා වෙහෙසෙන්නේ එහෙයිනි. ඔහු වටාසිටින කොල්ලෝ කුරුට්ටෝ එකතු කළේය. ඒ තමන්‍ට සිතෙන දේ කීමටය. ඔහුගේ සිතේ ඇදි බොහෝ දේ යහළුවන්ට කීවේය. යහළුවෝ සියල්ල අනුමත කළ නමුත් මේ සමාජය නිවැරදි කරන්නේ කෙසේද යන්න ඔවුන් නොදත්තේය. එහෙත් ඔවුන් ක්‍රියාත්මක නොවි සිටියේ නැත. ඒ ඔවුන් දන්නා ආකාරයටය. ඔවුන් දන්සල් සංවිධානය කළේය. ඔවුන් ක්‍රිඩා උත්සව සංවිධානය කළෝය. ආගමික උත්සව සංවිධානය කළෝය. මේ ටොක්කාගේ ලෝකයයි. ඔහු අසීමාන්තික ලෙස සමාජයට ප්‍රේම කළ අයෙකි. එමනිසාම ඔහු වටා විශාල යහළුවන් පිරිසක් එක්රොක් වන්නට විය.
මෝදරට නව නායකයෙක් ගොඩනැගෙන බව සියලුම දෙනාටම දැනෙමින් තිබුණේය. මල ගෙදරක මගුලක හෝ පොදු වැඩක දි ටොක්කා පෙරමුණේ සිටියේය. බොහෝ දෙනා ක්‍රියාත්මක වීමට පෙර ඔහු සමග සාකච්ඡා කළේය. ඒ ඔහුගේ ක්‍රියාවලිය සමාජය පිළිගත් ආකාරයයි. ඔහුගේ මෙම ක්‍රියාකාරිත්වයට විශ්වවිද්‍යාල ප්‍රවේෂය සමග වැඩි වටිනාකමක් එකවන්නට විය. මෙය සැඩපහරට එරෙහිව ගමන් ගන්නෙක් බවට පත්විය. එහෙත් ඔහු වඩා වැඩි ගුණාත්මක ක්‍රියාකාරිත්වයක් අත්පත් කරගන්නේ විශ්වවිද්‍යාලයේදීය.
මුලුන්ම ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ කලමණාකරණ පීඨයට ප්‍රවේෂ වුවේය. කැලණියේ ඔහුට ලැබුණු අද්දැකිම් එතරම් සුවපහසු නොවීය.සාමාන්‍යයෙන් අනෙකුත් ශිෂ්‍යයින්ගෙන් ඔහු වෙනස්ය. ඔහුගේ භාෂා විලාසය. ආගන්තුකය. ඔහු කිසිවෙක්ට බියක් දැක්වුවේ නැත. ඔහුට රැගින් යනු විගඩමකි. ඔහු විගඩමට එරෙහි විය. ඔහු ඉදිරියේ දෙවන වසර ශිෂ්‍යයින් හොදින් නාගෙන ගියේය. නාගත් උදවිය තමන්ගේ බින්න පෞර්ෂය ගොඩදා ගැනීමට අනෙකුන්ගේ සහය පැතීය. සහයට ආ උන් ද එසේ අයය. එහෙත් බොරු තර්ජන හා බැන වැදීම් තුලින් ටොක්කා බිය ගැන්වීමට නොගත් උත්සහයක් නැත. එහෙත් ටොක්කා එක් වචන ප්‍රහාරයකින් සියල්ල සුණු විසුණුකර දැමිය. 'උඹලට පොරක් වෙන්න ඕනනම් මෙහෙම ගොන්පාට් නොවි ඉන්නවත් හිතපල්ලා' මෙම උපදෙසය අද කැලණියේ ශිෂ්‍යයින්ට ද වලංගුය. මෙම කාලය තුල අප්ප්‍රමාණව තමන් විසින් තමන්වම ගොනාට ඇන්දවීම නිරන්තරයෙන් සිදුවේ.එසේ ගොනෙක් නොවීමට සිතන ඈයන්ට ටොක්කාගේ ප්‍රකාශය සිහිකර ගැනීම යෝග්‍ය වේ.
කැලණියේ දී ටොක්කාගේ නොහික්මුණුකම් වලට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ බැට දෙන්න සුදානම් විය. ඒ වනවිට ටොක්කාට රුහුණු විශ්වවිද්‍යාලයට යාමට අදස්ථාව ලැබුණේය. ඔහු කැලණියට සමුදුන්නේය.
ඔහු කැලණියෙන් ගිය පසු මාහට ලග සබදතාවයක් නොවිය. විටෙන් විට අන්තරේ උද්ඝෝෂණ වලදි ඔහු මට මුණ ගැසෙන්නේය. එහිදී අප අතරේ කෙටි පිළිසදරක් ගොඩනැගෙන්නේය. එහිදි ඔහු ප්‍රකාශ කළ දේ අනුවත් ඔහු මරාදැමු පසු රුහුණු විශ්වවිද්‍යාලය යේ ඔහුගේ සටන් සගයන්ගේ ප්‍රකාශ අනුව මින්පසු මෙම ලිපිය පෙළ ගස්වා තිබේ.
ඔහු දැන් රුහුණු විශ්ද්‍යාලයීය කලමණාකරණ පීඨයේ ශිෂ්‍යයෙකි. එහිදී ද කැලණියේ මෙන් ගොන්පාට් රශියකට මුහුණ දීමට සිදුවිය. ඔහු ඒවා එතරම් ගණන්ගත්තේ නැත. ඔහු ඒ වනවිටත් එහි කලාව හදුනාගෙන සිටියේය. දෙවන වසර වීරයන්ගේ වීරකම් රදා පවතින්නේ මාසයක් පමණ කාලයක් බව දැන සිටියේය. ඉන්පසු වීරයෝ ගොබ්බයෝ වන්නේය. එතෙක් ඔහු තමන්ගේ බැජ් එකේ විශාල පිරිසකගේ ආදරය දිනා ගැනීමට සමත්විය. ඔහු කිසිවකට තනිව මුහුණ දෙනවා වෙනුවට සංවිධානාත්මකව අරගල කළයුතු බව දැන සිටියේය.
ඒ සමගම ඔහුගේ ජීවිතයේ විමුක්තිය රදා පවතිනේ කුමක් මතද යන්නට පිළිතුරු ලැබෙන්නට විය. පිළිතුරු එකවර අංග සම්පුර්ණ නොවුණු නිසා නිතැතින්ම ඔහු තුල ප්‍රශ්න දහස් ගණනක් නිර්මාණය විය. ඒ අතර අන්තරේ කැදවුම්කරු පැමිණ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය පිළබදව කතා කළේය. ඒ සමග අරගලකාරි ටොක්කාගේ අරගලයට පණ ලැබෙන්නට විය. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයට සවන්දීමෙන් පසු ඔහු ශිෂ්‍ය සංගමයට ගොඩවැදුනේ ඔහුගේ ප්‍රශ්න සදහා පිළිතුරු සොයා ගැනීමටය. ඔහු දැන් වෙනදාට වඩා මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් වලට මැදිහත් වේ. නිතරම ඔහු ප්‍රශ්න නගමින් බොහෝ දේවල් අහුලා ගනිමින් සිටියේය. ඔහුගේ අධි ක්‍රියාකාරත්වය පැමිණෙන්නේ මින් අනතුරුවය. එය ඔහුගේ ජීවිත මාර්ගයේ තැබු අමාරුතම හා සතුටුදායකම තීරණය විය.
ටොක්කා නව ගමනට පය තබන්නේ සියලු විශ්වවිද්‍යාල වටකොට මර්දනය ක්‍රියාමක වන මොහොතකය. මර්දනය ඔහුට අදාළ වුවක් නොවීය. ඔහු හති දම දමා බලා සිටින්නෙක් නොවේ. ජලයේ ගැඹුර කොතෙක් උවත් ඔහු පිහිනිමට දැන්නේය. ජලයේ ගිලෙන බව හැමෝම දන්නේය. නමුත් ජලයට බිය වි පිහිනවාද නැද්ද ජලයේ ගිලෙයිද නැද්ද යන්න ගැන ඕනෑම අයෙකුට සිත සිතා සිටිය හැකිය. ටොක්කා එසේ නොවේ. ඔහු පිහිනිමට උගත්තේය. එම නිසා ඔහු ලැබෙන අනතුර කුමක් උවත් ඊට එරෙහිවද සටන් කිරීමට ඔහු තීරණය කොට තිබිණි.
මර්දනය හමුවේ. පලා යන්නෝ බොහෝ විය. ටොක්කා පලා නොගියේය. ඔහු සක්‍රිය විය. නෑසුකන් ඇත්තවුන්ට ඇසෙන්නට හඩ නැගුවේය. මෙසේ සිටින විට කැලණියේදී හමුවු ආදරණිය මිත්‍රයා, සහෘදයා, ආරක්ෂකයා රුහුණට පැමිණ සිටියේය. ඔහු වෙනෙකෙකු නොව මාතලං ය. මතලං රුහුණු විශ්වවිද්‍යාලයේ අන්තරේ සංවිධාන කටයුතු සදහා මාතලං පත්කොට තිබිණි. ටොක්කාට මෙම පුවත සතුට දනවන්නක් විය. සහෝදරයා යනු සටනේදි අත්නොහැර එක්ව ලගින්ම සිටින්නාය. ටොක්කාගේ සතුට අපිරිමිත වුයේ ඒ අර්ථයෙනි. දැන් රුහුණේ නයකත්වය මාතලං අතය. ඔහු කැලණියෙන් ලද අද්දැකීම් මත රුහුණ කෙලින් සිටුවිම ආරම්භ කළේය. මර්දනය සියලු තැන් අරක්ගෙනය. නවකවදය නමින් පැමිණ තිළිණි කව්මිණි මාස 6කට සිරකළ විට බොහෝ ඇයෝ සටන අත්හැරීයේය. තවත් පිරිසක් පැහැර ගැනිමට තැත්කළ අවස්ථාවලදි මරණ බියෙන් පැන දිව්වේය. අවසනයේදි එකළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වු ----පැහැර ගැනීමත් සමග ඉතිරිව සිටියේ කවුද? ඒ කිසිවෙකුට යටත් නොවන මිනිසුන්ය. ඔවුන් ඉතාම පොඩි ප්‍රමාණයකි. ඒ අතර මාතලං සහ ටොක්කා ප්‍රමුඛත්වයන් විය. පාලකයෝ තමන්ව කොයිමොහොතක හෝ මරා දමන බව දැන සිටියේය. එවැනි මොහොතක සටන අත්නොහැර සිටියවුන් හදුන්වන්නේ කුමන නමකින්ද? මා හට නම් ඒ නම ශිෂ්‍ය වීරයන් ලෙස හැදින්විම ප්‍රමාණවත් වන්නේ නැත. ඔවුන් හෙට දවසේ පීඩිතයන්ට මග කියන සැබෑ මිනිසුන් ය.

No comments:
Post a Comment