Wednesday, July 4, 2018

ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදයේ තරම


මෛත්‍රී ජනාධිපතිවරයා මහින්ද සමග ආප්ප කා පිටව ගියේ. රාජපක්ෂ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධියැයි පවසමිනි. එහෙත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අරථ ගැන්වුයේ කුමක්ද යන්න බොහෝ අය නොදනියි. ගුරු වැඩවර්ජනයට සමගාමිව සංවිධානය කළ විරෝධතාවට ආණ්ඩුව මැර ප්‍රහාරයක් එල්ළ කළ පසුව මේ ගැන නැවත කතා බහට පැමිණ තිබේ. මෛත්‍රීපාල ජනාධිපති ගේන ඒමට වැඩිදායකත්වයක් ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් ද සිදු කළේය. එහෙත් ඔවුන්ටම නැවත මෙසේ පහරදීමට තරම් මෛත්‍රී පිළ අකාරුණික ද?

නැත. එය වැරදි අර්ථකතනය කි. 2015 දි මෛත්‍රී ජනධිපති වෙනුවෙන් ගුරු සංගම් පෙනීසිටිම තුලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නේ නැත.

මෛත්‍රී පැමිණියේ අපට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට නොවේ. එය සමාජයේ වරප්‍රසාදිත අය වලුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යි. අධිකරණයේ ස්වාධීන තාවය,මාධ්‍ය නිදහස,චන්ද්‍රිකා ගේ නිදහස,ෆොන්සේකා ගේ නිදහස ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එහි කොහොවත් ආර්තික නිදහස ගැන නොකියවිනි. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කළේ ආර්තිකයෙන් බැට කන කම්කරුවෝ,‍ ගුරුවරු ,ශිෂ්‍යයෝ ගොවියෝ ගැන නොවේ. ඔවුන් තමන්ගේ අවශ්‍යතාවයේ සීමාව පමණක් ලකුණු කර ඇත. එමනිසා ගුරු උද්ඝෝෂණයට එල්ළ කළ මැර ප්‍රහාරය රාජ්‍ය බලය සහිත පන්නයේ සත්‍යය උවමනාව ය. එය ප්‍රජාතන්ත්‍රවාදය කැඩිමක් නොව උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමකි. එසේම අප සොයනා ප්‍රජාතන්ත්‍රවාදයට තව බොහෝ දුර යා යුතුය. ඊට දැන දැන කඩේ යාම නතර නොකර එය සොයා ගත නොහැක. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය යන සටන්පාඨයට මුලාවෙලා කළ සෙල්ලම් වෙනුවට සැබෑ ආර්තික නිදහසක් හිමි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටන ඇරඹිය යුතුය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...