Monday, September 10, 2018
මර්දනයට බිය නොවු කැලණියේ මාතලං
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ ගමේ පාසල වු කඹරව ප්‍රාථමික විද්‍යාලයෙනි. මාතලං 4 වන ශ්‍රෙණියේන් පසු අලගමුව මහා විද්‍යාලයට ගියේය. ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වු පසු උසස් පෙළ හැදෑරීමට මාතලේ සෙන් තෝමස් විද්‍යාලයට පිවිසියේය. ඔහු කලා අංශයෙන් උසස් පෙළ හැදෑරු අතර ඉන් සමත්ව කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයට ප්‍රවේෂ විය. ඔහුගේ පාසල් ජිවිතයේදි ද දේශපාලනය සම්බන්දව සක්‍රියව සිටියේය. විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමග ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වඩා වර්ධනීය ස්ථානයකට පැමිණියේය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකි. එසේම ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාදරයෙකි. ඔහුට තිබු සුවිශේෂ ලක්ෂණය වුයේ තමන් විස්වාස කරන මතවාදයට එරෙහි කිසිදු කොන්දේසියකට එකග නොවීමය. ඒ නිසාම ඔහු පෙනුමෙන් අහිංසකයෙක් වුවද ක්‍රියාවෙන් මහා හිතුවක්කාරයෙකි. තර්කයට ප්‍රතිතර්ක ගොඩනැගීමේ වේගය නිසාම ඔහු සමග සිටි සැවෝම වේගයෙන් ඔහුගෙන් බොහෝ දේ ග්‍රහනය කරගත්තේය. සමහරු භියේ පැන දුවන්නට විය. 2007 මාර්තු එවකට සිටි සමජවාදි ශිෂ්‍ය සංගමය පැවැත්වු ප්‍රසිද්ධ සාකච්ඡාවක් විය. මෙය සාකච්ඡාව කැලණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු විවේකාගාරයේ සංවිධානය කොට තිබිණි. එහිදි ජාත්‍යන්තර දේශපාලනය ගැන සාකච්ඡා කිරීමට ප්‍රියන්ත වර්ණකුලසූරිය සහෝදරයා සහභාගි විය. පැමිණ සිටි පිරිස අතර මාතලං ද විය. ඔහු තමන්ගේ ප්‍රථම වසර පවා ගේවාදමා නොතිබු නමුත් සාකච්ඡාවට අවතිර්ණ වුයේ ජාත්‍යන්තර දේශපාලනය ගැන අනෙක් සහෝදරවරු නොදත් බොහෝ කරුණු එකතු කරමින් ය. ඔහුට ලෝකයේ බොහෝ රටවල් ගැන අවබෝයක් තිබුණි. එවායේ ඉතිහාසය මෙන්ම වර්තමාන පාලනය පිළිබඳව හේ කරුණු දැක්වුවේය. එය ඔහුගේ හැකියාව මෙන්ම දේශපාලන දැක්මේ නිරවුල් භාවය හොදින් ප්‍රදර්ශනය කළේය.
ඔහු ටික කළකින් තමන්ගේ batch එකේ සභාපතිවරයා විය. එසේම ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයේ ද විශාල වැඩකොටසක් පවරාගෙන ක්‍රියාකළේය. ඔහුගේ කැපකිරීම පුදුම සහගතය. සෑම වැඩක්ම සාර්ථක කිරීම ඔහුට හැකිවුයේ එහෙයිනි. සියලුදෙනා නිදාගැනිමට ගොස් සිටියදී පවා ඔහු තමන්ගේ වැඩකොටස අවසන් නොකර නින්දට නොගියේය.
ඔහු පෝස්ටර් අකුරු ඇදීමට පුරුදු විය. ඔහු කිසිවෙක් නොමැති දිනවල ඉන් හොදින් ප්‍රොයෝජන ගත්තේය. තනිවම cut out ගෙනවිත් තනිවම කොළ ඉරා ,තනිවම අකුරු ලියා, cut out එක තනිවම කර තබාගෙන ගොස් ප්‍රදර්ශනයට තබුවේය.
ඔහු හොද පරිගණක ක්‍රියා කරුවෙකි. සමහර වෙලාවට design කර තිබෙන පොස්ටර් ගුණාත්මක භාවයෙන් පහත නම් ඔහු ඒවා වැඩිදියුණු කරන්නේය.
මාතලං සහෝදරයා හොද කතිකයෙකි. ඔහු කතාකරන බොහෝ දේවල් ගැඹුරුය එහෙත් සරලය. ඒ වගේම වේගවත්ය. උද්වේගකාරීය. එම නිසාම ඔහු වටා ආණ්ඩුවේ බුද්ධි ආංශ කරක් ගාසන්නට විය. එය ඔහු මනාව දැන සිටියේය.
සතුරා සතුරාමය උන්ගේ කිසිත් ගුණයහපතක් නෑත. ලේ පිපාසයට ලේ සුවදා සොයනවා මිස එහි වෙනත් හැඩ අලංකාර නොමැත. කැලණිය විශ්වවිද්‍යාලයීය පාරීපාලනයේ උකුසූ ඇසද යොමු වුයේ මාතලං දෙසටය. ඔහුගේ අවංකකම චොදනවට දමා ඔහු ඈතුලු පිරිසක් පන්ති තහනම් කළේය.පසුව මාතලං ගේ පන්ති තහනම වසරකට දීර්ඝ කර අනෙක් සහෝදරවරුන් ගේ පාංති තහනම ඉවත් කරන ලදි. පසුව මාතලං සහෝදරයාගේ පංති තහනම වසර දෙකක් දක්වා දීර්ඝ කරන ලදි. මාතලං ගේ ක්‍රියාකාරිත්වය පාලකයන්ට වදයකි. ඔහුට උපාධිය අහිමි කර තිබියදීත් පෙරට වඩා ශක්තිමත්ව ක්‍රියාකාරි විය. ඔහුට තිබු ධෛර්යය නිසාම පාලකයන් ඔහුව මර්දනය කිරීමට තවත් බොහෝ උපක්‍රම යෙදිය. ඒ අනුව පොස්ටර් ගැසීමේ වරදට මාතලං සමග එවකට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයෙක් වු දයාන් විරක්කොඩි සහෝදරයා සිරගත කළේය. එවකට කැලණියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක වු මර්වින් සිල්වා විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටදි පහර දෙන ලදි. තවත් දිනක කැලණිය විශ්ව විද්‍යාලයේ පිටුපස වේවැල්දූව නම් ස්ථානයේදී මර්වින්ගේ මැරයන් මාතලං සහෝදරා අල්ලා ඔවුන් පැමිණි ජිප් රථයේ ගැටගසා තබාගන්නා ලදි. එහිදි පැයක් පමණ තබාගෙන විටින් විට මාතං සහෝදරයාට පහර දී තිබේ. අවසානයේ ගැටගසා සිටි මාතලං සහෝදරයා සමගම ජීප් රථය විශ්වවිද්‍යාලය දෙසට ධාදනය කොට තිබේ. ඉන්පසු විශ්වවිද්‍යාලය පිටුපස මාතලං දමා ගොස් තිබිණි. එහිදී මාතලං දරුණු ලෙස තුවාල ලැබීය. ඔහුගේ කොන්ද දැඩි ලෙස අභාධයට ලක්ව තිබිණි.
මේ සියල්ල මෙසේ වෙද්දී මාතලං තම අරමුණු අතැරියේ නැත. ඔහු ගෙදර ගියේ නැත. වැඩිකාලයක් විවේක ගත්තේ නැත. ඔහු නැවත වැඩට පැමිණියේය.
ඔහුට රාජ්‍ය මර්දනය පැමිණියේ කැලණියේදි පමණක් නොව. තම නිවස පිහිටි කඹරවට සතියට දින කිහිපයක් දඹුල්ල නියෝජනය කරන මුද්ධි අංශ නිලධාරියා පැමිණෙන්නේය. විටක ඔහුගේ පියාගේ රැකියාවටද කණකොකා හඩන්නට පටන්ගතේය. ඔහු කුඹුරු වපුරන කාලයට නිවසට බලා යන්නේ ඒ සදහා පියාට උදව් කිරීමටය. ඒ සමගම බුද්ධි අංශ නිලධාරියාද පැමිණෙන්නේය. ඔහු ගැන ඇස ගසා සිටින්නට මෙතරම් පිරිසක් කුමටද? එතරම් රාජ්‍යය මතලංට බියවුවේය.
මාතලං ගේ චරිත ලක්ෂණ ගත්විට ඔහු වීරයෙක් ද නැද්ද යන්න කිරා මැන බැලීමට ඕනෑම කෙනෙකුට හැකිය. නමුත් එක් ප්‍රශ්නයක් තිබේ ඔහුගේ ක්‍රියාකාරිත්වය ඔබට කළ හැකිද? එය පහසුද? මරණය දැක දැක ඔහු සටන් කළේය. එසේ කරන්නේ කවුරුන්ද ? බොහෝ අය තමන්ගේ පුද්ගලික ජීවිතය වෙනුවෙන් වෙහෙසෙන විට ඔහු සමාජයක් වෙනුවෙන් වෙහෙසුනේය. එසේ කරන්නෙකුට පූර්ණ හදවතක් තිබිය යුතුය. එය මරණින් කෙළවර කර නොහැකි අමරණීය සිතුවිලි වලින් පිරුණු හදවත් බව අප අවධාරණය කරමු.
Saturday, September 8, 2018
සයිටම් සටනේ ඉතිහාසය -5 සියලු රාජ්‍ය බලය හා මැර බලය
සයිටම් ආයතනය සම්බන්ධව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මෙන්ම ඊට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාමාර්ග ද අඩු වැඩි වශයෙන් ඉදිරියට පැමිණියේය. ශිෂ්‍ය ව්‍යාපාරය 2010 වර්ෂයට ප්‍රවේෂවුයේම සයිටම් ආයතනය වසා දැමිමේ ආරමුණ සහ ධනපති ආණ්ඩුවට හොද පාඩමක් ඉගැන්වීම සදහාය. මේ සදහා වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව 2010 පෙබරවාරි පන්තිවර්ජනය ආරම්භ කළේය. එහෙත් එය ක්‍රියාත්මක වුයේ සියලු දෙනාගේ කැමැත්ත මත නොවේ. ඊට කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය එක් නොවීය. මේ වනවිට අග්නිදිග වෛද්‍ය පීඨය එක්ව සිටියේ නැත. එසේම රජරට වෛද්‍ය පීඨය ද ඊට දායක නොවීය. එසේම අනෙක් වෛද්‍ය පීඨ තුල සිටි ශිෂ්‍යයින්ගෙන් බොහෝමයක් මෙම ක්‍රියාමාර්ගයට සම්පුර්ණ ලෙස එකගව නොසිටියේය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතිය පරාජය කිරීම ඊටවඩා ප්‍රමුඛ විය. ඒ නිසාම 2010 පෙබරවාරි 10 පන්තිවර්ජනය ආරම්භ විය.
මෙම ක්‍රියාමාර්ග සමග සැබෑ ලෙසම බැදී සිටියේ ශිෂ්‍ය නායකයින් හා ශිෂ්‍යයින් පිරිසක් පමණි. එම නිසාම මෙම ක්‍රියාමාර්ගය කොතෙක් අවශ්‍ය උවත් ඊට ශිෂ්‍යයින් ගේ දායකත්වය නොමැතිව ක්‍රියාත්මක නොවීම පුදුම විය යුතු නැත. මෙහිදි ශිෂ්‍යයින්ට දහසක් ප්‍රශ්න තිබිණි. ශිෂ්‍යයින් ට වු ප්‍රධනම ප්‍රශ්නය වන්නේ තම ජීවිතය රැකගත හැකිද යන්නයි. දෙවැන්න ඔවුන්ට සයිටම් කෙසේවෙතත් තමන්ගේ වෛද්‍ය සිහිනය පුර්ණය කිරීමට හැකිවේදැයි යන්න දෙවන කාරණය විය. තුන්වන කාරණය ඉතා වැදගත් ය. වෛද්‍ය වරුන් වීමට සිටින ශිෂ්‍යයින් කෙසේනම් පෝස්ටර් ගසන්නද? ලීෆ්ලට් බෙදන්නද? අට්ටාල ගානේ කෙසේනම් සිටින්නද? මිනිසුන් නෝණ්ඩි දමනවිට ඒවා කෙසේ ඉවසා සිටින්නද? මේයට යම් කැප කිරීමක් අවශ්‍ය ය. එහෙත් එවා කෙසේ කරන්නද? මේ වෛද්‍ය ශිෂ්‍යයින් හරිම ලැජ්ජා සහගත මිනිසුන් ය. එවැනි මිනිසුන්ට මෙවැනි දේ කිරීම නොහොබිනාය. මෙම නිසාම ප්‍රජාවක් ලෙසම ආණ්ඩුවට එරෙහි අරගලයෙන් කරහැරියේය.
දැන් වරද ශිෂ්‍ය නායකයින් ගේය. දැන් වරද එකි ව්‍යාපාරයට නායකත්වය දෙන දේශපාලන පක්ෂයේ බව මොවුන් විටින් විට ප්‍රකාශ කරන්නට විය. එහි සත්‍යතාවයක් ද තිබේ. මොකද වෛද්‍ය ශිෂ්‍යයින්ට අරගලයට අදාළව ලැබිය යුතු දැනුම අවශ්‍ය පමණට නොලැබීම පිළිගතහැකි සත්‍යකි. එහිදි අවධාරණය කළ යුතු කරුණවන්නේ අඩුම තරමින් 82 උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේ අද්දැකිම් පවා සාකච්ඡා නොකළේය. එසේම මෙම අරගලයට අවශ්‍ය බහුජන වටපිටාව නිර්මාණය නොකිරීම ස්යං විවේචනත්මකව දැකිය යුතුය. මේ සියල්ල සම්ප්පුර්ණ වුයේ නම් ශිෂ්‍යයින් ගේ ප්‍රතිචාරය මිටවඩා වෙනස්ය. එහෙත් ඒ කිසිත් එසේ නොවි ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් හුදකලාව අරගලයේ නිරත විය.
පන්ති වර්ජනය ආරම්භ වනවිටම එහි තිබෙන ශක්තිය පිළිබඳව ආණ්ඩුවට වැටහිමක් තිබිණි. එම නිසාම මෙම ක්‍රියාමාර්ගය කඩා කප්පල් කිරීමට විශාල පරිශ්‍රමයක් අවශ්‍ය නොවීය. S.B මාධ්‍ය සාකච්ඡා කිහිපයක් ගත්තේය. එහිදි ඔහු මෙම ක්‍රියාමාර්ගය හෑල්ලු කරමින් කතාකොට ශිෂ්‍යයින් බංකොලොත් දේශපාලන ව්‍යාපාරයක උවමනාව මත ක්‍රියා කරන බව පැවසීය. ඊට සමගාමීව වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් සහ ආචාර්යවරු කිහිපදෙනෙක් ශිෂ්‍යයින් ගේ පන්ති තහනම් කරන බව පැවසීය. ඒ සමගම කිහිප දෙනෙක් ලෙච්චර් ගිය අතර පසුව සියල්ලෝම වර්ජනය අත්හලේය.
මේ අතර SB උන්නැහේ වෛද්‍ය පීඨ වෙනුවට අනෙක් පීඨ වලට දැඩි මර්දයක් ක්‍රියාත්මක කලේය. මෙම මර්දනය කුමක් සදහාද යන්න තෙරුම් ගත යුතුය. ඒ වෙනකක් නිසා නොවේ. අධ්‍යාපනය විකිණීමට අවශ්‍ය ඉඩ සකසා ගැනීම සදහාය. දැන් වෛද්‍ය පීඨ සියල්ල අකර්මන්‍ය වී තිබේ. ඒවා නැවත ගොඩනැගීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඔවුන්ට ඍජු මර්දනයක් අවශ්‍ය නොවේ. සක්‍රියව සිටින අනෙකුත් විශ්වවිද්‍යාලය නැවත වෛද්‍ය පීඨ වලට ද පණ පෙවීමට ඉඩ තිබේ. එම නිසා ප්‍රධාන සටන් කරුවා තැතිකොට දැමිය යුතුය. අන්තරේ පොඩිකර චප්පකර දැමීය යුතුය. එය වෛද්‍ය පීඨ නිහඩ කරන ආකාරයෙන් කළ හැක්කක් නොවේ. ඊට විශාල බලයක් අවශ්‍යය. දැන් අමු අමුවේ අධිකරණය කඩේ යැවීමට ආණ්ඩුව කටයුතු කළේය. පොලිසි සියල්ල ඒ සදහා පෙළ හැස්වීය. හිරගෙවල් සුදානම් ය. මත හැදීමට ආචාර්ය මහාචාර්යවරු මිලට ගත්තේය. රූපවහිනි නාලිකාවල ගුවන් කාලය ඕනෑවටත් වඩා වෙන්කර තැබුවේය මැර කණ්ඩායම් සීරුවෙන් තැබීය. රාජ්‍ය බලය සහ රාජ්‍ය නොවන මැර බලය අන්තරේට එරෙහිව භාවිතා වන්නට විය. මි පසු සිදුවු කිසිවක් ධනේශ්වර බලහකාරකම් වලට එහා ගිය රජුගේ අණ සකට යටත් වු නියෝග පමණක් විය. කිසිවිටෙක නීති පොත මොවුන්ට අදාළ නොවීය. ඒවා අවශ්‍ය ධනේෂ්වර බලහාත්කාරකම් වලටය. මෙහිදි අවශ්‍ය වුයේ පාලකයාගේ නියෝග පමණි. මේ සෑම මර්දන යාන්ත්‍රණයක් යෝදාගත්තද රාජපක්ෂ සහ රාජපක්ෂ නඩය සෑම විටම අන්තරේට භිය විය. එම නිසාම මර්දනය වර්දනය වුවා මිස අඩු වුවේ නැත. ඔවුන් එකෙක් මර්දනය කීරීමට යන විට තවත් පිරිසක් නිර්මාණය වී නැවත සටනට පැමිණීම සිතාගත නොහැකි කාරණයක් විය. එම නිසම අන්තරේ මර්දනයට ගෝඨාභයගේ ආයුධ ප්‍රමාණවත් නොවීය. අන්තරේ උද්ඝෝෂණ වල පිරිස අඩු වූ බව සැබෑය. නමුත් ඉතිරි වු පිරිස මර්දනයට භිය වුවෝ නොවිය. එම නිසාම රාජපක්ෂ ආණ්ඩුව මර්දනයට ගත හැකි සෑම උපක්‍රමයක්ම ගත්තේය. ඒ සියල්ලෙන්ම ආණ්ඩුවට වාසි අත්වුවා මෙන්ම අන්තරේ වටා ඉතා ඉහළ ගුණාත්භායයෙන් යුත් පිරිසක් එක්වීමද සිදුවිය. එමනිසා සටන පැවතියේ සරල වටපිටාවක නොවේ. එහෙත් එකල අන්තරේ වටා සිටි පිරිස යටත්නොවි නිදහස් අධ්‍යාපනය බේරා ගැනීම සදහා වු අරගලය ඉදිඉදිරි ගෙන ආවේය.
Friday, September 7, 2018
මේ මාතලං ටොක්කා මරා දැමු මාසයයි....නැවත මරා දැමීමට ඉඩ නොදෙමු
මාතලං සිසිත කියන්නේ කවුද? ඔබ ඔවුන් ගැන දන්නේ කුමක්ද ? මාතලං ටොක්කා වීරයන් වෙන්නේ කොහොමද ? මේ ප්‍රශ්න ගැන නොසිතා මාතලං සිසිත එක එක පැතිවලට හරවා හරවා එක එක කතා කියති. සමහරු නොදන්න කතා කියති. සමහරු හිතාමතාම විකෘති මත හදති. මාතලං ටොක්කාට තම ජීවිතය කැපකල පසුත් ඔවුන්ට මිතුරන් සිටීම පුදුමයක් නොවේ. එහෙත් ඔවුන්ට සතුරන් ද සිටිති. විශ්වවිද්‍යාලය ජීවිතයේදි සෑම උපකුලපතිවරයෙක් පාහේ විරු සිසු ගීතයට නැගී සිටින්නේ නිකන් නොවේ. ඊට ජාති, ආගම් , බේද නොතිබුණි. සැවෝම නැගී සිටිති. ඒ අතර ඔවුන් සොයා ගිය මාවත පියමනින්නෝද බොහෝය. එහෙත් මාතලංට හා ටොක්කාට පමණක් සතුරන් පිරිසක් නිර්මාණය වුයේ කෙසේද? ඇත්තෙන්ම ඒ මාතලං ගේ ටොක්කාගේ සතුරන් ද? නැත්නම් මෙය මාතලං ටොක්කා විනාශ කරමින් ශිෂ්‍ය ව්‍යාපාරයේ ආධ්‍යාත්මය කෙලෙසීමේ ව්‍යාපාරයේ කොටසක්ද? එසේනම් මාතලං හා ටොක්කා ගේ සතුරෝ කවුද? ඔවුන් මෙසේ කරන්නේ මාතලං ටොක්කා ගැන නොදන්නා නිසාද? නැත්නම් ජීවත්ව නොසිටින සහෝදරවරුන් ඔවුන්ට සිදුකරන බලපෑම කුමක්ද? මාතලං ටොක්කා ජීවත් වු කෙටිකාලය තුල ඔවුන් පෙන්වු මානුෂීයත්වය අමනුෂ්‍යයන් බිය ගැන්වීමට තරම් ප්‍රබල වී තිබේ. එමනසා ඔවුන්ගේ ජීවිත ගැන දන්නා දේ ලියා තැබිය යුතු හොදම කාලය මෙය වේ. මෙය නොදන්නා අයට දැන ගැනීමටවත් ඔවුන් විශ්ව කර්මයන් කිරීමටවත් ඔවුන් සුරුවම් කිරීමටවත් නොවේ. මේ ඔවුන් ගේ ජීවිත භාවිතාව උකහා ගැනීම සදහා පමණක් ය. එයින් සතුරන්ට අභියෝගයක් වනවා ඇත. මින් මතු ඔවුන්ගේ ව්‍යාපෘතියට උඩ හුලගේ පාවෙන කොළ රොඩු වලට කළ නොහැක. අඩුම තරමේ මාතලං ටොක්කාගේ ජීවිත බාවිතාවේ වාටියකට ආවෙක් හෝ ඊට පැමිණිය යුතුය. පාවා දෙන්නෝ බොහෝය. එම නිසාම මාතලං ටොක්කා ගේ ජීවිතය උන්ට වඩා ඉහළින් තිබේන බව ඔවුන්ටම දැක ගත හැකිය.
මාතලං හා ටොක්කා ඇස ගැටුණු, ඔවුන් සමග ජීවත් වු පිරිස බොහෝය. එම පිරිස මාතලං ටොක්කා හදබැදගත්තේ නිකන්ම නොවේ. අප දැක තිබෙන්නේ මිනිසුන් දෙදෙනකු ගැන නොව අසීමාන්තික වටිනාකම් අනාගතයට උරුම කළ මිනිසුන් දෙදෙනෙක් පිළිබඳවය. එමනිසාම ඔවුන් ගැන මානුෂීයත්වය හරණය වු සමාජයට කියා දිය යුතු නොවේද? මේ ඊට හොදම මොහොත ලෙස අප සිතමු. මොකද මේ මාතලං ටොක්කා මරා දැමු මාසයයි. අප ඔවුන් ගැන වැඩුමනක් කතා බහට ලක්වන කාලය තුලදි මාතලං ටොක්කා ගේ ජීවිත පිළිබඳව ඇත්ත කතාව ප්‍රකාශ කලයුතුය. මේ වනවිටත් සතුරන් වැඩ පටන්ගෙන ඇත. අප බෙහෝ සේ ප්‍රමාද වුවත් අවසන සත්‍යය හෙලි කිරීමට වෙහෙසෙමු.එම නිසාම මේ කතාවට ඕනෑම කෙනෙකුට අභියෝග කල හැකිය. එම අභියෝග අපි බාර ගන්නෙමු. මාතලං ටොක්කා නැවත මරා දමනවාට එරෙහිව ඔවුන්ගේ මානුෂීයත්වය මිනිස් ඉතිහාසයට එකතු කරන්නේමු.
Tuesday, September 4, 2018
රාජපක්ෂ කෝළමේ රාජපක්ෂ නොදුටු පැති
හෙට දින කොළඹ පමණක් නොව රටම හෙල්ලීමට රාජපක්ෂ නඩය සූදානමින් සිටියි. මෙම හෙල්ලීමට හේතුව රනිල් මෛත්‍රී දෙබෑයන්ගේ අමන පාලනය බව ඔවුන් සදහන් කරති. පාලකයන් ගැන රාජපක්ෂ එසේ කීවත් පාලනය ක්‍රමය ද එසේම බව අප කිව යුතුය. ඉන් රාජපක්ෂ ගේ ආශ්චර්ය බිද වැටි ඇද වැටෙනු ඇත. ජනතාව පාලනය වන්නේ නව ලිබර්ල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය මතය. එය රනිල් මෙන්ම රාජපක්ෂ ද ජනතාව අසීමාන්තිකව පීඩාවට පත්කළේය. එම නිසාම 2015 දී රාජපක්ෂ ජනතාවගේ වෛරයට පාත්‍රවිය. එදිනම ආදර සත්කාරයෙන් පිදුම් ලැබු මෛත්‍රී උන්නැහේ හා රනිල් උන්නැහේ ආද ජනතාවගේ වෛරයට පාත්‍රව තිබේ. මේ වෙන කුමක් නිසාවත් නොව පවත්වාගෙන යන නව ලිබරල් ප්‍රතිපත්තිය නිසාය. එහෙත් අද මහින්ද සතුටින් හුරේ දමමින් සිටියි. එය රාජපක්ෂගේ මොකක් හරි අමුතු මැජික් එකක් නිසා සිදුවන්නක් නොව. එය වාමාංශික ව්‍යාපාරයේ අසමත්කම හේතුවෙන් ගොඩනැගුනකි.
2008 පසු ඇරැඹි ආර්ථික අර්බුදය තවම නිමාවට පත්ව නැත. එහි ගැඹුරුම හා කුමකින් කුමක් සිදුවේදැයි බොහෝ අයට තේරුම් ගැනීමට නොහැකි සිදුවීම් ජාලයක් සිදුවෙමින් පවති. එය පාලනයේ මෛත්‍රී,රනිල්, නොව මහින්ද සිටියත් සිදුවන්නේ එයයි. මේ කිසිවෙක්ට ඊට විකල්පයක් නොමැත. ඇත්තේ පරණ හම්පඩ නවලිබරල් බෙරේට තඩි බෑම පමණි.
මහින්ද හැකි පමණ ජනයා අවුස්සා දැමිය යුතුය. ඊට බිය වන්නෝ පලා ගිස් සැගව සිටීම හොදය. එහෙත් සැබෑ වාමාංශිකයින් සැගවෙන්නේ නැති බව රාජපක්ෂගේ දේශපාලන ලෝකයට හසුවන්නේ නැත. එසේම රාජපක්ෂ ඉතාම කුඩා කාරණාවලට ජනතාව පළෙඹුවද එය ඉන් නොනවතින බව තවම ඔහු සිතාවත් නැත.
මෙම කොළම රාජපක්ෂ කෝළම ලෙස අවසන් වුවත් ඉන් සැනසීමක් ලැබෙන්නේ රාජපක්ෂ කල්ලියට පමණි. ඉන් එහා කිසිවෙක් තෘප්තිමත් නොවන බව රාජපක්ෂ තවම දන්නේ නැත.
ලංකාවේ ප්‍රබල වමක් නිර්මාණය වී නැත. එසේම එය හතුපිපෙන්නා සේ නිර්මාණය නොවන බවද රාජපක්ෂ නොදැනීම මෙම කෝළම නිර්මාණයට තවත් හේතුවකි. ලංකාවේ වම නැගීසිටින්නේ තනිවම නොවේ. එය ලංකාව තුල පමණක් සිදුවන්නක් නොව. එය ජාත්‍යන්තර පෙළ ගැස්මකි.එහි හැඩහුරුව නොදන්නා රාජපක්ෂ කල්ලිය. මේ සිදු කරමින් සිටින්නේ එවැනි පෙළ ගැස්මකට අවශ්‍ය වටපිටාව සැකසීමය. කිසිදු රටක තනි තනිව හුදකලාව සමාජවාදය නිර්මාණය කළ කාලය අවසන් ය. එවා අතීත සිදුවීම් වලින් සොයාගත හැකිය. නමුත් අද සැබෑ වාමාංශිකයින්ට ජාත්‍යන්තරව පෙළ ගැසීමට බල කෙරී අවසන් ය. ඊට අදාළ ක්‍රියාවලිය. ගොඩනැගෙමින් තිබේ. එතෙක් විනෝදයක් ගැනීමට හෝ ජනතාව අරගලයට කැදවීම හොදය. එමනිසා සැප් 05 කෝළමක් වුව එය රගමඩලක් දක්වා වර්ධනය වීමේ සක්‍යතාවයක් පවතින බව රාජපක්ෂ නඩය නොදැනේ.
ඉතිහාසය පිරිස්සීමේදී මෙම තතු වඩා හොද අවධාරණයකින් යුක්තව වටහා ගත හැකිය. ලංකාවේ, 71 අරගලය ආරම්භ වීම විමසා බලන්න. සිරිමා මැතිනිය අගමැතිනිය වුයේ 3/2 බලයක් සමගය. එහෙත් සමගි පෙරමුණේ බලය කඩා වැටි 71 අරගලයට වැඩිකාලයක් ගියේ නැත. එම අරගලය පරාජය වුවත් කවුරු කවුරුත් නැටූ නර්තනවල.අවසාන ප්‍රතිඵලය එය විය. මේ කිසිවක් ගැන රාජපක්ෂ නඩය සිතන්නේ නැත. ඔවුන් ද කෝළම ආරම්භ කොට තිබේ. එහි අවසානය ගැන ප්‍රධාන නැට්ටුවාට හා අනෙක් කිසිදු නැට්ටුවෙකුට සිතාගතවත් නොහැක. එම නිසා රාජපක්ෂ කෝළම ඉදිරියට ඇදෙනු ඇත.
88/89 අරගලය ද මෙවැනි වටපිටාවක් ගත්තේය. උදාහරණ සාමාන නොවුණත් කොටුවේ බෝ ගහලග සත්‍යාග්‍රහයට වාඩිලාගත් සෝභිත හිමි මෙන්ම සීරීම මැතිනියද එය හොදින් දනී. එහෙත් ඔවුන් කිසිවෙක් ආද රාජපක්ෂට කියාදීමට නැත. එම නිසා රාජපක්ෂ කෝළම නොනවතිනු ඇත.
ලංකාවේ පමණක් නොව ඉන්දීය නිදහස් අරගලය ද එසේය. ප්‍රංශ විප්ලවය ,රුසියන් විප්ලවය පිළිබඳව සොයා බලන්නේ නම් රාජපක්ෂ කල්ලිය තමන්ගේ හිස තමන්ම කපා ගන්නා ක්‍රියාමාර්ග වලට නොපැමිණෙනු ඇත.
එම නිසා රාජපක්ෂ කෝළමට හැකිපමණ ජනයා ගෙන ඒමට හැකියාව ලැබිය යුතුය. එසේම කොළඹ වටලා අඩුම තරමින් සතියක් හෝ සිටීමේ හැකියාව ලැබේවා. එසේ කිරීමෙන් ඊට පැමිණෙන ජනයාට තිරනාටකයේ නොමැති තවත් බොහෝ දේ දැකගත හැකිවනු ඇත. එය ජනයා ලබන වටීනාම සම්පතවන අතර කිසිදු විටෙක එය අරක්කු බෝතලයට යටකොට දැම්ය නොහැකි අධ්‍යාපනයක් වනු ඇත.කෙසේවෙතත් රාජපක්ෂ කෝළම රජපකෂ කල්ලියට වඩා වටින්නේ වමාංශික දේශපාලනයටය. එම නිසා මින් පසු හොදින් ඇස්කන් හැර සීරුමාරුවට කළ යුතු දේශපාලනයක් කිරීමට තිබේ. එහි ප්‍රතිඵලය අත්කර ගැනීමට නම් සතුරාගේ හැඩ හුරුව වෙනස්කරමින් සතුරාටම එරෙහිව භාවිතා කරන්නේ කෙසේද යන්න ඉගෙන ගත යුතුය. ඊට මීටත් වඩා අවස්ථාවක් නැවත හමු නොවනු ඇත.
Saturday, September 1, 2018
ඇමති රාජිත රගන විට ඇමරිකන් පිටි ඉහළට
ප්‍රිමා අයතනය විසින් ඇමරිකන් පිටි නොහොත් තිරිගු පිටිවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇත. මෙම තීරණය ගැනීමේදී ප්‍රිමා ආයතනය ආණ්ඩුවෙන් පවා විමසිමක් කොට නැති බව සදහන් කරයි. මේ අනුව ප්‍රිමා අයතනය පවත්වාගෙන යනු ලබන ඒකාධිකාරිත්වයට බලපෑම් කිරීමට ආණ්ඩුවට පවා නොහැක. මෙම නිසා හෙට දින සිට ඇමරිකන් පිටි ඉහළ යනු ඇත.
මේ සමගම රාජිත ඇමතිවරයා තවත් සංදර්ශනයක් ආරම්භ කොට තිබේ. මෙම සංදර්ශන කොතරම් ද කීවොත් ප්‍රීමා සමාගමේන් වැඩිකළ පිිටි මිල වැඩිය ගණන් ගත යුතු නැත. රාජීත ඇමතිවරයාට අනුව ඔහු මහා හපනෙකි. ඔහු ඖෂධ මිල පහළ හෙලීමට කටයුතු කරමින් තිබේ. මොහු මෙසේ සිදු කරන්නේ දෙවන වතාවටය. එහෙත් පළමුවර අඩුකළ ඖෂධ ලබාගත හැකි තැනක් සොයා ගැනීමට නොමැති බව පමණක් ඔහු සදහන් නොකරයි. එහෙත් ඔහු ගේ පුරාජේරුව සමග එක් දෙයක්නම් පැහැදිළිවේ. දැන් ජනතාව තිරිගු පිටි වැඩිවීමේ වෙදනාව සමනය කර ගැනීමට රාජිත ඇමතිගේ නර්තනයෙන් සහයක් ලැබෙනු ඇත.මෙමෙ නිසා මාධ්‍ය මගින් එකම දවසේ මෙම තොරතුරු මුදාහැරිමේ සම්බන්ධය කුමටදැයි යන්න තේරුම් ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු නැත.
මේ සියල්ලගෙන්ම රටේ මිනිසුන් ගේ බඩ ගින්න හා ජීවිතය එකවර විකුණා ගැනීමට මෙම දෙශපාලන ක්‍රියාවලිය සමත්ව තිබෙන බව සිහිපත් කළ යුතුය.
පුහුණුවට ගත් රැකියා විරහිතයින්ට ආණ්ඩුව ලබා දෙන දඩුවම්
රාජපක්ෂ ආණ්ඩුව රැකියා විරහිතයින්ට රැකියා ලබාදීමේදී වසරක පුහුණු කාලයකට යටත් කළේය. එසේම ඔවුන් උපාධිධාරින් හැකිපමණ තම ඡන්ද ව්‍යාපාරයට යෝදා ගත්තේය. මේම අසාධාරණය දුටු රනිල් උන්නැහේ මෙන්ම ජවිපේ මහත්වරුද එය තම දේශපාලන ව්‍යාපෘතියට යොදා ගත්තේය. රනිල් ඒ වෙලාවේ උපාධිධාරින් ගේ වටිනාකම මෙන්ම උපාධිධාරින් ගේ ගැටළු මහා පඩිවරයෙක් මෙන් විග්‍රහ කළේය. එහෙත් අද ඔහු බලයට පැමිණ රාජපක්ෂ මෙන් වෙනත් ආකාරයකට උපාධිධාරින්ට වද දෙමින් සිටියි. එකළ ජවිපේ අනුර මහා විප්ලවවාදියෙක් මෙන් දිගින් දිගටම වාග් ප්‍රහාර නිකුත්කර අද රනිල් සදාචාරය පවා කෙලෙසද්දි කිසිදු සද්ධ බද්ධයක් නොමැතිව ඇසු කංනැතිවුන් සේ බලා සිටියි. මොවුන් උපාධිධාරින් පුහුණුවක් නොමැතිව බදවාගත යුතුයැයි කිසිම මොහොතක සදහන් කරන්නේ නැත.
උපාධිධාරින්ට එරෙහිව රාජපක්ෂ මෙන්ම රනිල් මෛත්‍රී කරන්නේ කුමක්ද? පසුගියදා පුහුණුවට ගත් උපාධිධාරින්ට ලබාදුන් ලිපියෙහි කොන්දේසි කිහිපයක් ඇතුලත් කොට ඇත.
01.නිවාඩු නැත.
පුහුණු ආරම්භ වු මොහොතේ සිට වසරක් යන්තෙක් කිසිදු නිවාඩුවක් ගත නොහැක. අසනීප උවහොත් පමණක් නිවාඩු දෙකක් පමණක් ගතහැකිය. එයද වෛද්‍යවාර්තාවක් නොමැතිව ගත නොහැක.
02.ආයතන ප්‍රධානියා ගේ නිර්දේශය මත රැකියාව අහිමි විය හැක.
පුහුණුවේදි කිසිවෙකුට කිසිදු නීතියක් හෝ කිසිදු ක්‍රම වේදයක් නැත. තිබෙන එකම ක්‍රම වේදය ආයතන ප්‍රධානියාගේ කැමැත්ත හා අකමැත්ත පමණි. ඔහුට පුහුණුවන්නන් නැවත රැකියා විරහිතයින් කළහැකිය.
03. ශෝට් ලිව් නැත. වැඩ පමණි.
මෙම පුහුණුවේදී පැය 8ම වැඩ කළ යුතුය. කිසිවෙක් එසේ නොකරන්නේනම් ඔහුට හෝ ඇයට රැකියාව අත්හැර යා හැකිය.
04. ප්‍රසූත නිවාඩු නැත.
කිසීම කාන්තාවකට මෙම කාලය තුල දරුවෙකු හැදීම තහනම් ය. එය එසේ වන්නේ යම් කාන්තාවක් ගැබිණියක් වුවේ නම්, ඇය අනිවාර්යෙන් රැකියාව අත් හළ යුතුය.
එවැනි තවත් කොන්දේසි රාශියකි. ආණ්ඩුව මේ කොන්දේසි දමා තිබෙන්නේ අධ්‍යාපනයේ උපරිමයට ගිය උපාධිධාරින්ට ය. දැන් සමාජයම නිහඩය. එහෙත් මෙම නිහැඩියාවෙන් ආණඩුව ජනතාව තවත් පිඩාවට පත්කරන ක්‍රියාමාර්ග ගනු ඇත. ඊට ජනතාව දක්වන ප්‍රතිචාරය අනුව ආණ්ඩුව මෙවැනි ලැජ්ජා නැතිව කටයුතු කිරීම පිළිබදව දෙපාරක් සිතනු ඇත.

Friday, August 31, 2018
නවක වදයට එරෙහි ආණ්ඩුවේ ඊලග මෙහෙයුම
පසුගිය දා නවක වදය පිළිබඳව අන්තරේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී සම්මන්ත්‍රණයක් පවැත්වීය. මෙහිදි කතා කල විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්ය දිලිප ගේ කතාවේදී වැදගත් කරුණක් සදහන් කර සිටියේය. ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේ දී විශ්වවිද්‍යාල නේවාසිකාගාර පුදිගලික අංශ හා එක්ව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දැන් මේක කරන්නේ කෙසේද? ඒකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දක්වන ප්‍රතිචාරය කෙබඳවේද? මේ ප්‍රශ්න දෙක විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් ඇසුවෝත් මෙම ප්‍රශ්න වලට සිනාසි ඒවා කොහොමද කරන්නේ අපිත් එක්ක වැනි වචන කිහිපයක් නිදහස් කරනු ඇත. ඒ මෝඩකමට වඩා නොදන්නා කමය. ආචාර්ය දිළිප ට අනුව ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයන් ශිෂ්‍ය ව්‍යාපාරයට අභියෝගයක් වනවා නොවනුමානය.
එය ශිෂ්‍ය ව්‍යාපාරයට අභියෝගයක් වන්නේ නවකවදය නිසාවෙනි. එය දැන් වසන්කිරීමට හෝ එසේ කරන්නේ නැතැයි කියා යාමට කිසිවෙකුට නොහැක. එමනිසාම සමාජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කෘර අමානුෂික වදකයන් ලෙසත් විශ්වවිද්‍යාල නේවාසිකාගාර වදකාගාර ලෙසත් අර්ථකතනය කොටගෙන හමාරය. මෙම මතය නිර්මාණය කිරීමට පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ කෝටිගණනක් මුදල් වැයකොට තිබේ. එම නිසාම එම අදහස සමාජයේ ගණිභවනය වු අදසක්ව තිබේ. සයිටම් සටනේදි වුවත් මේම අදහස බොහෝ බාදා ගෙනදුන්නේය. එහෙත් ගත් වෙහෙස කටෝර අත්දැකිම් නිසාම ඒය අතික්‍රමණය කළ හැකිවිය. නමුත් මේ පැමිණෙන්නේ සයිටම් සටන නොවේ. අනික ශිෂ්‍ය සටන් ජයග්‍රහණය කරන්නේ සමාජයේ සියලු දෙනාගේ අවදානාය ඊට යොමුකර ගනිමින් ය. එහෙත් නේවාසිකාගාර ගැටළුවේදී එසේ නොවේ. ඊට සමාජය ආණ්ඩුවේ පාර්ශ්වය ගන්නවා නොවනුමානය. ඊට එරෙහි සියලු උද්ඝෝෂණ වලදී ශිෂ්‍යයින් කුදලගෙන යනවිට සමාජය අත්පොඩි ගසනවා හැරෙන්න වෙනත් දෙයක් නොකරනු ඇත. දැන් එහි මුලික ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන ඇමති විජේදාස ක්‍රියාවට නගමින් සිටියි. නවක වදයට එරෙහි යැයි කියමින් ශිෂ්‍යයින් මර්දනයට නව පනතක් ස්ථාපිත වනු ඇත. ඒ සමග ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන වෙනතකට ගෙනමින් තිබේ. එහිදී සමාජය ඉදිරියේ හැකී පමණ ශිෂ්‍ය ව්‍යාපාරයේ තිබේන වටිනාකම් නැතිකර දමනු ඇත.
ශිෂ්‍යයින් ගේ පැත්තෙන් නේවාසිකාගාර ඉල්ලන විට ආණ්ඩුව ප්‍රථම වසර ශිෂ්‍යයින් නවකවදයෙන් බේරා ගැනිමට නේවාසිකාගාර පුද්ගලික අංශයට දෙන බව ප්‍රකාශ කරනු ඇත. මෙහිදී තවත් බොහෝ රංගන ඉදිරිපත් කරනු ඇත. ශිෂ්‍යයින් උද්ඝෝෂණ කර එය සත්‍යක් බව සමාජය ඒත්තු ගන්වනු ඇත. ඉන්පසු නේවාසිකාගාර පමණක් නොව අධ්‍යාපනය ද පෞද්ගලිකරණය කරනු ඇත.
දැන් මෙය වෙනස් කිරීමට අවශ්‍ය කවුරුත් හෝ සිටිනවානම් නවකවදය නවතා දැමීමට කටයුතු කළ යුතුය. විශ්වවිද්‍යාල තුලට නවකවදය අවශ්‍ය නම් ආණ්ඩුවේ මර්දනයට මුහුණ දෙන ආකාරය හෝ අධ්‍යාපනය පෞද්ගලිකරණයෙන් වලක්වා ගන්නා ආකාරය පෙන්වාදිය යුතුය.

Monday, August 20, 2018
කාන්තා රැදවියන් අමනුෂ්‍යයෝ කළ මුදලට සීමා වු මාධ්‍ය සදාචාරය
පසුගිය දිනක කාන්තා රැදවියන් බන්ධනාගාරයේ වහලට නැග සිටියේය. මාධ්‍යට අනුව මොවුන් මෙසේ විරෝධය පළ කළේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රැදවියෙක් තවත් බන්ධනාගාරයකට මාරු කිරීම හේතුවෙනි. මෙය සත්‍යය ද? සියලුම සිරකරුවෝ මනුෂ්‍යයෝය කියන රාජ්‍යක කටයුතු කරන මාධ්‍ය මෙසේ ප්‍රකාශ කිරීම නිවැරදිද? මාධ්‍ය හිතාමතාම මේ රැදවියන් අමනුෂ්‍යයෝ කර ඇත. ඇත්තෙන්ම සොයා බලද්දි අමානුෂිකව කටයුතු කර තිබෙන්නේ රැදවියන් නොවේ.
ඇත්තෙන්ම රැදවියන් ප්‍රකාශකර සිටියේ කුමක්ද? රැදවියන් විරෝධය පළකළේ කුමටද? බබා පාට්දමන හිගන මාධ්‍ය මෙය නොදෙන සිටියා නොවේ. රැදවියන්ට වසර ගණනාවක සිට නොවිසිදෙන ගැටළු කිහිපයක් තිබිණි. ඒවා කල්ල කඩත්ත මාධ්‍ය මුදලාලිලා ද හොදින් දනි.
01. තමන් ගේ නඩු ඉකමණට ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.
කල්ල කඩත්ත මධ්‍ය මුදලාලි අමානුෂිකයිනි. මෙසේ ඉල්ලිමේ වරද කුමක්ද? නුඹලා නොදන්න කතාවක් මොවුන් ප්‍රකාශ කලාද? ඔවුන් නුඹලාගේ සරණසොයා පැමිණියෝය. අමානුෂික නුඹලා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්කොට සමාජයෙන් කොන්කර දැමුවේය. එසේම නුඹලා ඔවුන් සමාජ වෛරකරුවන් බවට පත්කළේය. මෙසේ කිරීමට නුඹලාගේ අවම සදාචාරය පවා මුදලට විකුණා දමමින් නොවේද? ඉතිං සමාජයට මෙවැනි මාධ්‍ය කුමටද? ආණ්ඩුවේ මතය පොම්ප කරීමට නම් නුඹලාගේ ආයතන කුමටද?
02. රැදවියන් ඉල්ලු දෙවැනි කාරණය වන්නේ ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපයා දෙන ලෙසටය.
මේවා කුමන මාධ්‍යක හෝ ප්‍රචාරය කළේද? නැත. මාධ්‍යට පෙනෙන්නේ නාමල් සිරගත කළ විටය, ගල්බොඩඅත්තේ හිමි සිරගත කළ විටය, වීරවංශ සිරකළ විටය, ෆොන්සේකා සිරකළ විටය. ඒත් මේ කිසිවෙක් සිරකදවුරේ ගතකළ ජීවිතය අපහසු එකක් නොවිය. උදාහරණයක් ලෙස කීවොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනන්දු සිරගත වී සිටියදී ඔහු කැමති පරිදි බන්ධනාගාරය පුරා සැරි සැරිය. ඔහු සෑම දිනකම රැදවියන් බැලීමට පැමිණෙන පිරිස බැලීමට ඔහු ගියේය. එමනිසා අනෙක් උන් ගැන කතාකොට වැඩක් නැත.
මේවා සියල්ල මාධ්‍ය මුදලාලිලා හොදින් දන්නවා සේම ඊට හිද සහයක් ලබදෙමින් සිටියි. එහෙත් රැදවියන්ගේ වැසිකිලි, කැසිකිලි පහසුකම් පවා නොමැත. නිදන්නට සිදුවන්නේ එක් ඇලයකට පමණි. කෑම කන්න හැකිද? මේවා බලන්න යාමට මාධ්‍ය මුදලාලිලා අවශ්‍ය නැත. මේවා සමාජගත කරනවා වෙනුවට විකුණන්කෑම කොතරම් මානුෂික ද?
මේවා පමණක් නොව රැදවියන්ට සිදුවන අනේක වදහිංසා වසන්කොට තිබේ. බොහෝ වෙලාවට අයෙක් ලේ පෙරෙන තෙක් පහර දෙන බව රැදවියන් ප්‍රකාශ කරති. දැන් මේ මාධ්‍ය ආයතන මේවා නිදැන කටයුතු කරන්නේ ද? නැත. මොවුන්ට අවශ්‍ය මුදල් පමණක්මය. ඔවුන් ගේ සධාචාරය එයයි.
සමාජයේ මෙම රැදවියන් වෙනුවෙන් පෙනී සිටින්නෝ අවමය. එමනිසා මාධ්‍ය මුදලාලිලා රැදවියන් ගේ පැත්ත ගැනීමෙන් කිසිදු ලාභයක් ලැබෙන්නේ නැත. රැදවියන් ගේ ආරක්ෂාව හෝ ඔවුන් ගේ අවශ්‍යතා ගැන මතයක් නිර්මාණය කරන්නේ නැත. බන්ධනාගාරයේ ජීවත් වන සමහරු තවමත් වැරදි කරුවෝ නොවෙති. සමහරු නඩුවෙන් වැරදිකරුවන් උවත් දඩුවමට හිමිවිය යුතු සිර දඩුවමට වඩා කාලයක් සිරවි සිටින්නෝය. ඒ ගැන මාධ්‍ය කට අරින්නේ නැත. ඒ ඔවුන්ට මුදල් නොලැබෙන නිසාය. එසේම කිසිවෙක් හෝ ඒ සදහා මුදල් යොදවන්නේ නැත. එය කිවෙක්ගේ දේශපාලන ව්‍යාපෘතියකට බදුන්වන්නේ නැත. එමනිසා කිසිදිනක රැදවියන් මේ සමාජයට මනුෂ්‍යයන් වන්නේ නැත. ඔවුන් සමාජයේ කොන්කළ පිරිසකි.
මෙම තත්ත්වය පීඩිතයන් ගේ අනෙක් ගැටළු වල්දීද එසේය. එමනිසා බොහෝ සේ වෙහෙසිමෙන් පසු මාධ්‍ය පීඩ්තයන්ගේ පැත්තට හරවා ගත යුතුය. එසේ නොවනතාක් පීඩිතයන්ගේ ගැටළු විකෘතිකර ප්‍රචාරය කිරීම පමණක් මාධ්‍ය තම කටයුත්ත කර ගනියි. මෙම නිසා මුදලට යටවු ලාභය සොයන කල්ල කඩත්ත මාධ්‍ය ක්‍රියාවලිය හෙලි කිරීම අනිවාර්ය වේ.
Sunday, August 5, 2018
විප්ලවය සදහා වමේ ව්‍යාපාරයට නිෂ්චිත හැරවුමක් අවශ්‍යයි
වාමාංශිකයෝ ජාත්‍යන්තර වාදීයෝය. ඉන් අදහස් වන්නේ සමාජවාදය තනි රටකින් ඔබ්බට ගොස් මුළු ලෝකයම ඒකාබද්ධ කරගන්නා බවයි. වාමාංශිකයින්ට විප්ලවය අතලග යෑයි නිතර සිතුනත් එය ඉබේ සිදුවන්නේ නැත. දෑනට සිදුවු විප්ලව සියල්ල ඉතිහාසයට එක්වි හමාරය. රුසියන්,චීන,කියුබන් විප්ලව නැවත මේ මහ පොළොවේ සිදු නොවනු ඇත. ඒවා රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය නොහොත් කෙන්සියානු ධනවාදය අතික්‍රාමනය කිරීමට සමත් වුවද ඉන් නව ලිබරල් ධනවාදය ධනවාදය පැරදවිය නොහැක. මෙම නිසාම විප්ලවය උදෙසා වමේ ව්‍යාපාරය ආනීවාර්ය හැරවුකට පැමිණිය යුතුය.
මෙම හැරවුම සරලව කළ හැක්කක් නොවේ. එසේම මෙය ජයග්‍රාහී මාවත ද නොවේ. එය ජයග්‍රාහී මාවත හෙලි පෙහෙලි කීරීමට ගන්නා ආරම්භයක් පමණි. එය ආන් කිසිවක් නොව ජාත්‍යන්තරවාදය ක්‍රියාවට නැගීමයි. ජාත්‍යන්තර වමේ ව්‍යාපාර ගොඩ නැගීමට ගන්නා උත්සහයන් නැවත ඒවා කඩා බිද වැටීමටද හේතුවක් විය හෑකිය. ජාතික රාජ්‍ය තුල කප්පරක් වමේ පක්ෂ තිබුණත් විප්ලවය කිරීමට බැරිනම් ඒවා ධනවාදය රෑකීමට මිස වෙනකකට අවශ්‍ය නොවේ. එම නිසා වාමාංශික පක්ෂ තම දෙශපාලන ව්‍යාපාර ජාතික රාජ්‍යයන්ගෙන් ඔබ්බට ගෙන යා යුතුය.
මාක්ස් පළමු ජාත්‍යන්තරය ගොඩනැගු වට පිටාවට වඩා පහසුකම් අද ධනවාදය විසින්ම නිර්මාණය කොට දී ආවසන් ය. ඊට අවශ්‍ය බොහෝ මෙවලම් අප අතරේම පවතින බැවින් ජාතික රාජ්‍ය තුල පවත්වාගෙන යන දේශපාලනය මදකින් හෝ අඩු නොකොට ඊට ප්‍රවේෂ විය හැකිය.
ප්‍රවේෂය මහා පරිමාණ ව්‍යාපාරයක් විය යුතු යැයි සිතීම ඉතා යහපත් උවත් ලංකාව වැනි රටක පවතින වමේ ව්‍යාපාරයන්ට එය සැමදා සිතළුවක් පමණක් වනු ඇත. එම නිසා පළමුව ලෝක නිර්ධන පාන්තිකයන් ආමන්ත්‍රණය කළ හැකි කුඩාම මෙවලමින් මෙම හැරවුමට ගත යුතුය. කප්පරක් වැරදිම් කළ අපට තවත් එක් කුඩා වරදිකින් කලබල වීමට හෝ ඉන් පැකිලීමට හෝ අවශ්‍ය නැත. කුඩා වරදකින් හෝ ප්‍රරවේෂයක් ගත හැකිනම් එය විප්ලවය සිදුකරන මොහොත මෙන් වැදගත් වනු ඇත.
දැන් තිබෙන්නේ ලෝක නිර්ධනයින් ආමන්ත්‍රණය කිරීමයි. ලාංකාවේ අධ්‍යාපනය විකිණීම, සෞක්‍ය විකිණිම,විශ්‍රාම වැටුප කප්පාදුව, ශ්‍රම කොල්ලය, පරිසර විනාශය,මරදනය අනෙක් රටවලද ඒ ආකාරයෙන්ම සිදුවේ. ඒවා ඕනෑතරම් අන්තර් ජාලය හරහා දැක ගත හැකිය. එහෙත් ඒ කිසිවක් වෙනස් නොවන්නේ ප්‍රාග්ධනය සංසරණයේදි මුළු ලෝකයම ඒ වටා සංවිධානය කාරන බැවින් ය. අප ආමන්ත්‍රණය කළ යුත්තේ එසේ නිර්මිත බලයට අභියෝග කළ හැකි වාම බලයක් ගොඩනැගීම සදහාය. එම බලය නැවත පෙරලා ජාතික රාජ්‍යයන් තුලද වර්ධනය වනු ඇත.
මේ සදහා අවශ්‍යනම් එම රටවලට යා හැකිනම් හොදය. නැත්නම් සමාජ ජාලා ඔස්සේ හෝ එය ආරම්භ කළ යුතුය. එසේම එය බහුජන ව්‍යාපාර හෝ තනි පුද්ගලයන් විසින් කිරීමෙන් පලක් නොවනු ඇත. ඊට දේශපාලන පක්ෂයක් අත්‍යාවශ්‍ය ය. එසේ නොවෙන්නේ නම් ඉන් ලැබෙන සාධනීය ලක්ෂණ අත්පත් කරගත නොහැකි වනු ඇත. මෙම ක්‍රියාවලිය සාම්ප්‍රදායික දේශපාලන පක්ෂව අතික්‍රමණය කරමින් ඊට නව ගුණයක් අත්පත් වනු නොවනු මානය. එසේම ධනවායට දියවන වමේ පක්ෂ ද මේ හරහා නව ජවයක් ගෙන නැවත විප්ලවයේ දිසානතියට යොමුකරගත හැකිය. එම නිසා විප්ලවය උදෙසා ලෝක වමේ ව්‍යාපාරයට මෙන්ම ලාංකිය වමේ ව්‍යාපාරයටද මෙම හැරවූම ආනිවාර්ය වනු ඇත.
Saturday, August 4, 2018
ලැජ්ජා විරහිත උපාධිධාරින්ට ආණ්ඩුව තුන්වන වරටත් පුක පෙන්නයි
උපාධිධාරින්ට හෝ ගෑවිල්ලේ වැඩ ලු, මොකද කියනවානම් ආණ්ඩුව කියන කියන පදයට නැටීම තමයි මෙයාලගේ වැඩේ වෙලා තියෙන්නේ, ඉතිං මේක හරිම රසවත් ජෝගියක්, මං හිතන්නේ ලෝක ඉතිහාසයේ 57000 ක් එක්ක කරපු ලොකුම ජෝක් එක මේක තමයි. මේකේ විකටයෝ වැහිවැහැලා බලංන වටිනවා, හිරියට වදුරු නැටුම් වගේ, ආණ්ඩුව තමයි වදුරෝ ටික නටවන්නේ, වදුරන්ට ඉන්නේ ලැජ්ජා විරහිත උපාධිධාරින්, මේ ගොන් හැත්‍තට ආණ්ඩුව ඉස්සෙල්ලාම interview කියලා කෙහෙල් මලක් තිබ්බා. මේකට කට්ටියම ගියෙ නැතැයි හරි හරියට පිනුම් ගහන්න. මෙයාලා interview bord එක ඉස්සරහා නානාක්ප්‍රකාරයේ පිනුම් ගැහුවා. මේවා බලන් ඉන්නත් හිරිකිතයි සමහරු පිනුම් කියන්නේ මොනවාද කියලා දන්නේ නෑ, අනේ හපොයි. උනේ යට ඇදුම් පෙන්න පෙන්න නටපු එක විතරයි. නාකි කොල්ලෝ පිනුම් ගහන්න ගිහිල්ලා කලිසම් ඉරාගෙන තමයි ගෙදර ගියේ, මේ පිනුම් ගහපු අය දන්නවා ආණ්ඩුව හොර වැඩක් තමයි කරන්නේ කියලා. ඒත් ඉතිං මුන් ලැජ්ජා විරහිත නිසා දෙන ඕනම ජරා ගොඩක් කලා ඔහේ හිටියා.
දෙවැනි නාටකයටත් මෙයාලා යනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට, ගිහින් ආයෙත් පිනුම් ගහන්න හැදුවට එතන හිටි අය ඒකට ඉඩ නොදි පොඩි ජෝක් එකක් කරන්න කියලා මෙයාල පිටත්කරා. මෙහෙම පිනුම් ගහන වෙලාවේ අරගලයක් කරානම් මෙලහකට හැමෝටම රැකියා අරගෙන අවසන් ය. එහෙත් එය කෙසේ වෙන්නද ලැජ්ජා විරහිත වන්නට වන්නට ආතම ශක්තිය බිදවැටි ගණිකා වන්නේ ඉබේටමය.
මේ අතරේ මේ ජෝගිය ගැන රටේම ඇත්තෝ බලාගෙන ඉන්නවා. ඒ අතර ආණ්ඩුව කියනවා මුන්ට ලැජ්ජා නැති නිසා ඉස්සෙල්ලාම 5000කට ජොබ් දෙමුකියලා. අනේ අනේ 200, 300 හැරුණාම අනික් උන්ට මේ කියන දේ තේරෙන්නේ නෑ කියහන්කෝ, මුන් ගුලිකාලා වගේ ඔහේ ඇඹරෙනවා. සිහි බුද්ධියෙන් සිටු අය මේවට එරෙහිව උද්ඝෝෂණ කරා, හැබැයි ගොඩාක් අය පාන් කියාගන්න බැරි ලයින් එකේ උන්ගෙන් ගොඩයන්න බලන් හිටියා.ඒ මදිවට හරි අපූරු ටොක්ද ඉෂු කරන්න අමතක කළේ නෑ. අපි මොකටද දේශපාලනය කරන්නේ වගේ ගොන් ප්‍රශ්නත් මෙයාල ඇහුවා. හැබැයි ජොබ් ගන්න නම් අරගලකාරි වෙනස් දේශපාලනයක් නොකර කරගන්න බැරිබව පමණක් නොතේරීම පුදුමයක්, ඒත් මොකද කරන්නේ මෙයාලා නොතේරෙනවා වාගේ ඉන්නවානම්
මේ සියල්ල අස්සේ ආණ්ඩුව ලැජ්ජා විරහිතයින්ට තුන්වන වරටත් පුක පෙන්නුවා. ඇමතිලා,මන්ත්‍රී ලා නම් කල ලිස්ට් එක එළියට දැම්මේය. සමහරුන්ගේ රංගනයට අලි බෙට්ටකින් දමා ගසා තිබේ. දැන් මුහුණු පොතේ ඈයෝ මේ අලි බෙට්ට දැකලා ප්‍රශ්න අහන්න පටන් අරගෙන
2017 out වුණු අයගේ ලිස්ට් එකකට දැම්ම ජොබ් දැන්නේ නෑ කීව ආණ්ඩුව 2017 අයටත් ජොබ්දීලා තිබුණා. ඒක උනේ කොහොමද එයාල ඇමති වරුන්ගේ ලිස්ට් එකෙන් ආව අය මිස වෙන අය නොවේ. එයාලට රැකියා දිම වරදක් නොවේ. නමුත් කෙසේනම් අනෙක් අයට සාධාරණයක් විය හැකිද? ඒ වගේම interview එකට ගියාම 2017 උපාධිය ලබාගත අය පලවා හැර තිබ්බ බවත් අමතක කරලා එහෙම උනාම ඉතිරි උපාධිධාරින්ට වගකියන්නේ කවුද?
නුවර ලිස්ට් එකේ අංක ද 196-218 යනකම් නම් නැතිවුණේ කොහොමද ? ආණ්ඩුව මේ කිසිවකට උත්තර දෙන්නේ නැත. හැබැයි රජයේ රැකියා කරන අයට අර්ධ රැකියා කරන අයගේ නම් නාම ලේඛනයට ඇතුලත් කර තිබ්බා. ඒවා හොද වැඩ හැබැයි ගොට්ට ඇල්ලුවාම ලැබෙන ඒවා නිසයි ප්‍රශ්න්
ආණ්ඩුව කෑගල්ලේ ත් ඒ වගේ අපුරු වැඩක් කරලා තිබ්බා.අංක 132 -134 දක්වා කාගෙවත් නමක් නොවීය.ඒම ඉළක්කම් වලට තවත් හිතවතුන් බදවා ගැනිමට තබා තිබෙන්නට ඇත.
ඇත්තටම දැන් වල් වැදුණු දෙශපාලනය පිටුපස රූටන්න ගියාම මෙහෙම වෙනවා. උපාධිය ගත් සැනින් මුලින්ම මන්ත්‍රී හමුදුරුවෝ බැහැදකින්න යන්නේ තාත්තාය. අවම හිරිකිතයක් නැතිව දෙකට නැමීගෙන ගොස් කළ හැකි සියල්ල මන්ත්‍රියා වෙනුවෙන් කරති. මේ මොවුන්ගේ අසරණ කමට වඩා දීන කමය. මන්තිරියා මීටින් තියන්න කීවම අම්මා,නංගි,මල්ලි,පාප්පා,පුංච් අම්මා ආදි නොයෙක් නෑ පරපුර නිවසට ගෙන්වා සත්කාරද කරති. ඉන් පසු මන්තිරි කෙළතොල්ලන්ගේ කතා අසති. අවසනදී කතිරේ ද ගසති. හනුවරේටම ලැජ්ජා නැති කොට උපාධිධාරින්ට ද එම ඉරණම අත්වනවා නොවනු මානය. මේ කට්ටිය ඇතුලේ එහෙව් ලැජ්ජා විරහිතයින් බොහෝය. ඔවුන් දැන් ප්‍රිතිවුවත් අමතක නොකරන්න මේ ආණ්ඩුවට දිය හැකි උපරිමය දී ගත් රස්සාව බව අමතක නොකරන්න.
මේ කෙලි අස්සේ ලිස්ට් එක ගැන හොයලා බැලුවම කඩයිම් ලකුණු 20 වුවෝ සිටියත් ලකුණු 30ක් ගත්තවුන් අතුරුදහන් වුණේ කොහොමද ? හැබැයි මාතර ඉන්නවා නල්ල මලේ බඩුවක් නම තිළිණ අනුෂ්ක හේ පිරිමියෙකි. එහෙත් ලිස්‍ට් එකේ ගැහැණියක් කර ඇත. එය වැරදිමකින් සිදුවුවක් නොව. එසේ කියනවුන් රැකියා ලබාදෙන ආකාරය හැනවත් දන්නේ නැත. පත්වීමකදි එසේ පැටලෙන්නේ නැත. අනික මේ සියල්ල ආණ්ඩුවට ලැබෙන්නේ interview කල මහත්වරුද නැරඹිමෙන් පසුවය.
කෙසේ වෙතත් තව දුරටත් නරි නාවනවාද යන්න සිතා බැලිය යුතුය. ලැජ්ජා විරහිතන්ට මේ කෝකත් එකය. කිසි ගාණක් නැත. ආණ්ඩුව පුක පෙන්නා තිබේ. ඒ ඔබේ කොන්ද පණනැති බව කීමට මිස එය ඔබේ වින්දනයට නොවෙව්. එමනිසා තවත් මෙවැනිම ජෝක් ඇසිමට දැකීමට හැකිද. මොකද ආණ්ඩුව 4වන ජෝගියට සුදානම් දෙමින් තිබේ. ඒ නැවත ලැජ්ජා විරහිතයන්ට පුක පෙන්විමටද යන්න තිරණය කළ යුත්තේ ලැජ්ජා විරහිත උපාධිධාරින්මය.
ව පුක පෙන්නයි.

සයිටම් සටනේ ඉතිහාසය -04 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සටනට කැදවීම
නිදහස් අධ්‍යාපනය තවදුරටත් නිදහසක් නොමැති නාමකරණයක් පමණක් විය. ගෙවීගිය කාලය ශිෂ්‍ය ව්‍යාපාරයට බොහෝ අවදානම් සහගත කාලයක් විය. එහෙත් සටන නොනැවති ඉදිරියට පැමිණියේ ය. බොහෝ අය පාලකයන් සමග අත්වැල් පටලාවා ගණිමින් ශිෂ්‍ය ව්‍යාපාරයට කෝචෝක් දමද්දී පවා එයින් තම ගමන අබමල් රේණුවකින් ආපස්සට හැරුවුවේ නැත.
දැන් වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් සයිටම් සටනේ තීරණාත්මක කොටසකට උරදියයුතු කාලයකට පැමිණ තිබිණි. ඒ සමගම 2009 වර්ෂය ගෙවීයමින් තිබිණි. වෛද්‍යවරුන් වැඩවර්ජනයකට පැමිණේ යැයි සීතීමටවත් නොහැක. රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය ශිෂ්‍ය ව්‍යාපාරය එතරම් ගණනකට ගන්නේ නැත. සෑම විටම ඔවුන් වෛද්‍ය ශිෂ්‍යයින්ව පොළඹවනු ලබන්නේ ක්‍රියාමාර්ග ආපස්සට හැරවීමටය. එම නිසාම වෛද්‍ය ශිෂ්‍යයින් සටනට කැදවීම සරල හා පහසු කාර්යක් නොවීය. එහෙත් වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව අභීයෝග හමුවේ පන්තිවර්ජනයට දින තීරණය කළේය. එම තීරණය සෑම පීඨයකම දැනුවත් කිරීම ආරම්භ කළේය. ඊට වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු අසංක වික්‍රමසිංහ යටතේය. එහෙත් එකී ක්‍රියාවලිය සාර්ථක නොවුනේ වෛද්‍ය ශිෂ්‍යයින් සූදානම් නොවීම නිසාය. එහෙත් එම ක්‍රියා මාර්ගය ආරම්භ නොවුණත් එය අත්හල ක්‍රියාමාර්ගයක් නොවීය.
මේ පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබුණු සැනින් විශාල විනෝදයක් ලබාගත්තේ ඔවුන්ගේ ව්‍යාපෘතියට මින් ඉදිරියට අනතුරක් නොවනු ඇතැයි සිතමින් ය. එසේම S.B කොක් හඩලා සිනාසෙමින් අන්දරේ චරිතය රගන්නට විය. මේ අතර 2009 අගෝස්තු අන්තරේ දේශපාලන පකෂ දැනුවත් කිරීම සදහා ක්‍රියාකළේය. සෑම වාමාංශික පකෂයක් හා එක්සත් ජාතික පක්ෂය හා අනේකුත් ධනේශ්වර පකෂ දැනුවත් කළේය. එහෙත් ශ්‍රි ලංක නිදහස් පක්ෂය හා එකසත් ජනතා නිදහස් සංවිධානය සමග සිටි පකෂ ඊට අනුමැතිය නොදීය. එහිදි ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ළ වන මරදනයත් ආණ්ඩුව ගෙනයන අධ්‍යාපනය විකිණිමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරන ලදි.
සටනට අවශ්‍යම හා එහි තීරණාත්මක සාධකයක් වූ වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද අන්තරේ හමුවිය. ඔහු නිදහස් අධ්‍යාපනයට එකග මිනිසෙකි. නමුත් සයිටම් ආයතනයටද ඔහු එකග බවක් නොපෙන්වීය. එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරයට පමණක් සයිටම් ආයතනය වසා දැමිය නොහැකි බව ඔහුගේ අදහස විය. සයිටම් විරෝදී අරගලයට වෛද්‍ය නිලධාරින් ගේ සංගමය කැදවීමට ක්‍රියාකළයුතු බව මහාචාර්ය වරයා අවධාරණය කළේය. එසේ නොවන්නේ නම් සටනේදී ශිෂ්‍ය ව්‍යාපාරය හුදකලා වී විනාශවිය හැකි බව ප්‍රකාශ කළේය. එසේම ආණ්ඩුව මෙම සයිටම් අරගලයට භිය නොවි සිටින්නේ තවම වෛද්‍ය නිලධාරි සංගමය නොපැණිම නිසා බව ද උදාහරණ සහිතව පැහැදිළි කළේය. එයින් ශිෂ්‍යයින්ට අවධාරණය වුයේ රාජපක්ෂ ආණ්ඩුව සමග යම් සම්බන්ධයක් රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ නායකයින් සමග ඇති බවයි. දැන් අතික්ක්‍රමණය කිරීමේ අභියෝගය පවතින්නේ ද ශිෂ්‍ය ව්‍යාපාරය තුලය.
මේ තොරතුරු සමග නැවත නව ජවයක් ලබාගතයුතු බව ශිෂ්‍ය ව්‍යාපාරයට අවධාරණය විය. මේ නිසාම දීරඝ සාකච්ඡාවක් ශිෂ්‍ය නායකයින් විසින් ආරම්භ කළේය. එය දින කිහිපයක් දක්වා ඇදි ගියේය. කොතෙක් සාකච්ඡා කලත් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න රාශියක් ඉතුරු විය. එහෙත් ඉදිරි ක්‍රියාමාර්ග නිශ්චිත විය. සයිටම් විරෝධී අරගලයට වෛද්‍ය සංගම් කැදවිම අනිවාර්ය බවත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ලෙස වෛද්‍ය සංගම් හමුවීමට අන්තරේ තීරණය කළේය. එම ක්‍රියාමර්ගය වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවට පැවරුවේය. මෙහිදි බොහෝ වෛද්‍ය සංගම් සාකච්ඡා කළ අතර රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පමණක් ඊට වේලාව සොයාගත නොහැකිවිය.
පසුව මෙම තත්වය හමුවේ ගතයුතු ඊලග ක්‍රියාමාර්ගය වූයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ දිස්ත්‍රික් සාඛා හමුවීමට තීරණය විය. එම තිරණය සමග දිස්ත්‍රික් ශාඛා හමුවිය. එම සංගම් බොහෝමයක් සයිටම් වරෝධ් සටනට සහය දැක්වීය. සටනට සහය ලබාගැනීමට ඔවුන් රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයට බලපෑම් කරනබවද ප්‍රකාශ කළේය.
මේ සමගම වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුව නැවත පන්ති වර්ජනයට සුදානම් විය. නැවත ශිෂ්‍යයින් දැනුවත් කිරීමට වෙහෙසුනේය. ඊට පොස්ටර්,කටවුට්,අත් පත්ත්‍රිකා බෙදා හැරියේය. අවසානයේ හොස්ටල් රැස්විම් ද ගත්තේය. ඒ සමගම 2009 වර්ෂය ගෙවී ගියේය.
2010 ආරම්භයත් සමග වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවට අභියෝග දෙකක් විය. මුලිකම දේ වෛද්‍ය පීඨ පන්ති වර්ජනයට කැදවීමය. දෙවන කාරණය නව කැදවුම් කරුවෙක් තෝරා ගැනීමය.
අද මෙම කටයුතු දෙක කිරීම ඉතා සරල විය හැක. එහෙත් එදා එය සරල කාර්යක් නොවු බව අවධාරණය කළ යුතුය. එම නිසාම වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු අසංක වික්‍රමසිංහට නව කැදවුම්කරුවෙක් පැමිණෙන තෙක් අරගලයට නායකත්වය දීමට සිදුවිය. ඔහු පළමු පන්ති වර්ජනයට අවශ්‍ය මුලික ගොඩනැන්වීම් කළ පසු නග්ට්‍ය්‍ර්ට්ට්ොබසින උත්සහවතයෙක් බවත් කිවයුතුය. එසේම නව කැදවුම්කරුවෙක් පැමිණෙන තෙක් කැදවුම්කරු අසංකට තම පුද්ගලික ජිවිතයේ අවශ්‍යතා පසකට තබන්නට විය. කෙසේ වෙතත් මෙය සයිටම් සටනට මුල පිරිමට ගන්නා උත්සහයක එක් අවස්ථාවකි. මෙම සටනේ එවැනි මිනිසුන් බොහෝමයක් හමුවිය. එසේම සමහර වීරයන් පාවාදෙන්නන් බවට පත්විය.
Subscribe to:
Posts (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...