Tuesday, July 3, 2018

දකුණට ඇති නොවු උතුරට ඇති නොවු තුරුම්පුව විජය කලා අදී

දැන් පරණ රස කතා යට ගිහිලා. බැදුම් කරේ නෑ. ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත 118 නැත. යාන්තම් මහින්දගේ පැටිකිරිය දිගාරින්න හැදුවා විතරයි. විජය කලා සේරම පුපුරලා යන්න පරමාණු බොම්බයක් අතහැර ඇත. විජය කලා කළ මෙම ප්‍රකාශය එතරම් බල සම්පන්නය. ඉන් සියලු දෙනා ඇහැරෙනු ඇත. ජාතිවාදය ක්‍රියාත්මක වන්නේ එළෙසින්‍ ය.

මෙම උපකරණය විජවි කලාට ප්‍රථම තව බොහෝ පිරිස් යොදා ගත්තේ ය. එය එතරම් බල සම්පන්නය. පෘතුගීසින් ,ලංදේසීන් ,ඉංග්‍රීසින් ලංකාව පාලනය කිරීමට යොදාගත්තේ මෙම අවියයි. ඔවුන් සිංහල,තමිල්,මුස්ලිම් සියලු දෙනා වෙන්කර තැබුවේ ය. ක්‍රොධය ඉයවහ බලන පරිද්දෙන් එකිනෙකා සතුරන් කරවිය. මෙම අරුම පුුදුම ජාතිවාදී අවිය අප රටේ ආක්ක්‍රමණිකයින්ගේ තුවක්කු දහස් ගණන් නිහඩ කර තැබීය. අප එකිනෙකා මරා ගනිද්දී රටේ සම්පත් ඔවුන් ට රුචි පරිිදි ගිල ගත්තේය .
මෙම බර අවිය ආක්‍රමණිකයින් නික්ම ගිය පසුද අතහැරියේ නැත.එක්සත් ජාතික පක්ෂය කිසිදිනෙක එක්සත් නොවුයේ මේ නිසාවෙනි. බණ්ඩාරණායක මහතා එජාපයෙන් අගමැති පදවිය නොලැබෙන බව දත් සැනින් ජාතිවාදී අවිය හෙළා ශ්‍රි .ල.නි.ප.ය පිහිටුවිය. එයින් ජය ලැබ අගමැති විය. උතුරේ චෙල්වනායගම් ජාතිවාදී අවි හරඹ කරද්දී දකුණේ ඩග්ලි සේනානායක ලට බණ්ඩාරණායක ලට දකුණේ ඡන්ද ලැබිණි . දකුණේ හරඹය චෙල්වනායගම් ට වාසනාව ගෙනාවේය.

එය එතනින් නොනැවතී 1978 එල්ටීටීඊය නිර්මාණය වනතෙක් ඉදිරියට ගෙනාවේය. එය යුද්ධයක් වු විට එය ද හැකි පමණ තම දෙශපාලනයට යොදා ගත්තේ ය. අනෙක් ජාතින්ගේ අයිතින් ගැන කතා කරනවා වෙනුවට අනෙකා මරා දම්න්නේ කෙළෙසද යන්න පමණක්  සාකච්ඡා කළේය. එසේ වර්ධනය වු ජාතිවාදී අවිය තිස්වසරක යුද්ධයෙන් පසුත් බොහෝ බල සම්පන්න බව විජය කලා කියා දී ඇත. දැන් තිබෙන්නේ ගිනි ඇවිලෙන වේලාවයි. දැන් හැමෝම මෙම ගින්නේන් රොටී පිච්චිමට සුදානම්‍ ය. එදා මෙන් උතුර තම සියලු ප්‍රශ්න අමතක කොට මෙයට එකතු වනු ඇත. දකුණ ඊට නොදැවෙනි ලෙස කිසිදු ප්‍රශ්නයක් නොමැති බව අගවා සටනට ප්‍රවේෂ වනු ඇත.

අද ලෝකය දියුණුයි කීවද අප සිටින්නේ සියවස් ගණනාවකට පෙර බව සිතෙන්නේ මෙම නොදිණු කම දැක්කායින් පසුවය. ජාතිවාදය හරහා හැසිරෙන මිනිස්සු ,මිනිස්කම වෙනුවට ලේ රස ඉල්ලා සිටියි. ඒ සදහා කුමන සමාන කමක් පැවතියත් කතා කරන භාෂාව හෝ ආගම වෙන්ස් නම් ඔහු සතුරෙකි. ඔහු මරා දැමිය යුතුය. ලාංකික පුරවැසියන් සිටින්නේ එතනය. පඩි වැඩි නොවුණත්, විශ්‍රාම වැටුප කැපුවත්,සයිටම් අයිටම් උණත් වැඩක් නැත. මිනිසුන් හැසිරෙන්නේ ජාතිවාදීන් ලෙස නම් ඉන් එහා ලෝකයක් කිසිදා නොදකිනු ඇත. එසේම මිනිසුන් වෙනස් කරන තෙක් විජය කලා මෙන්ම අනෙක් සියලු දෙනම මෙම අවිය භාවිතයට  ගනු ඇත.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...