Friday, October 19, 2018

ආණ්ඩුවේ අත් උදව් කරුවෝ වු උපාධිධාරින්



ආණ්ඩුව දැවැන්ත අර්බුදයක සිරවි සිටියි. සෑම තැනකම උද්ඝෝෂණය. කෙළවරක් නැති ප්‍රශ්න විසදිමට කිසිවෙක්ට උවමනාවක් නැත. විසදුමක් ලැබෙන්නේ කරදර කාරයන්ට පමණි. එයත් හැකි පමණ යටි උගුල් ඇටවිමෙන් පසුවය. ආණ්ඩුවේ උප්පර වැට්ටි තේරුම් ගන්නෝ ඒවා මග හැර ජයගන්නේය. රැකියා විරහිත උපාධිධාරින් වසර ගණනාවක් පුරාවටම ආණ්ඩුවට කරදර කළේය. මේ නිසාම ආණ්ඩුව මේ වසරේ උපාධිධාරින්ට රැකියා දෙනබවට සපත කළේය. එහෙත් ආණ්ඩුව උද්ඝෝෂකයන්ගේ උවමනාව තම දේශපාලන අවශ්‍යතා සදහා යොදා ගත්තේය. මෙහිදි ආණ්ඩුව උපාධිධාරින් හැකි පමණ රැවටීය. සම්මුඛ පරික්ෂණ රාශියකි. ඒ අතර අභ්‍යන්තර හා බාහිර ලෙස උපාධිධාරින් බේද කළේය. දැන් සංගම් දෙකකි. එකක් සියලු දෙනාම නියෝජනය කරන සංගමයත් අනෙක බාහිර උපාධිධාරින් සදහා ගොඩනැගු එකකි. ආණ්ඩුවේ මෙම දේශපාලනය මරුය. දැන් නැවත මේ උපක්‍රම තේරුම් ගැනිමට උපාධිධාරින්ට කාලයක් යනු ඇත. එතකන් බෙදුනු අයත් ඊට උඩගෙඩි දුන් අයත් තටම තටමා සිටුනු ඇත. තැටමිම ප්‍රමාණවත් නොවන බව තේරුම් යනවිට මේ වර්ෂය ගෙවි ඡන්දය පැමිණෙනු ඇත. ඡන්දයේ දි රැකියා නැත. එය කිසිවෙක් පිළිනොගත්තත් සත්‍යය එයවනු ඇත. නැවත රැකියා ලැබෙනවානම් ලැබෙන්නේ 2020 ජනාධිපතිවරණය පැවතුනොත් පමණි. එතෙක් උපාධිධාරින් හුල්ල හුල්ලා සිටින ලෙස මතක්කරමු.

ආණ්ඩුවට මේ සදහා පාර තනා දුන්නේ උපාධිධාරින්මය. ආණ්ඩුවේ උපක්‍රම නොතේරෙන නිසා වලපල්ලට යාමට තීරණය කළේ ඔවුන්ය. මෙවන් උපාධිධාරින් ආණ්ඩුවට කෙතරම් ආශ්වාදයක් සපයන්නේද? එමනිසා ආණ්ඩුව උපාධිධාරින්ට ස්තුති කළ යුතුය. එසේම ඔබ එකතු නොවන්න බේදවන්න. හැකි පමණ වෙන්වන්න එවිට ආණ්ඩුව තවත් ඔබට ප්‍රෙම කරනු ඇත. එහෙත් රැකියා නොලැබෙනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...