''කියන දේ අහගෙන හිටපල්ලා, මේක තියෙන්න ඕන ගෝඨා පාලනය' මිස තොපේ පාලනය නෙවෙයි - ,,මර්ෂල්,, කැලණිය විශ්වවිද්‍යාලයීය'
දින කිහිපයකට ප්‍රතම කැලණිය විශ්වවිද්‍යාලය තුල CCTV කැමරා ස්ථාපිත කර ඇත. ඊට ශිෂ්‍යයින් දැඩි විරෝදය පල කළේය. මෙසේ අවස්ථා කිහිපයකදීම ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත්කර කියා සිටියේ ශිෂ්‍යයින් මර්දනය සදහා ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ නවත්වන ලෙසය. ඊට ප්‍රතිචාරය ලෙස මාර්ෂල් මහතෙකු කියා තිබෙන්නේ '' කියන දේ අහගෙන ඉදපල්ලා, මේකේ තියෙන්න ඕන ගෝඨා පාලනය මිස තෝපේ පාලනය නෙමෙයි. තොපි ගෝඨාභය මහත්තයට බයවෙන්න ඕන නැත්නම් තොපිට හොද ගේමක් සෙට් වෙනවා බලාගෙන ඉදපල්ලා''
මේය කිකන් කී කතාවක් නොව තර්ජනය කිරීමකි.මේ කැලණිය වෙලාගෙන යාමට සුදානම් වන මර්දනයේ ස්වභාවයයි. එය අතිශ්‍යයෙන්ම භයන්කර වන්නේ ආණ්ඩුවේ අරමුණ ශිෂ්‍යයින් ජනාධිපති ගෝඨාභයගේ නම ඇසු සැනින් භියෙන් සලිතවා දැකීමනම් මින් ඉදිරියට කේදනීය කාලයකට සමාජයට මුහුණ දීමට සිදුවනු ඇත.
CCTV කැමරා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ශිෂ්‍යයින්ගේ විරෝධයට කන් නොදී පාලකයන් තම උගුල සකස් කිරීමට කටයුතු කළේය. ඒ අනුව අවසානයේ ශිෂ්‍යයින්ට කියා තිබෙන්නේ අපිට ඕවා ගලවන්න බෑ. මේක ඉහලින් ආව ඕඩර් එකක් ඒ නිසා ඔයාලා බැහැලා ගලවලා දාන්න. මෙහෙම පරිපාලන නිලධාරින් ශිෂ්‍යයින්ට උත්තර දෙනකොට ඔයාලට මේ දේවල් කරන්න බැරීනම් අපි ගලවලා දෙන්නම් යැයි ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව ශිෂ්‍යයින් පිරිසක් සමග කැමරා ගැලවීමට පරිපාලන නිලධාරින් කිහිපදෙනෙක් ද පැමිණ ඇත. ශිෂ්‍යයින් කැමරා ගැලවන විට එක්වරම එක් පරිපාලන නිලධාරියෙක් ආවේෂයෙන් මෙන් විරෝධය පලකරමින් කෑකෝ ගසා ඔවුන්ම ගලවාගන්න යැයි කී කැමරා ගලවන විට ඊට එරෙහිව මොර දෙන්නට පටන්ගෙන ඇත. අවසානයේ ශිෂ්‍යයින් සියලුම CCTV කැමරා ගැලවා පරිපාලනය වෙත බාරදීමට ගොස් ඇත. එහෙත් කලින් කී ලෙස පරිපාලනය කැමරා භාරගෙන නැත. ඒ අනුව ශිෂ්‍යයින් ඒවා ආරක්ෂක අංශ වෙත භාර දී ඇත. මෙම සිදුවිම කිරීමට පෙර මේ පිළිබදව විශ්වවිද්‍යාල පරිපාලනය දන්නේය. නමුත් දැන් මේ පිළිබදව මාධ්‍යට ප්‍රකාශ කර තිබෙන විකෘති කරන ලද තොරතුරුය. මාධ්‍යට අනුව කැමරා ගලවා තිබෙන්නේ හොරුන් පිරිසකි. එසේම එවා සෝරාගෙන තිබෙන්නේ පරිපාලන නිලධාරින් ඒවා ඔයාලට ඕනෑනම් ගලාවා ගන්න යැයි කී පිරිස නොවේ. දැන් ඒවා ගලවාගෙන තිබෙන්නේ සැකකාර ශිෂ්‍යයින්ය.
දැන් කැලණිය විශ්වවිද්‍යාලයට මර්දනය පැමිණීමට නියමිතය. එය පැමිණෙන්නේ ඉතාම සංවිධානාත්මකවය. ඊට මාධ්‍ය තමන්ට රිසි ලෙස එවා යොදා ගනිමින් සිටියි. දැන් මෙම සිදුවිමේ සත්‍ය කිසිවක් ජනතාවට දැන ගැනීමට නොහැකිවනු ඇත. එසේම ශිෂ්‍යයින් ලබා දෙන අදහස් කපාකොටා ආණ්ඩුවට වාසිවන ලෙසට විකාශනය කරනු ඇත. මෙම මර්දනය සරල නොවන්නේ එබැවිණි. විශ්වවිද්‍යාල තුල පවත්වන මංජුසාව, බිහිදොර කලා උළේලවල් වලට කිසිම මාධ්‍යක් පැමිණෙන්නේ නැත. එහෙත් මෙම සිදුවිම සිදුවී විනාඩි කිහිපයක් තුල දෙරණ නාලිකාව පැමිණ ඇත. සමහර විට මෙම සිදුවිම සිදුවන තෙක් ඔවුන් පාරට වී බලා සිටියාක් මෙන් දෙරණින් ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇත.
කෙසේ වෙතත් මේය ආණ්ඩුවේ ක්‍රියාන්විතයක් වී අවසන් බවනම් පැහැදිලිය. එම නිසා ශිෂ්‍ය ව්‍යාපාරය මෙම මර්දනය හා එහි ස්වරූවය රටතුලට ගෙනයාමට වෙහෙසිය යුතුය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment