Thursday, July 5, 2018
ලාභ ගන්න නම් කියාපු ව්‍යාපාරය,වෛද්‍ය ව්‍යාපාරය
ඇත්තටම වෙළදාම කීවම හැමෝම හිතන්නේ හොදට ලාභ ගන්න පුළුවන් කියලයි. ඒත් හැම වෙළදාමකින්ම එහෙම ලාභ ගන්න බෑ. හැබැයි මිනිසුන් ට අනීවාර්‍යෙන්ම ඕන කරන් දෙයක් විකුණන්න ගත්තොත් හොද ලාභයක් ගන්න පුළුවනි. ලංකාවේ අධ්‍යාපනය ගත්විට රාජ්‍ය අංශයේ
මෙන්ම පුද්ගලිකව ද ක්‍රියාත්මක වේ. පුද්ගලික අධ්‍යාපනයට නීතිමය අවසරයක් නැතත් ඒවා හොද ලාභ ලබන නිසා ක්‍රියාත්මක වේ. හැබැයි ඒ සියල්ල ජාවාරම් පන්නයේ ම නොවුණත් ඒ හා සමගාමිව ක්‍රියාත්මක වේ. නමුත් මිට සමාජයෙන් මතුවන විරෝධය ද මැඩපවත්වා ගනිමින් ක්‍රියාත්මක කරන ආකාරය ඉගෙන ගත යුතුය.
වෛද්‍යවරු ගත්විට රෝගින්ගෙන් දහසක් බැදී පියළි බලාපොරොත්තු වන්නෝ වෙති. ඔවුන්ගේ මුදලට ගිජී දෑස මාළු කාරයන්ගේ පිහියට වඩා මුහහතය. ලේ රස විද විද මුදල් ගරන්නේ මස් කඩේ මුදලාලී පමණක් නොව. වෛද්‍යවරුන් ද ඒ ගණයට අයත් ය.
මෙම වෛද්‍යවරයා නිර්මාණය වුයේ 1978 විවෘත ආර්ථිකය ස්ථාපිත වූ පසුවය. ඉන් මිනිසුන් ලෙස නොවිකිණිය යුතු මානුෂීය දේවල් පවා වෙළඳ පොළට දැමීය. ඉන් පසු උණ හෙම්බිරිස්සාවේ සිට පිලිකා,වකුගඩු රෝග දක්වා වූ රෝගින් ආදායම් මාර්ගවිය.
එහෙත් ලංකාවේ ආණ්ඩුව මෙම වෛද්‍ය මස්කඩ ව්‍යාපාරය ගෙනවිත් තිබෙන ස්ථානයක් තිබේ. එය ඇග කිලිපොලා යන සිදුවීම් වලින් යුක්ත වුවද තවත් ඊටවඩා කේදනීය පියවරයන් ආණ්ඩුවට ගැනීමට අවශ්‍යය. සයිටම් ආයතනය පිහිටුවූවේ එහි ඊලග පියවර තැබීමටය. ඉන් බෙහෙත් පමණ්ක නොවේ ලේ, වකුගඩු, විවිධ පරීක්ෂණ වර්ග මහා පරිමාණයෙන් විකිණීමට නියමිත විය. එහෙත් ඊට වෛද්‍යවරුන්,වෛද්‍ය ශිෂ්‍යයින් ,අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වෘත්තීය සමිති එරෙහි වීම නිසා එම වැඩ පිළිවෙළ මන්දගාමිවි තිබේ. එහෙත් වෛද්‍ය සංගම් හා වෛද්‍ය ශිෂ්‍යයින් මෙම අරගලයට එකතුවුවේ කුමක් අරමුණු කොටගෙනද? යන්න ඔවුන් ගෙන් ඇසිය යුතුය. දෙපිරිස කුමන මොහොතක හෝ කුඩා පරිමාණයෙන් පවත්වාගෙන යන වෛද්‍ය මස්කඩ ගැන කිසිත් ප්‍රකාශ කරන්නේ නැත. ඔවුන් නිදහස් අධ්‍යාපනයේ නාමය විකුණමින් තම මස් වෙළදාම රැක ගැනීම සදහා පමණක් වෙහෙසෙන්නේද? වෛද්‍ය උපාධිය විකුණූ පසු ඇතිවන කේදවාචකය බරපතළ බව සත්‍යය. එහෙත් ඒවා කුඩා පරිමාණයෙන් ක්‍රියාවට නැගීම සාධාරණීය කරනය කිරීම නිවැරදි නොවේ. හංදි ගානේ සිල්ලර කඩවලට වඩා කුඩා කුඩා වෛද්‍ය කඩ දැකගත හැකිය. ඒවායේ මුදලාලි වෛද්‍ය මහතා බෙහෙත් දීමට ප්‍රථම ලැබිය යුතු මුදල ප්‍රකාශ කිරීමට සැදී පැහැදී සිටියි. ප්‍රතිජිවකයක්, පිරිටන්,සී විටමින්,ඩෙක්සා,සැල්බුයුටොමෝල්, පැනඩෝල් ටිකක් දීලා 1200 ක් වගේ ගානක් කීවම කොහොමද ? මේ වෛද්‍ය චුටි මුදලාලියෙකි. වෛද්‍ය ලොකු මුදලාලියෙක් උනානම් මේ ගාන කොහොම වෙයිද ?
මේ සමාජය ඇතුලේ වෙළදාම් කරනවා නම් හැම වෙළෙන්දෙක්ම සිතන්නේ එක විදියටම තමයි. ඊට ලැජ්ජා විය යුතු නැත. වෛද්‍ය වරයාගේ සිත මස්කඩ කාරයාගේ සිතට වඩා පිවිතුරු නැත.එසේම ටියුෂන් මෙන්ම ජාත්‍යන්තර පාසල් ද එසේය. වෙනස තියෙන්නේ වෛද්‍ය වරයා ක්ලීන් සුට් ගසාගෙන පොරක් සේ සිටිම තුල පමණි. එමනිසා වෙළෙදාම කිරීම කිසිදු හිරිකිතයක් නැති දෙයකි. එහෙත් ඉන් ගැලවී සිටිමට සිතන ඈයෝ දුර්ලබය. ඔවුන් මනුෂ්‍යත්වය හෙටට ඉතිරි කරන්නෝ වෙති. ඔවුන්නට වෙළෙඳම කිරිමට බැරිය. එමනිසා වෙළදාමට ප්‍රථම හදවත මරා දැමීමට වගබලා ගතයුතුය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment