Friday, September 14, 2018

මාතලං ජවිපෙට එරෙහිවුයේ ඇයි?

මාතලං අරගල කරුවෙක් වන්නේ බැරියර් ඉදිරියේ පමණක් නොවේ. ඔහු තමන් විස්වාස කරන මතවාදයට එරෙහිවන සෑම මොහොතකම අරගලයට ප්‍රවේෂ වේ.2009 වර්ෂයේදී සමාජවාදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්ට දේශපාලන සාකච්චාවක් පවත්වන ලදි. ඊට පැමිණියේ ජවිපේ දේශපාලන මණ්ඩලයේ  නායකයකයෙකි. ඔහු තම කරුණු පැහැදිළි කිරීමේදි නිදහස් අධ්‍යාපනයත් පුද්ගලික අධ්‍යාපනත් එකට පැවතිය හැකිය යන අදහස ඉදිරිපත් කරන ලදී. ඊට එවකට සිටි සමාජවාදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් දැඩි ලෙස විරෝධය පල කරන ලදි. එම විරෝධය පල කිරීමේ පුරෝගාමියෙක් ලෙස මාතලං කැපීපෙනෙන කර්ය භාරයක් ඉටු කළේය. එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තෙක් මාතලං තම සටන මෙහෙයවුවේය. අවසන එය ඉල්ලා අස්කර ගත්තේය. ජවිපේ ප්‍රතිපත්ති පිළිබඳව බොහෝ අවස්ථාවල මාතලං ගැටුනේය. එසේම තමාට පැවරුණු කාර්යන් නොපිරිහෙලා ඉටුකළේය.

රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනය දැඩිවන්නට විය. බොහෝ ශිෂ්‍යයින් පලාගොස් හමාරය. ඉතිරි වුයේ කිහිපදෙනෙකි. කලයුතු වැඩකොටස තවත් වැඩිවිය. එහෙත් අතේ මුදල් නැත. පෝස්ටරයක් ගැසීමට කිසිවෙක් පැමිණෙන්නේ නැත. එහෙත් සමහර දිනවල ඒ සියල්ල තනිව නිම කිරීමට මාතලංට සිදුවිය. එහෙත් පලා ගියවුන් ගැන අමනාපයක් ඔහුතුල නොවිය. ඔහු තම විස්වාසය අනුව වැඩ කළේය.

2009 වර්ෂයෙන් පසු අන්තරේ ක්‍රියාදරයන් පවා අඩුවිය. දැන් ආණ්ඩුව සැරසෙන්නේ කුමටදැයි අප සියලුදෙනා හොදාකාරවම දැන සිටියෙය. එදා අප අතර සිටියවුන් ගෙන් කවරෙකුට හෝ නැත්නම් කිහිප දෙනෙකුට ජීවත්වීම හමාර කිරීමට සිදුවන බව දැන සිටියේය. ඒ පිළිබඳව අන්තරේ ද විවිධ අදස්ථාවල සාකච්ඡා කළේය. එහෙත් සටන අතහැරිය නොහැක. ඒ මොහොතේ අපගේ ආරක්ෂාව ද ජවිපෙට සම්පුර්ණ කළ නොහැකි බව දැන සිටියෙමු. අඩුම තරමින් අන්තරේ කැදවුම්කරු සංජීවගේ ආරක්ෂාව සැපයිම පවා කළ නොහැක්කක් විය. එමනිසා ඒ මොහොතේ අපගේ ආරක්ෂාව ස්වයං ආරක්ෂාව බවට පත්විය. ස්වයං ආරක්ෂාව යනු ආරක්ෂාවක් නොව අනාරක්ෂිත තාත්වායකදි කටයුතු කරන ආකාරයක් පමණි. මේ වනවිට ශිෂ්‍ය ක්‍රියාකාරිත් සියදෙනෙකුට අදික ප්‍රමාණයක නිවෙස්වෙත බුද්ධි අංශයෙන් ගොස් හමාරය. එය ත්‍රස්තයෙන් පිරි කාලයකි. එකී කාලය නිමා කිරීමට මාතලං වැනි මිනිසෙකුට හැර වෙනෙකෙකුට කළ හැක්කක් නොවේ. හොදම සොල්දාදුවෝ හමුවන්නේ යුද්ධයකදීය. එමනිසා මාතලං ගේ ධෛර්යය කටමත දෙඩවීමට වඩා බෙහෙවින් අසීරු බව සිහිපත් කළ යුතුය.

අසීරු කාලය ආරම්භ වී වසරක් යන්නටත් මත්තෙන් එය සාමාන්‍ය කරණය විය. සෑම දිනකම පහරකෑම්ය, සිරගත කිරම් ය.  එක පංති තහනමක් ඉවර වන්නට මත්තෙන් තවත් එකක්‍ ය. ශිෂ්‍ය ව්‍යාපාරයේ සෑම ක්‍රියාකාරකමකටම පසු නඩු තුන හතරක් තැගි ලෙස ලැබෙන්නේය. එක් පුද්ගලයෙකුට  මාසයේ  දින 10 වඩා උසාවියට යාමට සිදුවිය. සමහර නඩු කුමක් නිසා දමන්නේද යන්න පවා දන්නේ නැත. සමහර නඩුවල සිටින්නේ කවුද යන්න පවා දන්නේ නැත. එම නිසාම මාසෙකට තිබෙන නඩු සංඛ්‍යාව පැටල්ලැවි අනිවාර්යෙන්ම එකක් දෙකක් මග හැරීම අනිවාර්ය විය. මගහැරුණු නඩුවලට නැවත වරෙන්තු කිරීම කුඩුකාරයන්ට විනොදයක් විය. ඒ අනුව පොලිසිය ආයුධ සංනද්ධව ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ නිවෙස් වටකරනු ලබයි. මව,පියා දණ ගස්වා ප්‍රශ්න කරනු ලබයි. ඒ සමගම කුණුකතා,කුණු හරුප විමානයකට කැදවාගෙන යයි. ඊට පෙර පන්සලේ හාමුදුරුවෝ ග්‍රාම සේවක මහතා හමුවි මෙම අපරාධකාරි ශිෂ්‍ය ක්‍රියාකරීන්ගේ නිවෙස් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනිසාත් ගමේ ප්‍රභූ මහතුන් හමුවී ශිෂ්‍යයින් ගේ දඩබ්බරකම් කියා තිබීම නිසා මෙම අපරාධ ලෙහෙසියෙන් කළ හැකිව තිබිණි. ශිෂ්‍ය ක්‍රියාකාරින් කුදලාගෙන යාමට හැකිවු අවස්ථාද විය. එහිදී ගම මැදින් ප්‍රසිද්ධියේ රැගෙන ගොස් ජීප් රථයට නන්වා ගෙනයාම පොලිසියේ මහතුනට අනුගමනය කිරීමට දුන් උපදේශයකි. මේ සියල්ලු වද වේදනාවන්ට මාතලං සහෝදරයා ට මුහුණදීමට සිදුවිය. එහෙත් අද කයිවාරු ගහන මාතලං ගේ සතුරෝ එදා මේ සියලු අපරාද ඉවසා සිටිමින් මුණුවත රැක්කේය. ඇත්තෙන්ම මෙම මර්දනයට හසුවීමට ඔවුන් කැමතිවුයේ නැත. එමනිසා ඔවුන් සුව යහනේ සැතපෙද්දී මාතලං කෙනෙකුට සිතාගත නොහැකි වදවේදනා වින්දේය.

2010 මැද භාගය වන්විට සයිටම් ආයතනයට එරෙහි අරගලය අඩපණ විය. බොහෝ වෛද්‍ය ශිෂ්‍යයෝ මර්දනය හමුවේ පන්තිවර්ජනය නවතා දැමීය. ඊට එරෙහිව කතා කිරීමට සිටි මිනිසුන් ගණන අල්ප විය. එහෙත් සටන අත්හල නොහැක. මෙමෙ නිසාම ඉතිරි වු සටන් සගයෝ සයිටම් විරෝධි අරගලයේ  කාර්යන් තමන් සතුකර ගත්තේය. මේ පිරිස 14ක් පමණ විය. ඒ අතර මාතලං ද විය. දැන් ලොකු උද්ඝෝෂණ කළ නොහැක. කළයුත්තේ ජනතාව දැනුවත් කිරීමය. ඒ සදහා කැටයක් ගෙන බස් රථයට ගොඩ විය. ජනතාව ඉදිරියේ අධ්‍යාපනය විකිණීමට සැරසෙන ආකාරය කීවේය. ආරම්භය අමිහිරි විය. බොහෝ බස් රථවලින් පන්නා දැමීය.බස් රථයට ගොඩවීම අපහසු උවත් ගොඩ වු බස්‍ රථ වල්දී බොහෝ කාලගොට්ටිවලට මුහුණ දීමට සිදුවිය. එහි ප්‍රතිඵලය නැවත බස් රථයෙන් එළියට ඇද දැමීය. උදේ සිට වෙහෙස නොබලා උගුර ලේ රහ වෙනකම් කෑ ගැසුවත් ආධාර වශයෙන් කැටයට රු 50 ක් වත් නොවැටුණු තරම්ය .මෙම මුදල් අවශ්‍ය පත්ත්‍රිකා, පෝස්ටර් මුද්‍රණයටවත් ප්‍රමාණවත් නොවීය. එම නිසාම කිහිප දෙනෙක්  මාරුවෙන් මාරුවට කැලණියේ පිහිටි තේ ඇසුරුම් කර්මාන්ත ශාලාවක වැඩකරන්නට සිදුවිය.  ඔවුන් සමහර  කේටරින් සර්විස්වල වේටර්වරු විය. ඒ ජීවත් වීම සදහා නොව අරගලය සදහාය.


ඉන් අනතුරුව ගම්වල හන්දීගානේ ජනතාවට කතා කිරිම ඇරැඹුවේය. නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට හැකියැයි සිතන්නෝ සිටියේ අල්පයකි. සමහර සාකච්ඡා වලට එකතුවුයේ දෙදෙනෙකි. බොහෝ කලාතුරකින් පස්දෙනකු පැමිණ සිටියේය. පොළවල්වල පත්ත්‍රිකා බෙදා හැරියේය. සමහර විට ඉතා කුඩා කණ්ඩායම් එකතුකොට ඉතා කෙටියෙන් දැනුවත් කිරීම්  කළේය. මේ සියල්ල කළේ ගල් ගැසුණු පොළොවක් සමගය. අස්වැන්න නේලීමට තව බොහෝ කල් තිබේ. දැන් බිම පෙරාළා බීජ වපුරිය යුතුය. එය  මාතලං ඈතුළු ක්‍රියාකාරින් තම උපරිම ශාක්තියෙන් ඉටු කළේය. ඊට මුහුණ දීමට සිදුවු දුක් කම්කටොළු අපමනය.

මේ  වනවිට කළු ගග ව්‍යාපෘතියේ තවත් අදියරක් ආරම්භ කර තිබිණි. ඒ මොරගහකන්ද ජලාශ ජලාශ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ ආරම්භයේම ප්‍රශ්න රාශියක් නිර්මාණය කොට තිබිණි. මාතලේ දිස්ත්‍රික්කයට  අයත් මේම ප්‍රදේශය යටින් හුණු ගල් තීරුවක් පවතින බව භූ විද්‍යා සමීක්ෂකයින් කරුණු දක්වා තිබිණි. එහෙත් පාලකයෝ ඊට සවන්නොදී ව්‍යාපෘතිය ඇරුඹීය. දැන් එම ව්‍යාපෘතිය නිමවී තිබේ.මාතලංගේ සිරුර සමග මාතලං  ගේ කඹරව ගම ජලයට යටකෝට තිබේ. නමුත් එම ව්‍යාපෘතියේ දෙවන ගැටළුව වුයේ වර්ෂ ගණනාවක් පාදිංචිව සිටි උරුමකරුවන් පන්නා දෑමීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටියේය. එමනිසා මාතලං මෙම ව්‍යාපෘතියේ අසමත්කම් ගැන , එහි අරමුණු ගැන  හා ඉන් පිඩාවට පත්වන ගම්වාසින් ගැන කාතා කිරීම ඇරඹුවේය. ඒ අනුව මොරගාහ කන්ද ව්‍යාපාරයේන් පිඩාදට පත්වුවන් ලෙස  සංවිධානයක් ගොඩනැගිය. මාතලං එහි කැපීපෙනෙන කර්යක් සිදු කළේය. ඔහු මහපොලොවේ තවත් සටන් කරන සංවිධානයක් ගොඩනැගිය. ඊට එරෙහිව ඔහු තනිව පොස්ටර් ගැසුවාර අනන්තය.බෙදු පත්ත්‍රිකා ප්‍රමාණය අති විශාලය. පෙත්සම් දහයකට වඩා අත්සන් කිරීමට ගම් ගානේ දහ දොළොස් වතාවක් ඇවිද්දේය. එහෙත් ව්‍යාපෘතිය නතර නොවුණත් ජනතාවට වන්දි මුදලක් ලබා ගැනීමට එම සංවිධානයට හැකිවිය. එසේම මාතලං සටන්කළේ කුමක් සදහාද යන්න තව වැඩිකල් නොගොස් අප සැම ඉදිරියේ නිරාවරණය වනු ඇත.

මාතලං ගේ ශිෂ්‍ය භාවය වසර තුන දක්වා දීර්ඝ කොට තිබිණි. එහෙත් ඔහු මර්දනයට හිස නොනමීය. නමුත් සැහැසි මර්දනය ඉදිරියේ වැඩි දෙනෙක් හිස්ලූ ලූ අත පලාගියේය. අඩුම තරමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වගකිමට කිසිවෙක් ඉදිරිපත් නොවිය. අදන්ම් ඊට තරග කරුවෝ බොහෝය. එහෙත් එදා වෙඩිකෑමට බියෙන් පලා ගියෝය. අද එක් එක් ජයග්‍රහණ ලබන විට සමහරුන්ට කිවෙක් නොමැතිව සටන්කර සටන අත් නොහැර සිටි ආකාරය අමතකව ඇත. එම නිසා ඔවුන්  මාතලං ටොක්කා හිතුවක්කාරයින්ගේ ගොඩට ඇද දැමනු ලැබේ. ඉන් සටනේ අයිතිය සොරා ගැනිමට ගියද? සැබෑ සටන කිසිවේක්ට අත් හැරිය නොහැක. මොකද තවමත් මේ සෑම ස්ථානයම මාතලං ටොක්කා තම සලකුණු නොකැමෙන සේ ලියා තබා තිබේ.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...