Wednesday, July 4, 2018
තාක්ෂණ නගර ව්‍යාපෘතිය යනු ආතල් කෝටියකි .
දැන් ලංකාව හරී දියුණුය. අපට දැන් මුහුද ගොඩකර සැදු පෝට් සිටියක් තිබේ . ඉතිං නෝනා මහත්වරුනි කොහොමද වෙනස. ඒත් ඔය කියන පෝට් සිටියට අපි කීදෙනෙක්ට යන්න පුළුවන් ද? කියලා ඇහුවම අතේ ඇගිලිවලට වඩා අඩු නම් ප්‍රමාණයක් සදහන් කළ හැකිය. එහෙත් ආණ්ඩුවක් විදියට ව්‍යාපෘති කළයුත්තේ හැමදෙනාගේම සුබ සෙත සදහා නොවේද ? එහෙනම් මේ ව්‍යාපෘති වලින් අපට කිසිත් සිදු නොවේද ? ඇත්තෙන්ම සිදුනොවෙනවා යැයි කිව නොහැක. උදා-ලෙස අපට කිසිදිනක පෝට් සිටියේ අයිතිකරුවන් විය නොහැකි වුවත් සුළු පිරිසකට එහි හිමිකරුවන්ගේ ලාභය වැඩිකර දීම සදහා මෙහෙකාර සේවයේ යෙදිය හැකිය. එහිදි පිරිසකට ටයි පොලු ලැබෙන අතර ඔවුන් අනෙකුන්ට පහරදී හාම්පුතාට අවශ්‍ය පරිදි කීකරු කිරීමට වග බලා ගනියි.
අනෙක් අයට ලැබෙන්නේ කුමක්ද? වේරළ කාදනයට හසුවීම, තම ධිවර කර්මාන්තය අහිමිවිම,නාය යෑම,ජල ගැලීම් වගේ දේවල් තමයි.
මේ තත්වය මෙසේ තිබියදී ආණ්ඩුව මෙගාපොලිස් ව්‍යාපෘතිය ආරම්භ කොට තිබේ. මෙය කරලියට ගෙන ආවේ රාජපක්ෂ ආණ්ඩුව සමයේදීය. එදා එය ජාතික භෞතික සැලැස්‌ම නමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. ඊට අවශ්‍ය ලෙස ප්‍රාග්ධන ගිනුමද විවෘත කළේය . අද එයම වෙනත් නමකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මොකක්ද මේ කියන තාක්ෂණ නගර ව්‍යාපෘතිය. සරලව කීවොත් කොම්පැණිකාරයින්ට ඉඩම් දෙන්න හදන්නේ. ඒ කියන්නේ දහස් ගණනක් ජීවත්වන බිමෙන් ඔවුන් පලවාහැර කිහිපදෙනෙකුට එම ඉඩම් ලබා දෙන්න තමයි මේ සැලසුම.
මෙම සැලසුම කලාප ලෙස නම්කර තිබෙන්නේ මෙසේය.
හෝමාගම, මාලඹේ, කඩුවෙල හා අතුරුගිරිය ප්‍රදේශ ඇතුළත් වර්ග කි. මී. 165 ක් පුරා පැතිරුණු ,තාක්‌ෂණ පුරයයි.
මෙය ප්‍රධාන කලාප 4 කින් යුක්‌ත වන අතර ඒවා,
හෝමාගම මාහෙන්වත්ත ආශ්‍රිත පර්යේෂණ, සංවර්ධන හා උසස් තාක්‌ෂණ අධ්‍යාපන කලාපය
මාලඹේ – කඩුවෙල ආශ්‍රිත උසස් තාක්‌ෂණ කලාපය
දියගම ආශ්‍රිත විවේක හා විනෝද කටයුතු කලාපය හා මීගොඩ ආශ්‍රිත ඉලෙක්‌ට්‍රොනික් කලාපය වේ.
මේහි ප්‍රධානම හා විශාලතම කලාපය වන්නේ දාම්පේ, බටහිර හා නැගෙනහිර හොරගල, බෙරුකැටිය, හොරකඳවල, මාදුලාව, පිටිපන උතුර හා දකුණ යන ගම්මාන කේන්ද්‍ර කොටගත් මාහෙන්වත්ත කලාපයයි.
දැන් මෙහි සිටින ජනතාවට කුමක් සිදුවේද ?ඔවුන් හොදින් හෝ නරකින් උතුර ,උතුර මැද,බස්නාහිර පළාත්වලට පිටුවහල් කරනු ඇත. එම ජනතාව ගණනින් 180000 ක් පමණ වේ. ඉන් ඉඩම් අක්කර 4000 ක් ධනපතියන්ට ලාභ ලැබීම සදහා අතිශයෙන් වාසිදායක කොන්දේසි වලට ලබාදිමට නියමිතය.
හොරගල හා බෙරුකැටිය පිහිටි බිම් අක්‌කර 120 ක්, හොරකඳවල බිම් අක්‌කර 34 ක්, බටහිර හොරගල බිම් අක්‌කර 42 ක්, නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අදාළ ලිපි 2017 නොවැම්බර් 28 වැනි දින මහනගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් පාදුක්‌ක ප්‍රාදේශීය ලේකම්වරයා වෙත එවා තිබේ. මේ සිදුකරනුයේ බලහාකාරයෙන් හෝ ආණ්ඩුවේ අවශ්‍යතාවයට යොදා ගැනීමය.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී අපට ලැබෙන දේ මොනවාද ? පළවෙනි කාරණය වන්නේ මෙසේ ලංකාවේ තාක්ෂණ නගරයක් තිබේ යැයි කියිමින් පන්පෝරි ගැසිය හැකිය. එය සිහින් ආතල් එකකි. ඉන් අනතුරුව වේගයෙන් ගොඩනගන ව්‍යාපෘතියෙන් ගස් කපා කොටා අළුකොට දමන විට එවා හොදින් ආශ්වාස කළ හැකිය. කැලණි ගගට දමන කසලවල සුවද විදිය හැකිය. ඒ සෑම ආතල් එකක් සමගම පැය 14,15 වෙහෙසී තම ශරීරය දිරනතෙක් කැඹිරිය හැකිය. ඉතිං කොච්චර නම් නම්බුවක් ද? වැටුප සොච්චම් උවත් කැඹිරීම කළ යුතුය. ධනපතියන් නැලවිය යුතුය.
ඉන් අනතුරුව රතුපස්වල වතුර නැතිවූවා සේ කොළඹ හුස්ම ගැනිමට නොහැකිව සිටිය හැක. පරිසර වාර්තා මායිම් නොකරන මෙම ව්‍යාපෘති අපට එසේ අත්කර නොදේ යැයි කිව හැක්කේ කාටද? අපි උන්ට ඔහේ කරගන්න හැර ගං වතුර නාය යෑම් අප බුක්තිවිදිනවද යන්න සිතා බැලිය යුතුය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...




No comments:
Post a Comment