Saturday, July 7, 2018
රැකියා ලබාදිම පිළිබඳව රැකියා විරහිත උපාධිධාරි සංගමයෙන් නිවේදනයක්
මේ වනවිට ආණ්ඩුව රැකියා 20000ක් ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භකර තිබෙන බව අගමැති රනිල් ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය අගමැතිවරයාට ප්‍රකාශ කිරීමට සිදුවුයේ නිකම්ම නොවේ. ඊට රැකියා විරහිත උපාධධාරි සංගමය ගත් වෙහෙස අපමණය. එසේම උපාධිධාරින්ගේ රැකියා ප්‍රශ්නය සමාජගත කීරීමට යාමේදී විවිධ කඩාකප්පල් කිරීම් දහසක් මධ්‍යයේ ඉදිරියට යාමට සිදුවිය. මෙම සංගමය දෙකට තුනකට කඩා දැමීමට ආණ්ඩුව හා තවත් කණ්ඩායම් නොගත් වෙහෙසක් නැත. එහෙත් අරගලය ඉදිරියට ගෙනවිත් දැන් රැකියා ලබාගැනිමට තවත් කැපකිරීම් අවශ්‍ය උවත් එය ආරම්භයට වඩා පහසුය.
දැන් ආණ්ඩුවට අනිවාර්යයෙන් රැකියා ලබාදිමට සිදුවනු ඇත. එය මගහැර යාමට නොහැක. එහෙත් මෙම අරගලයේ අයිතිය ප්‍රකාශ කිරීමට තවත් පිරිස් බලා සිටියි. ඔවුන් මුහුණු පෙතේ සිට විවිධ ප්‍රකාශ කරමින් සිටියි. ඒවායින් සත්‍ය අසත්‍ය හා අර්ධ සත්‍යය ද අන්තර් ගතය. ඉන් රැකියා විරහිත උපාධිධාරීන් නොමග ගිය අවස්ථද දැක ගත හැකිය. එය ඉදිරීයේදි සිදුවිය හැකිය.
මෙම නිසාවෙන් රැකියා විරහිත උපාධිධාරින් සංගමය ප්‍රකාශ කර සිටින්නේ ,මුහුණු පොතේ සිටින සංගම් හෝ පුද්ගලයින් සිදුකරන ප්‍රකාශයන් වගකීම් විරහිත වන බැවින් අවශ්‍ය කුමන හෝ තොරතුරක් දැනගැනීමට රැකියා විරහිත උපාධිධාරි සංගමයට අමතන ලෙසය. ඉන් සත්‍යය තොරතුරු දැනගත හැකිබව ඔවුන් ප්‍රකාශ කර සිටියි.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment