Thursday, July 5, 2018

විරැකියාව මරණය සමග රමණයේ

ම්
ධනවාදයට විරැකියාව යනු අමුතු දෙයක් නොවේ. ඊට ධනවාදින් කිඹුල් කදුළු හෙළුවාට ඔවුන්ගේ සැබෑ අරුත සොච්චම් වැටුපකට මෙහෙකරුවන් විමට කැමති  වුවන්ගේ අතිරික්තය ලෙස ගණනය කොට ඇත. ඉල්ලුම් සැපයුම් නියමයට අනුව වැඩි විරැකියා ලාභින් සිටින විට අඩු මුදලට මෙහෙකරුවන් සපයා ගත හැකිය යම් යන්න ය. ඒ අනුව යාපනයේ සත්‍යසීලන් රැකියා විරහිත උපාධිධාරියාගේ සියදිවි නසා ගැනීම පාලකයන් තෙරුම් ගනුයේ ඊට අනුරූපව ය.

සත්‍යසීලන් වසර 13ක් පාසල් අධ්‍යාපනය නිමවා විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ දැන් සියලු ප්‍රශ්න වලට විසදුම් ලබාගත හැකිය යන අර්ථයෙනි. එහෙත් උපාධිය ලැබීමෙන් පසුව එය එසේ නොවන බව පසක්වම මිනිසෙකුට කෙතරම් පීඩාවක් ගෙනදෙන්නේද? දැන් උසස් පෙළ හදාරන ශිෂ්‍යයින් මරාගෙන මැරෙන විභාගයකට තරග කරන්නේ කුමක් සදහා ද? ඒ පහසුවෙන් ජීවත්වීමට රැකියාවක් සොයා ගැනීම සදාහාය. ඔවුන් ඒ වෙනුවෙන් ළමා කාලය කැපකර හමාරය. තරුණ කෙලිළෝල් අවදිය ඒ සදහා බිලි දී හමාරය. යහළුවෝ, නෑදෑයෝ දුරස්කොට තබන්නේ ය. තම දෙමාපියන් සමග ඇති සබඳතාවය ද මේ අනුව කෙටිකර ගන්නේය. ජිවත් වීම සදහා ධනවාදය අපට කියන මෙම මාර්ගය ද මැදුන්පිළිවෙතේ යා හැක්කක් නොව. එය දුෂ්කරක්ක්‍රියාවල දිබෙන අසීරුම ඉළක්කයක්ව තිබේ. නමුත් ඉන් ලැබෙන්නේ සතුටක්ද වේදනාවක් ද? අනෙකා කපා දැමීමට උගන්වා තිබෙන අපිට හිත හදා ගැනීමට ඉතුරුව තිබෙන්නේ මා මෙන් තවකෙක් වෙදනා විදිනු දැකීම හෝ මට වඩා වේදනා විදිනවුන් දැකීමෙන් ය.

සත්‍යසීලන් මැරෙන්නේ ජීවත්වීමට රැකියාවක් සොයා ඉබාගාතේ වේදනාවිදිමින් ඇවිද ඔහු ගේ වේදනාවෙන් අනිත් උන් තමන්ගේ වේදනාව යටපත් කරගත් නිසාවෙනි. රැකියා විරහිත උපාධිධාරින් අනෙක් තරුණයන් ගේ රැකියා ප්‍රශ්නය ආමන්ත්‍රණය කළේ මොන මට්ටමින්ද එය තවකෙකුගේ අයිතිය ගැන කතා කිරීමට ගත් උත්සහයකි. නමුත් තමන්ගේ ගැටළුව මිස අනෙකුගේ ගැටළු තමන්ගේ මෙන් යැයි හැගෙන් ව්‍යාපාරයක් නැත. එමනිස සත්‍යසීලන් මෙන් තවත් බෝහෝ අය පොළොවේ වැලෙලෙනවා පමණක් නොව අපාදුක්විද ජිවත්වනවා ඇත.

දැන් උපාධිධාරින්ට රෙදුනාට හඩන්නට වෙනත් කිසිවෙක් නැත. එසේම සත්‍යසීලන් තමිල් මිනිසෙකු නිසාවෙන් ඔහු පිළිබඳව හඩන්නට සිංහලයන් හෝ මුස්ලිම්වරුන් පැමිණෙන්නේ නැත. සමාජයට මිනිසෙක් මැරී ඇත. ඊට වඩා දෙයක් දැනෙන්නේ නැත. එසේ දැනෙන්නට නම් අනෙකාගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් අවශ්‍ය ය. එය එසේ සරලව සිදු නොවේ. වේදනාව කාගේවුව ඊට එරෙහිව සටන්කරන බලයක් අවශ්‍ය වනු ඇත. එකී බලය සියලු මිනිසුන් ට පාර කියනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...