පසුගිය ඉතිහාසය පුරාවට උපාධිධාරීන්ව්වව ඇද දැමුවේ ශක්තිමත් පදනමේ සිට දුර්වල ස්ථානයකටය. පැවති ආණ්ඩු හා දැන් තියන ආණ්ඩු එසේ කළේ උපාධිධාරීන් ගේ කොදු කඩා තමන්ට අවශ්‍ය පරිදි තම්න්ගේ උවමානවන්ට නම්මවා ගැනීම සදහාය. එම නිසා සංවර්ධන නිලධාරින් බබදවා ගැනීමේ සිට ඔවුන්ට සකසන ලද සේවා ව්‍යවස්ථාව පවා සකස් කළේ උපාධිධාරීන් දෙකේ කොලේට දමමින්ය. එසේම ඊට පැවති වෘත්තීය සමිති වල ආශිර්වාදය නොවඩුව ලැබුණු නිසාවෙන් පැවති ආණ්ඩු උපාධිධාරීන් හැකි පමණ කඩේ යවා අවසන්ය. බොහෝ සංවර්ධන නිලධාරි වෘත්තීය සංගම් පාලකයෝ ඉදිරියේ නිවට නියාලු සේ හැසිරීමේ ප්‍රතිථලය අද සංවර්ධන නිලධාරින් බුක්ති විදිමින් ඇත. එය කොතරම් සෝචනීය ද යත් රාජ්‍ය සේවයේ සිටින කිසිදු වෘත්තීයක් මේ ආකාරයට පත්ව නොමැත. අඩුම තරමින් කිසිදු රාජ්‍ය ආයතනයක කිසිවෙකුට උපාධියට සරිලන රැකියාවක් ලැබී නැත. ඔවුන්ට කිසිදු උසස් වීම් පටිපාටියක් නැත.
උපාධිධාරීන් රාජ්‍ය සේවයට පැමිණෙන පළමු වසර හදුන්වන්නේ පුහුණු කාලයක් ලෙසය. එය කුමක් නිසා ඇටවුවක්ද?උපාධිධාරීන් හැරුණු කොට රාජ්‍ය සේවයට පැමිණෙන කිසිදු සේවයෙකු මෙම උප්පර වැට්ටියට හසුවි නැත. එහෙත් උපාධිය අතේ තියන් නිවට නියාලු ලෙස වසරක කාලයක් රු 20000.00කට කඹුරන්න සිදුවන්නේ උපාධිය විහිළුවක් කරමිය. අඩුම තරමේ ප්‍රසුත නිවාඩු ලබාගැනීමට බලා සිටින මවක් උපාධිධාරිනියක් වු සැනින් ඇයට ඒ සියල්ල අහිමිවන්නේ කෙසේද? උපාධියක් තීබීම ගෞරවනීය දෙයක් වනවා වෙනුවට මාතෘත්වය කෙලේසීමට උපාධිය යොදාගැනීම මොනතරම් නරුමද?
මේ සියල්ල මෙසේ සිදුවාන්නේ පැවති සංවර්ධන නිලධාරි වෘත්තී සමිති වල නිවට නියාලු ප්‍රතිපත්ති නිසාවෙනි. මේ නිසාම ඒකාබද්ධ සාංවර්ධන නිලධාරි සංගමය හැරූණාම මේ පිළිබදව වචනයක් කතා කිරීමට ඉදිරිපත් වුයේ නැත. සමාජයේ බොහෝ දේශපාලන පක්ෂ හා සංගම් මව්වරුන්ගේ දිනය සමරන්නේ මහ ඉහලිනි. ඔවුන් මහා ලොකු කතා කිය කියා මේ පිළිබදව කිසිත් නොකියා සිටින්නේ ඔවුන් ගේ මානුෂිය හැගීම් මේ ප්‍රශ්නයේදි යටපත්වන නිසා නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ඊට අසමත් නිසාවෙන්ය. මේ නිසා සංවර්ධන නිලධාරි පත්විම් ලද ඉතිහාසයේ පළමු වරට තම සේවය ව්‍යාජ පුහුණු කාලය මාස 6 දක්වා අඩු කරන ලෙසට සටනක් ආරම්භකොට ඇත. අහිමිකළ අයිතිය දිනා ගැනීමටනම් සටන් කිරීම හැර පාලකයින් ඉදිරියේ පුරු පුරු ගෑමෙන් පලක් නොවන බව අද සංවර්ධන නිලධාරින් බොහෝමයක් ප්‍රකාශ කර සිටියි. මෙම නිසා කවුරුන් හෝ එම සටන ආරම්භ කළ යුතුය. එය දුර්වල තත්වයේ සිට ශක්තිවන්තයෙක් විමේ ගමනේ ආරම්භය වනු ඇත.
මෙම සටන 2019 වදවාගත් කණ්ඩායමට පමණක් අදාළ වුවක් පමණක් නොවන බව අවධාරණය කළ යුතුය. මන්ද ඉතිහාසය පිරික්සීමේදී තම පත්විමේ දිනය රාජ්‍ය සේවයට පැමිණ දින 180 ස්තිර කරකරගැනීමට යන පළමු කණ්ඩායම මෙය නොවන නිසාවෙනි. සේවයට පැමිණ ස්තීර ලිපිද ලැබ බොහෝ කාලයක් රාජ්‍ය සේවය හිද පසුව තම සේවා කාලය ආපස්සට දීර්ඝ කරගත් පිරිස් ද සිටිති. ඔවුන් එය ලබාගත්තේ සටන් කිරීමෙන් මිස නිවට නියාලු ලෙස පාලකයෝ ඉඉදිරියේ පූස් පැටවුන් සේ හැසිරීමෙන් නොවන බව සිහිපත් කළ යුතුය. අද රාජ්‍ය සේවයේ පවතින සියලු සේවා කණ්ඩායම් තමන්ට අනන්‍ය පෞරුෂය ගොඩනගා ගත්තේ සටන් කිරීමෙනි. කිසිවෙකුට එම අයිතින් බන්දේසිය මත තබා පුජා කළේ නැත. ඊට මහා දැවැන්ත පිරිසක් දහඩිය වැපිරු අතර ඔවුන්ට අප ආචාරය පුද කළ යුතුය.
මේ වනවිට රාජ්‍ය සේවයට සංවර්ධන නිලධාරින් එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් බදවාගෙන ඇත. මේ පිරිස කිසිදු වෘත්තීයකට දෙවනි නොවන මහා දැවැන්ත බලයක් බව පමණක් ආණ්ඩුව ද දන්නා කරුණකි. එහෙත් බොහෝ අය සිටින්නේ නිවට නියාලු වෘත්තීය සමිතිවල චාටු කතාවලට හා තමන්ට මහා දැවැන්ත බලයක් තිබෙන බව නොදැනය. එම නිසා මෙම මොහොත ධෛර්යය වන්තන්යින් නැගි සිටින මොහොතකි. නිවටයන් ඔවුන්ගේ කකුළෙන් අදින මොහොතකි. කෙසේ වෙතත් ධෛර්යය වන්තයින්ගේ නැගී සිටීම නිවටය නිවටයන් වලක්වන්නේ කෙසේද? මොකද ඊටද ඔවුන්ට ශක්තියක් නැති නිසාවෙනි. එමනිසා නිවටයන්ට හැක්කේ ධෛර්ය වන්තයින්ගේ ගමනට කොළරොඩු වලින් පහර දීමය උසුළු විසුළු කිරීම හෝ නාහෙන් ඇඩීම පමණි. කෙසේ වෙතත් පුහුණුවට ගත් සංවර්ධන නිලධාරින් මාස 6 න් ස්තිර කිරිමට ආණ්ඩුවට බලකරන අරගලය මාර්තු 02 දින දියත් කරනු ඇත. මෙම බදවාගත් සංවර්ධන නිලධාරින්ගේ ඉතිහාසයට තවත් එක් දිනයක් පමණක් නොවනු ඇත. මාර්තු 02 එම ඉතිහාසය නව දිසාවකට ගෙනයන දිනයක් වනු ඇත. එය කිසිවෙක් ඔළු ගෙඩිවලින් මනින්නට යන්නේ නම් හේ ජීරණය නොවු අහාරගත් විකටයෙක් වැන්නෙකි. එමනිසා මෙම සටන ඓතිහාසික ඇරැඹුමකි. ඊට ධෛර්යය වන්තයින් පෙල ගැසෙනු ඇත. එසේම ධෛර්ය පතන්නෝ සුබපතනු ඇත. ජය පතනු ඇත.

No comments:
Post a Comment