Tuesday, July 3, 2018

අධ්‍යාපනය විකිණීමට අලුත් ක්‍රමයක්, අන්තරේ කැදවුම්කරු කියයි.


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ වත්මන් සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මාර්නයෙන් ආණ්ඩුව  පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සදහා අවසර ලබාදෙමින් සිටින බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර  (02) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පවසා සිටියේය .

 මාළඹේ SLIIT ආයතනයට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අනුමැතිය ලබා ගැනිම හා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය B (03) ක් වියයුතු බව තීරණය කර තිබියදීත් මේ සභාපතිවරයා හරහා අවම ප්‍රමිතිය S (03) ක් දක්වා පහත හෙළිමට සැලසුම් කරමින් සිටින බව ඔහු සදහන් කළේය.
 එසේම අධ්‍යාපනය විකිණීමේ නව ක්‍රියාවලියක් පිළිබඳව ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු හෙළි කිරීමක් කළේය.
අද උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති  පෞද්ගලික පාසැල් පද්ධතියේ  අයිතිකරුවෙක් ඔහු නිදහස් අධ්‍යාපනය සුරකිනෙක්ද විකීණීමට පෙනී සිටින්නෙක්ද? විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිව ඉන්නේ අධ්‍යාපනය විකිණීම  පෞද්ගලික මතය කරගත් පුද්ගලයෙක් එහෙම අය පත්කරලා තියෙන්නේ කුමක් සදහා ද? ඔවුන්ට පැවරුණු කාර්යන් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ,

2014/ 2015 විශ්ව විද්‍යාල කොමිසම් සභාව නිකුත් කරපු ශිෂ්‍ය අත්පොත අරගෙන් බැලුවාම එය නිර්මාණය කර තිබෙන්නේ අධ්‍යාපනය විදේශ රටවල ශිෂ්‍යයින් ට විකිණීම සදහා

මෙම පොතේ ස්දහන්ව තිබෙන්නේ විදෙස් විභාග වල සුදුසුකම් සහිත පුද්ගලයින්ට මුදල් ගෙවා ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුල්කර ගැනීමේ ක්‍රමවේදයයි. ඊට  පාඨමාලා 90 ක් යෝජනා කර තියෙනවා.

පසුගිය කාලය පුරාම අප විසින් සටන් කලේ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය  වෙළද භාණ්ඩයක් බවට පක්රන්න එපා කියලායි. නමුත් මේ වනවිට නැවතත් ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ගෙනල්ලා තිබෙනවා. මේ වනවිටත් විශ්ව විද්‍යාල කොමිසම් සභා නිල වෙබ් අඩවියේ පලකර ඇති මෙම අත්පොත හරහා  අධ්‍යාපනය මුදලට විකිණීම සිදු කිරීමට නියමිත බව කීය.
ඊට අදාළ ගාස්තු එම අත්පොතෙහි සදහන් කර තිබේ .

01. වෛද්‍ය උපාධිය වර්ෂයක ගාස්තුව ඩොලර් 12500  රු ලක්ෂ 100

02. සම සෞඛ්‍ය උපාධිය වසර 04 පාඨමාලාව ඩොලර් 10000 රු ලක්ෂ 60

03.  ඉංජිනේරු උපාධිය ඩොලර් 8000 රු ලක්ෂ 52

04. කෘෂි කර්ම, තොරතුරු තාක්ෂණ තාක්ෂණ පීඨයන්ට අදාළ පාඨමාලා සදහා ලක්ෂ 40

05. නීති උපාධිය ලක්ෂ 32 

06.කළමණාකරන උපාධි ලක්ෂ 28

යනාදි ලෙස අළෙවි කිරීමට නියමිත පාඨමාලා සදහන් කර තිබේ.

මෙම ක්‍රියාවලිය අධ්‍යාපනය විකිණීමේ නව ක්‍රමවේදයක් කියා
කියනවා වෙනුවට පිටරටවල සිටින ලාංකිකයිගේ සුබ සිද්ධිය තකා සිදුකරන බවට ප්‍රකශ කරයි.
කුමන තර්කය මතවුවත් කරන්නට යන්නේ අධ්‍යාපනය විකිණීම නම් එය ලාභය මතමිස වෙනත් අරමුණු තිබිය හැකිද ?

එම නිසා ආණ්ඩුව වහාම ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට එසේ කිසිවෙක් හෝ බදවා ගෙන තිබේනම් හෙළි කළ යුතු බව ළහිරු සදහන් කළේය. එසේම මීට එරෙහිව ක්‍රියාමාර්ග වලට අවතිර්ණ විමට සුදානම්‍ බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සදහන් කර සිටියේය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...