Saturday, September 1, 2018

පුහුණුවට ගත් රැකියා විරහිතයින්ට ආණ්ඩුව ලබා දෙන දඩුවම්

රාජපක්ෂ ආණ්ඩුව රැකියා විරහිතයින්ට රැකියා ලබාදීමේදී වසරක පුහුණු කාලයකට යටත් කළේය. එසේම ඔවුන් උපාධිධාරින් හැකිපමණ තම ඡන්ද ව්‍යාපාරයට යෝදා ගත්තේය. මේම අසාධාරණය දුටු රනිල් උන්නැහේ මෙන්ම ජවිපේ මහත්වරුද එය තම දේශපාලන ව්‍යාපෘතියට යොදා ගත්තේය. රනිල් ඒ වෙලාවේ උපාධිධාරින් ගේ වටිනාකම මෙන්ම උපාධිධාරින් ගේ ගැටළු මහා පඩිවරයෙක් මෙන් විග්‍රහ කළේය. එහෙත් අද ඔහු බලයට පැමිණ රාජපක්ෂ මෙන් වෙනත් ආකාරයකට උපාධිධාරින්ට වද දෙමින් සිටියි. එකළ ජවිපේ අනුර මහා විප්ලවවාදියෙක් මෙන් දිගින් දිගටම වාග් ප්‍රහාර නිකුත්කර අද රනිල් සදාචාරය පවා කෙලෙසද්දි කිසිදු සද්ධ බද්ධයක් නොමැතිව ඇසු කංනැතිවුන් සේ බලා සිටියි. මොවුන් උපාධිධාරින් පුහුණුවක් නොමැතිව බදවාගත යුතුයැයි කිසිම මොහොතක සදහන් කරන්නේ නැත.

උපාධිධාරින්ට එරෙහිව රාජපක්ෂ මෙන්ම රනිල් මෛත්‍රී කරන්නේ කුමක්ද? පසුගියදා පුහුණුවට ගත් උපාධිධාරින්ට ලබාදුන් ලිපියෙහි කොන්දේසි කිහිපයක් ඇතුලත් කොට ඇත.

01.නිවාඩු නැත.

 පුහුණු ආරම්භ වු මොහොතේ සිට වසරක් යන්තෙක් කිසිදු නිවාඩුවක් ගත නොහැක. අසනීප උවහොත් පමණක් නිවාඩු දෙකක් පමණක් ගතහැකිය. එයද වෛද්‍යවාර්තාවක් නොමැතිව ගත නොහැක.

02.ආයතන ප්‍රධානියා ගේ නිර්දේශය මත රැකියාව අහිමි විය හැක.
පුහුණුවේදි කිසිවෙකුට කිසිදු නීතියක් හෝ කිසිදු ක්‍රම වේදයක් නැත. තිබෙන එකම ක්‍රම වේදය ආයතන ප්‍රධානියාගේ කැමැත්ත හා අකමැත්ත පමණි. ඔහුට පුහුණුවන්නන් නැවත රැකියා විරහිතයින් කළහැකිය.

03. ශෝට් ලිව් නැත. වැඩ පමණි.

මෙම පුහුණුවේදී පැය 8ම වැඩ කළ යුතුය. කිසිවෙක් එසේ නොකරන්නේනම් ඔහුට හෝ ඇයට රැකියාව අත්හැර යා හැකිය.

04. ප්‍රසූත නිවාඩු නැත.

කිසීම කාන්තාවකට  මෙම කාලය තුල දරුවෙකු හැදීම තහනම්‍ ය. එය එසේ වන්නේ යම් කාන්තාවක් ගැබිණියක් වුවේ නම්, ඇය අනිවාර්යෙන් රැකියාව අත් හළ යුතුය.

එවැනි තවත් කොන්දේසි රාශියකි. ආණ්ඩුව මේ කොන්දේසි දමා තිබෙන්නේ අධ්‍යාපනයේ උපරිමයට ගිය උපාධිධාරින්ට ය. දැන් සමාජයම නිහඩය. එහෙත්  මෙම නිහැඩියාවෙන් ආණඩුව ජනතාව තවත් පිඩාවට පත්කරන ක්‍රියාමාර්ග ගනු ඇත. ඊට ජනතාව දක්වන ප්‍රතිචාරය අනුව ආණ්ඩුව මෙවැනි ලැජ්ජා නැතිව කටයුතු කිරීම පිළිබදව දෙපාරක් සිතනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...