Wednesday, July 4, 2018
උපාධිය අතේ තියන් ආණ්ඩුව interview ෆෙල්
උපාධිධාරින්ට රැකියා ලබාදෙන බවට මහ ඉහලින් ආණ්ඩුව සද්දේ දැම්මේ ය. ඒ සද්දෙන් කියවුනේ ආණ්ඩුවේ හැකියාවද නොහැකියාවද යන්න හදුනා හැනීමට පවා නොහැකිවිය. ඇමතිවරු අජරාමර ටෝක් දුන්නේ උපාධිධාරින්ට රැකියා වලට සුදුසු නොවන නිසා පුහුණුවක් ලබාදිය යුතු බව කියමිණි. එහෙත් ඔවුන්ට පුහුණුවක් හෝ interview එකක් තබා ගැනිමට නොහැකි බව ඔප්පු කිරීමට වැඩිකලක් නොගියේය.
සම්මුඛ පරික්ෂණයට පැමිණි උපාධිධාරින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න වෙනුවට කොහෙද යන්නේ මල්ලේ පොල් ප්‍රශ්න ඇසීමට සම්මුඛ පරීක්ෂකවරුන්ට සිදුවිය. ඒවා පාසලේ දී වසර 13 ක් විශ්වවිද්‍යාලයේ වසර 4ක් ඉගෙන ගත් අයෙක්ගෙන් නොව මොන්ටිසෝරි බබාලාගෙන් පවා ඇසිය යුතු ප්‍රශ්න නොවේ. බොහෝ උපාධිධාරින්ට සම්මුඛ පරීක්ෂකවරුන්ව නැවත පරීක්ෂාවට ලක්කිරීමට වුයේ එහෙයිනි.
ආවේ බස් එකේද?
ඇයි එහෙට කොච්චිනැද්ද
,ජොබ් එකක් කරන්නම ඔනමද?
අපි ලකුණු දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා,
උපාධි සහතිකේ නෙවෙයි ඔයා ක්‍රිඩා සමිතියක වැඩකරලා නැද්ද,
ඇයි ඔයා english වලින් උපාධිය කරලා තව කෝස් කරේ නැත්තේ,
අනේ අනේ english වලින් උපාධිය කරට පස්සේ තව මොන කෝස්ද අප්පා මේ මොන ප්‍රශ්නද උපාධිධාරින් ප්‍රශ්න කරන්නට විය. ක්‍රිඩා,යෞවන සමාජ මරණාධාර සමිතිවල, අවුරුදු උත්සව වල,දන්සල් වල ඇති පදන් ඉදපු අපිට එවායේ සහතික වල ලකුණු දෙන්නේ කිකියා මොකක්ද මේ කරන සෙල්ලම.
එහෙම කීවට බෑ
කියලා මේ අය පශ්චාත් උපාධි ගැනත් අහනවා, ගෙදර අම්මාට තාත්තට සලකන්නේ කොහොමද කියලා හිතන මිනිසුන් ට පශ්චාත් උපාධි ගැන හිතන්න පුළුවන් ද? මෙයාලා මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නෙම උපාධිධාරින් අපහසුතාවයට පත්කිරීම සදහා යි. එහෙත් ඉන් සම්මුඛ පරීක්ෂකවරුන් ඇණගත්තා මිස වෙනකක් සිදුවුනේ නෑ.
කෙසේ හෝ මරණාධාර සමිතිවල,ක්‍රිඩා සමිතිවල සහතික ගත් පිරිසක් ද පොලිමට එකතු විය. ඔවුන් මේ සම්මුඛ පරීක්ෂණය යන හැටි හොදින් දැන සිටියේය. වැඩි කතාබහක් නැත. ඔවුනට ලකුණු ලැබුණි.
20000ක් බදවාගන්නා බවට පාරම්බෑ ආණ්ඩුව 5000ක් බදවා ගන්නා බව කීවේය. ඒ වෙනකිසිවෙක් නොව යටින් හැදූ ලිස්ට් එකය. ඔවුන් සුදුසුකම් ලැබුවෝ විය. නමුත් සම්මුඛ පරික්ෂණයේ ප්‍රතිඵල පිටතට දී ගත නොහැකි වූ ආණ්ඩුවට තම අවශ්‍යතාවය විනිවිඳ භාවයෙන් යුක්තව කරගැනීමට නොහැකිවිය. හැමදෙනා ආණ්ඩුව interview එකෙන් අසමත් කොට තිබුණි. හරියට ඇසිමට ප්‍රශ්නයක් හදා ගැනීමටවත් නොහැකිවිය. ලිස්ට් එකට අනුව එක එක දිස්ත්‍රික්ක ලබා දී තිබු ප්‍රතිඵල වෙනසය. ඉන් පොළොන්නරුවට ලැබි තිබුණේ අඩු අගයකි. එය ජනාධිපතිවරයාට ගැසු පහරකි. මෙය එක් එක් එජාප මන්ත්‍රී වරුනට අනුව සැදු ලිස්ට එකකි. එමනිසා ජනාධිපතිවරයා තමන්ට ද වාසි සැලසෙන වැඩ පිළිවෙළකට පමිණියේ සියලු පරීක්ෂණ අත් හැර දමමින් ය. ඒ අනුව නැවත සම්මුඛ පරික්ෂණයට උපාධිධාරින්ට යාමට සිදුවේ. එහිදි කලින් මෙන් ගොන් ප්‍රශ්න නොකරන ලෙස උපදෙස්ද ලබාදී තිබේ.
මෙම ක්‍රියාවලියේදි බදවා ගන්නා ප්‍රමාණය 20000කට සීමා වේ. එහිදී අභ්‍යන්තර හා බාහිර ලෙස වර්ග කරන අතර වැඩි ඉඩක් ලබා දෙන්නේ කාටද යන්න සාකච්ඡාවට ගනිමින් සිටියි. ආණ්ඩුවට මෙහිදි රැකියා විරහිත උපාධිධාරී සංගමය දෙකඩ කළ හැකිය යන විස්වාසය මත මෙම උපක්‍රරමය භාවිතා කරයි. එහිදී අභ්‍යන්තර හා බාහිර දෙපිරිස අතර ගැටුමෙන් තවත් කාලයක් රැකියා ලබා නොදි සිටිය හැකිබව ආණ්ඩුව තක්සේරු කර තිබේ. එම නිසා ඊට උපාධිධාරින් දක්වන ප්‍රතිචාරය අනුව රැකියා ලැබාදීම තිරණය වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment