Saturday, July 7, 2018

මිල අඩු වී නෑ , තෙල් මිල වහා පහත හෙලනු!


ජුනි 5 වන දින සිට තෙල් මිල වැඩිකරන බව ආණ්ඩුව නිවේදනය කළේය. ඊට පැමිණි විරෝධය සමග ජනාධිපතිවරයා එය අවලංගු කළ බව සැලවිය. එහෙත් තවමත් ඉන්දීය තෙල් පිරහුම් හල් හී තෙල් මිල පහත වැටි නැත.
ආණ්ඩුව මේ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් තවම සිදුකොට නැත. එම නිසාම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම් හල්වල පැරණි මිලට තෙල් අළෙවි වේ. එහෙත් ඉන්දීය තෙල් සමාගම නව මිල ලෙස සදහන් කරමින් තෙල් අළෙවිය සිදුකරයි. එසේ සිදු කරන්නේ ආණ්ඩුවේ විධානයන්ට අනුව බව එම සමාගම සදහන් කරයි.


දැන් තෙල් මිල වැඩි කිරීම කිසිවෙකුට දරාගත නොහැක්කකි. එම නිසා එය ජනතාවට දරාගත හැකි මිලකට ලබාදිය යුතුය. ඊට ආණ්ඩුව ක්‍රියාකරනු විනා මාසෙන් දෙකෙන් මිල සංශොදනය කිරීමට ආණ්ඩු අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම ජනතාව සතු සම්පත් පුද්ගලීකරණයට නතුකොට එයින් නැවත ජනතාවටම හානි සිදුවන අතර ආණ්ඩුව ඊට හෝ මැදිහත් නොවේ. එම නිසා පුද්ගලීකරණයේ වියරුවෙන් සිටින ආණඩුවට එය ජනතා විරෝධී ක්‍රියාවක් බවත්  තෙල් මිල අඩු කිරීමට වහා පියවර ගත යුතු බවත් අවධාරණය  කරමු.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...