Friday, July 6, 2018
කැලණියේ පැතුම් මරණයෙන් නිදහස් කළ යුතුය
දැන් බොහෝ දෙනෙකුට පැතුම් අමතකව ගොස් ඇත. පරණ ලෙසටම යලි සියල්ල ක්‍රියාත්මක වන සේයාවක් දැකගත හැකිය. පැතුම් ගේ යහළුවෝ ශෝකය සෝදාහරිමින් විටින් විට පැතුම් මෙනෙහි කරයි. බොහෝ ඈයෝ මුහුණු පොතේ ඔහුට නිවන්සුව පතා නික්ම ගොස් ඇත. එහෙත් පැතුම් මැරුණේ නිකන් නොවේ. එය මෙසේ සරලව අමතකකොට දමා යා හැක්කේ කාටද? නැවත එවැනි සිදුවිමක් වනතෙක් බලා සිට්න්නේද?
ආච්චාරු හදලා විකිණීමට සිතු පැතුම් මෙන් තවත් ශිෂ්‍යයින් මුදල් සෙවිමට බොහෝ දේ කරනු ඇත. ඔවුන් කිසිදු සිරීමකටවත් ගොදුරු නොවනු ඇත. එහෙත් ඔවුන් මුදල් සොයන්නේ කුමක් සදහා ද? එය ඔවුන් ගේ හිමිකම සොරා ගැනිම හේතුවෙනි. නාට්‍ය කරන ශිෂ්‍යයින්ට ඊට අදාළ අවශ්‍යතා සම්පුර්ණ නොකරන විශ්වවිද්‍යාලය අරුම පුදුම විශ්වවිද්‍යාලයක් වනු ඇත. නර්තනය මෙන්ම සිතුවම් කලාව කම්හලක නොකරන්නේ ඇයිද යන්න අපි හැමෝම දනිමු. එහෙත් එහි අරුත නොවැටෙන පාලකයින් ශිෂ්‍යයින්ව දැක්කීමට යන්නේ අමුතු ලොකයකටය. නිදහසේ සිතන්නට බැරි කලා කරුවෙක් දහසකින් බැදි පියලි දී ලබාගත්තද අත්වන පලයක් නැත. එසේ තිබියදී ශිෂ්‍යයින් ගේ බාහිර ක්‍රියාකාරකම් සදහා මුදල් ඉපැයිම පැවරුමක් ආකරයට සංවිධානය කෙරේ. විශ්වවිද්‍යාල පරිපාලනය එසේ කරනුයේ ශිෂ්‍යයින් ඉගෙන ගන්නා විෂයෙන් බාගයකම වගකීම අතහරිමින් ය. දැන් එහි වහකීම ශිෂ්‍යයින් සතුය. මුදල් තිබේනම් පමණක් බාහිර ක්‍රියාකාරකම් කළ හැක නැත්නම විෂයෙන් බාගයක් ඉගෙන ගත හැකිය. නාට්‍ය ඉගෙන ගැනීමට මුදල් නැත්නම් එහි සටහන් පමණක් කියවා ගතහැක.වේදිකාව කරුවලේ නිසොල්මන් වනු ඇත.
පැතුම් ජුනි 18 ඇඹරැල්ලා ගසෙහි නැග කළ අරගලය අමතකවයාමත් වේදිකාව නිසොල්මන්ව යාම හා සමානය. ශිෂ්‍යයින්ට තම අයිතිය අහිමිව ගොස් ඇත. එය එකෙකු මැරුණු පසුද නොවැටහේ නම් එහි දිනාගතයුතු දෙයක් තිබෙන බව නොවැටහේ නම් පැතුම් ගේ මරණයට හිමිවන සාධාරණය කුමක්ද? අඩුම තරමින් ගදගහන මුණුවත ගලවා ඉවත දා හැඩීමටවත් හැකි මිනිසුන් විය යුතුවන්නේ නැතිද? ඊට කැලණියේ ශිෂ්‍යයින් සුදානම් විය යුතු වන්නේ තවත් මරණයක් අභියස නොවිය යුතුය.
කැලණිය විශ්වවිද්‍යාලයේ, විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා මුදල් වෙන් කරනු
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment