Friday, July 6, 2018

නානසාර හිමි, අගරදගුරු පිලිප් විල්සන්ට වඩා භයානකය


අපි නියම තක්කඩින් ය. කොතරම් තක්කඩියන් ද කිවතොත් ලැජ්ජා විරහිත තක්කඩියන් ය. අපි මිනිස්සුන් ගේ අයිතින් ගැන කිසිදු තැකීමට භාජනය නොකරමු. අප මොනතරම් විරූපි සිත් ඇත්‍තන්ද කියතොත් අප ගේ දිව නැවෙන්නේ කෙසේද ඒ ආකරයට අපගේ සිතුවිලිද නැමෙමින් පවති. බොරු කීම පවක් වුවද අප ඊට උරුමකම් කියන්නේ අවංකයන් ලෙස පෙනිසිටීමට පවා බොරුවට රගපාමින් ය. කැතම කැත අශ්ලීල වීමට අප තව එකදු පියවරක් තැබිය යුතු නැත. ඒ සියල්ල අපි පසුකර හමාරය .
සමජ සාධාරණත්ව අපේ සමාජයට විහිළු ගෙනදෙන වචනයකි. අපි ඉන් තවකෙකුට කිංඩියට සිනාසෙමු.

එහෙත් සමහර රටවල් එසේ නොවනවා සේම වංකගිරි වලට අතු හෝ පර්වත කියා කියන්නේ නැත. සුදෝ සුදට ඇද පැලද ගොස් තක්කඩි සිවුරකට වැද නමස්කාර කිරීමෙන් ලැජ්ජා විරහිත කැත වසා ගත හැක. ඒ අප ජිවත්වන සමාජයේ හැසිරීමයි. අප ගේ ලැජ්ජා විරහිත කෙරුම් කියුම් අකා මකා දැමීමට නම් සිවුරු පොටට හසුවන ඕනම දෙයක් දානයක් ලෙස පිළිගැන්විය යුතුය.  දැන් අපි තිහාසය පුරාවටම කුණු වී ගද ගහන මෙම බෙලෙක් ට්න් හඩ පමණක් වයමින් සිටිමු. සමානාත්මතාවයෙන් බලන්න වෙන වෙන උපකණ අපි සගවා ගෙන සිටියි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ අධිපතිවාදි භික්ෂුන්ගේ සුරතිනී. ඔවුන්ට  මිනිසුන්  සියලුදෙන මිනිසුන් නොවෙති. හම්බයා, දෙමළා මිනිසුන් නොවෙති.

ගැහැණුන් යටකර දමන පා පිසිය. නමුත් කාන්තාවගේ බුරිය අතගාමින් මවු ගුණ ගායනා කළ හැකිය. එහෙව් රටේ අපි නියම සිංහ ලේ උන්‍ ය. නානසාර හිමිට ඕනෑම පදයක් කියා එක්නැලිගොඩ භාර්‍යාව ඇමතිය හැකිය. එය එසේ නොකරන්නේ නම් කාන්තා විමුක්තියට කැලලකි. නීතිය නැමූ නැමිල්ලේ හැටියට දැන් කාන්තා විමුක්තිය දොරෙගලමින් තිබේ. ඔන්න අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. නානසාර වන්දනාව ජම්පරයට කොටු කිරීමට නොහැක. ධනේශ්වර  නීතිය බල සම්පන්න යැයි කීවත් කෙලතොල්ලෙක් කෙසේ නම් එහි අග්‍ර කැරකුවේද? දැන් නීතිය කියා දෙයක් තිබේ නම් එය සේවය කරනුයේ පිස්සු බල්ලන්ගේ අනුහසට පමණි.

මේ බලු නීතියට අනුව මුස්ලිම් කඩ පිළිස්සිය හැක. එසේ කරන්නවුන් සිංහලයන් නම් ජාති මාමකත්ව සළු පිළි ඉබේම ඇවිත් පෙරවෙනු ඇත. මහචාර්‍ය නලින් ද සිල්වට ,ගෙවිදු කුමාරතුංග ට තිබෙන්නේ මොවුන් දෙපයට මල් දමා සරසා මුතුකුඩ යටින්ගෙනයාමය.ඔවුන් පිවිතුරු කමේ පෙම්බස කියමින් මානව සැබැදියාවන් යටකොට මිනිඅලු වලින් අපව නාවනු ඇත.
එහෙත් උද්ඝෝෂණය කීරීම වරදක් වන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටය, කම්කරුවන්ටය, ගොවින්ටය. මොවුන් මගදෙපස රැදී සිටින මැරයන් වැලද ගන්නවා සේම පොලිසි ,අධිකරණය අදරය සෙනෙහස හොදින් දැක්විමට වගබලා ගනියි. මහ උළු ගෙදර දින 14ක පාටියකට අවස්ථාව නොවැරදිවම හිමිකම් කියනු ඇත.

මෑතක මේ අධිකරණය විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින් හා ශිෂ්‍යාවන් දින් 88ක් මහ උළු ගෙදරට ගෙනවිත් තැබුවේ විශ්වවිද්‍යාලය ශිෂ්‍යාවකට පරුෂ වචනයෙන් බැන වැදීම මතය. ඔවුන්ට නවකවද පන්තට අනුව ලැබෙන ඉහළම සංග්‍රහය ලැබිණි. මෙය කාන්තාවකට කළ අතවරයක් නිසාම තවත් ගුණ වර්ණනයට හේතු පාඨ විය.එහෙත් මොවුන් නානසාර හිමිගේ බැතිමතුන් උවානම් මේසේ නොවනු ඇත. දැන් ඉතිං හිරිකිත අස්වැන්න ඔබට නෙලා ගත හැකිය. ඒ ඔබද මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටින නිසාවෙනි.

අපිට මිනිස්සු ලෙස ජිවත්වීමට හැකි සමාජයක් නිර්මාණය කිරීමට මොවුන්ට හැකිද? නැත ඔවුන් අප කැදැවාගෙන යන්නේ ලේ වැකි ත්‍රස්තවාදයකටය. ඊට එරෙහි වීමට තරම් ලිබරල් චින්තනය ප්‍රමාණවත් නැත. අඩුම තරමින් ලිබර්ල් චින්තකයන් වන්දනා කරන ධනෙෂ්වර නීතියද වැහැරී ඇත. එමනිසා ජාතික හා ජාතිවාදී  චින්තනය සමග ලිබරල් චින්තනය එකට යහන්ගතවෙමින් සිටියි. එහි උප්පතිය නානසාර හිමිය. එය විරූපි හදුනාගැනීමට අපහසු චිත්ත්‍රයක් උවත් ඔවුන් රංගනයට එක් වු කළ අශ්ලීල බව සියල්ලන්ටම වැටහෙනු ඇත.

එහෙත් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි අගරදගුරු පදවිය හෙබවූ පිලිප් විල්සන් මාස 12 ක සිරදඬුවමකට ලක්කිරීමට නිව් කාසල් අධිකරණයට හැකිවිය. ඒ ළමා අපචාර වසන්කිරීමේ චොදනාව මතය. එවැනි වු ක්‍රමයක් අපිට ද තිබුණානම් හොද යැයි සිතිය හැකිය. එහෙත් එය කළ හැකි කිසිවෙක් නැවත නිර්මාණය නොවෙති. එවැනි මිනිසුන් ඉතිහාසයේ කළ කාර්‍ය නිමකොට අවසන් ය. අප එම කාර්‍ය කිරීමට යන්නේනම් සිදුවනුවේ විරූපි ජාතිවාදී, ජාතිකවාදී ,ලිබර්ල්වාදින්ට ගොදුරුවීම පමණි. එහෙව් මොහොතක අමරුවෙන් හෝ ජනිත කළ යුත්තේ ඊට වඩා බොහෝ සේ ඉහළ චින්තනයකි. එය සමාජ සාධාරණත්වයේ චින්‍තනයයි. එය ක්‍රියාවට නැගීම හැර සමාජ සාධාරණත්වය ලබාගතහැකි වෙනත් මගක් නැත.


No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...