මේ තත්ත්වය උපාධිධාරියා ගේ ජීවිතයම අකර්මණ්‍ය කළේය. ඒ රාජ්‍ය සේවයේ කිසිදු තනතුරකට මේ ආකාරයේ දඩුවමක් නොලැබෙන නිසාය. අනෙක් බදවාගැනීම් වලට ලැබෙන පුහුණුව ඔවුන් බදවාගන්නා විෂයට අනුව හොඩනගා තිබේ. ඊට අදාළ නෛතික රාමුවක්ද ඇත. එහෙත් උපාධිධාරීන් කරන්න නියමිත කාර්‍ය පිළිබදව හෝ සදහනක් නැත.ඊට තවමත් සේවාව්‍යවස්ථාවක් නැත. ලැබෙන්නේ දීමනාවකි. එය රු 20000 කි. එයද ලැබෙන්නේ නිෂ්චිත වේලාවකට හෝ දිනයකට නොවේ. මෙසේ වසරක අතිශ්‍යය දුෂ්කර කාලයක් පසුකළ 2018 බදවාගත් කණ්ඩායමට අත්ව තිබෙන ඉරණම කණගාටු දායකය. ඔවුන් වසරක් වැඩ කළත් තවම ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු සම්පුර්ණ කොට නැත. ආණ්ඩුවට පාධිධාරීන් කෙළි බඩුවක් වු නිසාම අවසානයේ 2018 කණ්ඩායමට උද්ඝෝෂණය කිරීමට පවා සිදුවිය.
නව ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සැරසෙන්නේ පැරණි ක්‍රම වේදයටමය. එහෙත් පවතින විරෝධය නිසාම යම් යම් වෙනස්කම් කිරීමට සැරසී තිබේ. පුහුණුව මාස 6කට අඩුකොට තිබේ. දීමනාව රු 35000ක් කොට තිබේ. එහෙත් තවම සේවාව්‍යවස්ථාවක් නැත. උසස්වීම් පටිපාටියක් නැත. ඒවා දිනාගත යුතුය. එසේම දිනාගත් දේ සටන්කළ සියලු දෙනාගේ ශක්තිය හා කැකැපවිමේ ප්‍රතිඵලයන්ය. එහි ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුය.
එසේම 2019 බදවාගත් කණ්ඩායම තවම වහාම ස්ථිර කළ යුතුය. ආණ්ඩුව පැරණි ක්‍රමවේදය ආසාර්ථක බව පිළිගෙන එහි වෙනස්කම් සිදකර ඇත. එහෙත් එම අසාර්ථක ක්‍රම වේදයේ 2019 කණ්ඩායම පවත්වාගෙන යාම අසාධාරණය. එය නිවැරදි වුවත් ඒ පිළිබදව කිසිත් නෑ සුනාක් මෙන් සිටිමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටියි. දැන් 2019 කණ්ඩායම මෙම තත්ත්වය වෙනස් කිරිමට මැදිහත් විය යුතුය. නැසෙන කං ඇරීමට කටයුතු නොකළොත් නැවත රැකියාව ස්ථිර වන දිනය කිසිවෙකුට කිව නොහැක. මන්ද ඒ වනවිට ආණ්ඩුව ඡන්ද ව්‍යාපාර නිම කොට තිබෙන නිසාය. එම නිසා 2019 කණ්ඩායම වහ වහා තම රැකියාව ස්ථිර කිරිමට අදාළ සටන ඇරැඹිය යුතුය.

No comments:
Post a Comment