Saturday, July 7, 2018

ජිවත් වෙන්න බෑ, වැටුප් වැඩිකිරීමේ ව්‍යාජ සටන් එපා!


 වැටුප් වැඩි කරනු! කීවම එය සටන්පාඨයක් නොවෙයි ද? එය සටන් පාඨයක් තමයි ,හැබැයි මේ ආණ්ඩුවම 10000 කින් වැටුප් වැඩිකරයි කියනවානේ එතකොට දැන් ජිවත්වීම පහසුද? නෑනේ දැනුත් කලින් වගේම තමයි.මේ ආණ්ඩුව  වැටුප් වැඩිකළ වෙලාවෙම බැංකු පොළිය 14.5%ක් කළා. එතකොට දුන්න දේ ආපහු ගත්තා මිස දුන්නේ නෑ. රාජ්‍ය සේවකයන්ගෙන් ණය අරන් නැති කවුරුහරි ඉන්නවද? නෑ නේ හැමෝම එක වාගේ තමයි. ඉතිං බැංකු ණය කැපිලා අතේ ඉතුරුවෙන්නේ කීයද? 10000-20000ක් අතර ගාණක් සමහරුන්ගේ ඊටත් වඩා අඩුයි. ළමයි ගැන හෙවිල්ල පැත්තක තියලා පවුලක දෙන්නටම ජොබ් කරන්න වෙන්නේ මේ නිසාම තමයි. හැබැයි. ජීවත්විම මහා අමාරු වැඩක් වෙලා.

මෙහෙම වෙන්නේ ඇයි. අපි වෙනුවෙන් කතා කරන සමහර වෘත්තීය සමිති වැටුප් වැඩිකිරීමේ අරගල කැදවනවා. එයාලා මේ ගැන හොදට දන්න අය. ආණ්ඩුව බඩු මිල වැඩි කරගෙන වැඩි කරගෙන ගියාම මොකද වෙන්නේ, අර බැංකු ණයෙන් අතේ ඉතුරුවෙන මුදල එන්න එන්න අඩුවෙනවා. මෙහෙම උනාම කම්කරු ජනතාවට ටික ටික මල පැනගෙන ඇවිත් හොදෝටම මල පනිනවා. ඕන්න ඒ වෙලාවට කම්කරු සහෝදරවරුන්ට වෘත්තීය සමිති නායකයින් ඕන වෙන වෙලාව. මොකටද පඩි වැඩිකර ගැනීම  සදහා පමණයි. හැබැයි මෙතන කම්කරුවන් නොදන්න තව කතාවක් තියෙනවා.  සරලව කීවොත් වෘත්තීය සමිති නායකයින්ට වැටුප් වැඩිකරලා දෙන්න කියලා කියන කතාවේ ඇත්ත අදහස දැන් අපිට ජීවත් වෙන්න බෑ. කියන එකනේ. එතකොට කම්කරුවා පඩිවැඩි කරන්න කියන පලියටම පඩි වැඩි කරනු සටන් පාඨය ගැනීම නිවැරදි වෙන්නේ නෑ. මොකද ඉන් කම්කරුවගේ ප්‍රශ්නේට උත්තර ලැබෙන්නේ නෑ.

දැන් අපේ ඇත්ත ප්‍රශ්නෙට ඇත්ත උත්තරයක් අවශ්‍ය නම් ව්‍යාජ සටන්පාඨ අරන් හරියන්නේ නෑ. මොකද සමහර කම්කරු නායකයෝ ආණ්ඩුව එක්ක සාකච්ඡවට ගියාම පොඩි පොඩි නූල් සුත්තර දාන්න ඉඩ තියෙනවා. බලන්න ආණ්ඩුවට කියනවා 10000කින් පඩි වැඩිකරන්න කියලා ,ආණ්ඩුව කියනවා හා කරන්නම් ,හැබැයි අදියර දෙකකදි කියලා. දැන් කම්කරුවන්ටත් සතුටුයි , වෘත්තිය සමිති නායකයින්ටත් සතුටුයි. ආණ්ඩුවට ගොඩක් සතුටුයි . වැටුප් වැඩිකිරීමේ දෙවන අදියරට එනකොටම මෙන්න ජිවත්වීමට අවශ්‍ය මුදල තිබුණටත් වඩා වැඩියි. සමහරවිට තිබුණු ගාණ හොද වෙන්නත් පුළුවන්,මොකද අතට ලැබෙන ගාන ලොකු එකක් උනාට නැවත ඉතුරු නෑ. ආණඩුව තුන්වන අදියරේ පඩිය වැඩි කරනකොට නියම ගානට බඩුමිල වැඩිකරලා ,ඇත්තෙන්ම තුන්වන අදියර ඉවරවෙනකොටම නැවත කියන්න තියෙන්නේ පඩි වැඩි කරනු.
මේ නිසා කම්කරුවෝ විදියට නිවැරදි සටන්පාඨයක් ගැනීමට වගබලා ගන්න ඕන. නැත්නම් සටන් කළත් හිමිවන දෙයක්නෑ.
අඩුම තරමේ ජීවත් විමට සරිලන වැටුපකට අරගල කළ යුතුයි. නැත්නම් වැඩිවන බඩු මිලට සාපේකෂව වැටුප් වැඩිකර ගැනීමට අරගල කළ යුතුයි. මේ දිනවල තෙල් මිල ඉහළට යමින් තිබෙන නිසා සියලුම භාණ්ඩවල මිල ඉහල යාමට නියමිතය. ඉන් කොතෙක් ඔබේ පසුන්බියට තට්ටුවන්නේ දැයි බලන්න. එසේම කොතෙක් බඩු මිල වැඩිවුවත් අරගලයක් දියත්වන තෙක් පඩි වැඩිවන්නේ නැත. එම නිසා කම්කරුවා තුල තිබෙන අසීමිත බලය ව්‍යාජ සටන්පාඨ වලට දියකර හැරම වෙනුවට සියලු දෙනට පොදුවේ ජිවත්විය හැකි සමාජයක් නිර්මාණයට යෙදවීම වටින්නේය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...