නවකවදය පිළිබදව සමාජයේ තිබෙන්නේ පිළිකුල් සහගත හැගීමකි. එය එසේ විය යුතුය. අපද නවක වදයට එරෙහි වන්නෙමු. එසේම මේ තත්ත්වය ආණ්ඩුව තම දේශපාලන අරමුණු වලට භාවිතා කරන ආකාරය පැහැදිළි කරගත යුතුය. මීට ඕනෑ තරම් උදාහරණ තිබේ. නමුත් මේ පිළිබදව සමාජයට හොද වැටහිමක් නැත. එසේම එම අවබෝධය සමාජගත කීකීරීමට කිසිවෙක් වෙහෙසෙන්නේ ද නැත. එම නිසා ආණ්ඩුව නවකවදය යෝදාගෙන ශිෂ්‍ය ව්‍යාපාරය දැඩි මර්දනයකට ගෙන යමින් තිබේ. එහි ඊලග අදියර ලගදීම කළ එළි බසිනු ඇත. ඒ 2020 වර්ෂය සදහා නවක කණ්ඩායම් බදවා ගැනීමෙන් අනතුරුවය.
2008 වර්ෂයේ දී පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වුවේ එස්.බී දිසානයක ය. ඔහු ශිෂ්‍ය ව්‍යාපාරයට කළ හානිය අති මහත්ය. එම වර්ෂයේ රුහුණු විශ්වවිද්‍යාලයේ තිළිණි හා කෞමිණි ශිෂ්‍යාවන්ට මර්දනයේ සැහැසිකම බුක්ති විදීමට සිදුවිය. ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ ජිම් කැන්ටින් එකේ කෑම ගැනීමට පොලීමේ සිටි ශිෂ්‍යාවක් කලන්තේ දැමු පසු ඇය රොහල් ගත කිරීම නිසාය. මෙම සිදුවිම පසුව නවක වද සිදුවිමක් බවට පරිවර්තනය කෙරිණි. ඒ විශ්වවිද්‍යාල පරිපාලනය මැදිහත් වි රෝගි වු ශිෂ්‍යාව බිය ගන්වා ඇගෙන් කට උත්තර ලබා ගනිමින්ය. ඒ අනුව නවකවද චෝදනාව යටතේ තිළිණි හා කෞමිණි ශිෂ්‍යාවන්ට දින 68ක් සිරබත් කෑමට සිදුවිය. එම කාලයේ එය විශ්වවිද්‍යාල පද්ධතිය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර මාධ්‍ය මෙම සිදුවීම නවකවදය නිසා සිදුවිමක් බවට තහවුරු කළේය. සත්‍ය වශයෙන්ම ආණ්ඩුවේ මර්දන අවශ්‍යතාවට මෙහෙය වූ මාධ්‍යයේ බොරුව අවසන්වන්නේ දැමු නඩුවෙන් කිසිවෙක් වරද කරුවන් නොවීම හරහාය. එය ඒ මොහොතේ ආණ්ඩුවේ අවශ්‍යතාව සදහා ගෙන ගිය දේශපාලන ව්‍යාපෘතියක් පමණි .
මේ කාලය තුල මෙවැනි සිදුවිම් දහසක් පමණ සිදුවිය. ඒ හරහා පන්ති තහනම් කිරීම් ශිෂ්‍ය භාවය අහෝසිකිරීම් නිවෙස්වලට පැමිණ බිය වැද්දවීම් 1178 වාර්තා විය. එහි ඊලග සිදුවීම සිදුවුයේ 2014 වර්ෂයේදීය. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට නව්කවදය ලබාදුන් බවට චෝදනාකර ශිෂ්‍යයින් 11 දෙනෙක් හා ශිෂ්‍යාවන් 4 දෙනෙක් දින් 84 සිරගත කිරීම හරහාය.
මෙම සිදුවීම නියමිත පරිදි සැලසුම් කරන ලද එකකි. නවකවදයට ලක්වුවායැයි කියන ශිෂ්‍යාව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක සමග සමීපව කටයුතු කළ අයෙකි. ඇයට නනවකවදය ලබාදෙන විටත් ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක සමග දුරකතන සංවාදයක යෙදී සිටියාය. එම සිදුවීම සමග ඇය ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක වෙත දිව යන්නේය.ඉන්ප්සු පසු කැලණිය විශ්වවිද්‍යාලයේ පරීපාලනයේ අවශ්‍යතාව මත ඇය කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළාය. සතියකට පසු එම පැමිණිල්ල නැවත සංශෝදනය කරන්නේ විශ්වවිද්‍යාල පරිපාලනයේ අවශ්‍යතාවට අනුවය. නැත්නම් ආණ්ඩුවේ අවශ්‍යතාව අනුවය. ඒ සමගම ඇය විශ්වවිද්‍යාලයේ සිටි එසේම පරිපාලනයෙන් ලබාදුන් නාම ලෙඛනයට අනුව පැමිණිල්ල අලුත් කරන්නේය.
දැන් නවකවද චෝදනාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දින 84 සිරබත් කා අවසන්ය. එහෙත් දැන් පැමිණිල්ල දැමු ශිෂ්‍යාව හෝ පරිපලනයට එම නඩුව පිළිබදව වගේ වගක් නැත. එය අවස්න්ය. ඒ එම මොහොතේ ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කළ ආකාරයයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ වැටමාර පොල්ලේ කතාවද එසේය. එහි කිදු සත්‍යතාවක් නොමැත. නමුත් ආණ්ඩුව තම දේශපාලන උවමනාවන් ඉටුකරගෙන අවසන්ය. ඉදිරියේදි මෙම තත්ත්වය තවත් තිවුරවනු ඇත. විශ්වවිද්‍යාල මට්ටමින් ඊට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස්කොට අවසන්ය. එමනිසා ශිෂ්‍ය ව්‍යාපාරය මේ තත්ත්වයට මුහුණ දීමට සුදානම් විය යුතුය. මේ පිළිබදව සමාජයට හෙලි කල යුතුය. නැත්නම් නවකවදය නමින් ගොඩනැගෙන මර්දනයෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට දැඩි හානි සිදුවනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment