පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර සිට උපාධි ධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළේය. ආණ්ඩුව මැතිවරණයට ආසන්න වීමත් සමග උපාධධාරීන් මතක් වූ ආකාරයක් දැකගත හැකිවිය. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හරහාට හිටියේ ය. ඔහු ඡන්දයකදී ක්‍රියා කළ යුතු ආකාරය මෙනෙහි කළ පසු ආණ්ඩුව මැතිවරණයෙන් පසු රැකියා දෙන බව කිවේය. දෙවන සම්මුඛ පරීක්ෂණයත් ක්‍රියාත්මක වුවත් තවම කිසිවෙකුට රැකියා ලැබි නැත.
ආණ්ඩුවට රැකියා ලබාදීමේ ඇත්ත උවමනාවක් තිබේද ?
ඇත්තෙන්ම නැත. ආණ්ඩුවට අවශ්‍ය රාජ්‍ය සේවය කප්පාදු කරන්න. තියන පෙන්ෂන් එකත් නැති කරන්න. එහෙව් ආණ්ඩුව තරුණයන්ට රැකියා දෙන්නේ නැත. නමුත් අගමැති රනිල් පැමිණියේ උපාධිධාරින්ට පමණක් නොව රට තුල රැකියා දසලක්ෂයක් ගොඩනගන බව කියමින් ය. අගමැති කන්දක් පමණ පදවැල් ඇමුණුවත් මී පැටුවෙකු හෝ වදා ගැනීමට නොහැකිවූවා සේ ඇඹේරෙමින් සිටියි. එක් මොහොතක අගමැති රනිල් කෙකරගාන අතර ඔහු දැමු බිතතර බැලීමට යන්නන්ට අඩුම මොහු කෑ ගැසුවේ කුමකටද යන්න පවා සදහන් නොකොට පළායයි.
අගමැති රනිල්ට මේ ප්‍රශ්නය විසදිය නොහැකි යැයි හගවන ජනාධිපතිවරයා දැන් රැකියා දීමට යයි. එහෙත් ඔහුද රංගනයක යෙදෙන බව හැරුණු කොට වෙනකිසිත් දැකගත නොහැක. අගමැති මෙන් ජනාධිපති ද ඉන්විව් ක්‍රිඩාවේ නිරතවේ. උපාධිය ලැබීමට වසර ගණනාවක ශ්‍රමයක් වැයකළ යුතුය. පළමු ශ්‍රෙණියේ සිට විශ්වවිද්‍යාලය අධ්‍යාපනය දක්වා කාලය ගෙවා දැමීම මිනිසෙකු ට සරල කාර්යක් නොවේ. අවසානයේ අධ්‍යාපනයෙන් ලැබෙන උරුමය බව පාලකයන් නිදර්ශන සහිතව උගන්වමින් සිටියි.
පළමුව ජනාධිපති මහින්ද උපාධිධාරීන් රු 10000 කට ඇට බෙදීමට යෙදවුවේය. එය ඡන්ද උපක්‍රමයකි. අගමැති රනිල් එදා එම ක්‍රියාව පට්ට ගසා නැවත එයම කරමින් සිටියි. රැකියාවක් ස්ථිර කිරිමට ගන්නා කාලය දැන් වසරකින් දීර්ඝ කර ඇත. ඊට අදාළ වැටුප ලැබෙන්නේ නැත. එසේ තිබියදි උපාධිධාරින්ට දහස් වතාවක් උද්ඝෝෂණ කිරීමට සිදුව ඇත. සත්‍යග්‍රහ උපවාස කිරිමට සිදුව ඇත.
අද ද රැකියා විරහිත උපාධධාරී සංගමය ජනාධිපතිට සංදේශයක් භාරදිමට ගොස් ඇත. එහෙත් තවමත් කල් මැරීමේ උපක්‍රම මිස නිශ්චිත පිළිතුරු ලබාදී නැත.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...





No comments:
Post a Comment