Friday, July 6, 2018

ධනවාදයේ කෙරුවාව ගැන ආදායම් කොමසාරිස් කට අරී






අපි ජීවත් වන්නේ ධනවාදී ආර්ථිකයකය. මෙහෙම කීවම තෙරෙන්නේ නැත්නම් අපි මේ ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බැලුවාම වටහා ගන්න පුළුවනි. අපි ජිවත් වීමට අවශ්‍ය දේවල් හොයාගන්නේ වැඩ කරලා. ඒක වටිනාකමක් විදියට ගැනෙනවා. එය මිනිස් ශ්‍රමය ලෙස හදුන්වනවා. ධනවාදයේ ශ්‍රමයට මිලක් තියෙනවා. ඒ මිල ශ්‍රමය හෙළන්නා තීරණය කරන එකක් නෙවෙයි. මේකේ තිරණය ධනපතියා සතුවෙනවා. පැය ගණනකට, දවසකට,මාසෙකට ශ්‍රමය විකිණීමට අපිට නිදහස දීලා තියෙනවා. ධනපතියන් ලග කර්මාන්ත ශාලා තියෙන නිසා ඒවා හැදීමේ හැකියාව නැතිවුන් නිකම්ම නිර්ධන පන්තියට වැටෙනවා. එහෙම උනාම නිර්ධනයන් සැමදාම වහල් මෙහෙයේ යෙදෙනවා හැරුණාම වෙනකක් කරන්න හම්බවෙන්නේ නෑ. ඔබ වහලෙක් උනාට මේ ධනපතියන්ට නැතිවම බැරි භාණ්ඩයක් වෙලා තියෙනවා. මොකද යන්ත්‍ර සූත්‍ර තිබූ පමණින්,අමු ද්‍රව්‍ය තිබූ පමණින් භාණ්ඩ හදන්න බෑ. ඒකට හිතලා වැඩ කරන ශ්‍රමිකයන් අවශ්‍යම වෙනවා. මේ නිසා ආර්ථිකයට නැතිවම බැරි කොටස් දෙකක් ඉන්නවා. එකක් අපි නිර්ධනයින් අනික ධනපතියන් . හැබැයි අපේ වැටුප නැත්නම් මිල තීරණය කරන්නේ ධනපතියන් නිසා දෙපිරිස එකතුවෙලා කරන මේ වැඩෙන් අපිට හිමිවිය යුතු කොටස හම්බ වෙන්නේ නෑ, කොච්චර වැඩ කළත් ඔච්චර තමයි කියන්නේ ඒකයි. ඉතිං අපි වැඩ කරනවා උන් ගන්නවා. මෙහෙම වෙලා රටේ සියලුම වටිනාකම් වලින් වැඩිම ප්‍රමාණයක් එයාල ලග තියාගන්නවා. මේ ආර්ථිකය දිගටම අරගෙන යන්න තමයි ආණ්ඩුව තියෙන්නේ, ආණ්ඩුව කළ හැම සංවර්ධන ව්‍යාපෘතියක තියෙන්නේ ධනපතියන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීම පමණයි. මහවැලිය ගත්තත්,පොට් සිටි ගත්තත්,පාරවල් හැදීම ගත්තත් සිද්ධවෙන්නේ ඒ ටික විතරයි. අපි අපේ පාසල,පාර,පඩි වැඩිකර ගන්න උද්ඝෝෂණ කරන්න වෙන්නේ ඒ නිසයි.

කොහොම උනත් මේක තමයි අපේ උරුමය කියලා පාලකයෝ කියමින් ඉන්නවා. දැන් අපි ගොඩාක් ණය වෙලා කියනවා. ගෙවා ගන්න බැරිලු. අවුරුද්දට ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා වියදම සැරවෙලා කියලා කියනවා. දැන් මේ ඇයි මෙහෙම කියන්නේ, අපිට කියන්නේ අපේ සාක්කුවට බහින්න මිස වෙන මොකටද. හැමෝටම බදු ගොනුවක් හදන්නලු. මෙයාලා නිදහසින් පස්සේ අවුරුදු කීයක් ආණ්ඩු කරාද ඒ කිසිම දවසක නිර්ධනයන්ට කියලා මොකුත් කලාද ? අපිට ලැබුණේ බයි චාන්ස් විතරයි. හරියට සුද්දා තේ,පොල්,රබර් වෙලදාමට නුවර පාර හැදුවම අපිත් ඒකේ ගියා වගේ තමයි. එහෙව් ආණ්ඩුව ධනපතියන්ගේ සේප්පු හොයන්නේ නැතිව අපිවම මරන්කන්න හදනවා.

දේශිය ආදායම් කොමසාරිස්ට අනුව ආණ්ඩුවේ
2018 ඇස්තමේන්තුවට අනුව රටේ සමස්ථ ආදායම රුපියල් බිලියන 2200ක් කියලා කියනවා. ඒ කියන්නේ මේ මුදලින් 92%ක් නිර්ධනයන් ගෙන් ගත්ත ඒවා. ඇත්තටම අපෙන් වගේම දනපතින්ගෙනුත් මෙහෙම ගත්තානම් කොහොම හිටියිද? නෑ මෙයාලා ධනපතියන් ගේම කොටසක් නැත්නම් නියෝජිතයෝ නිසා එහෙම කරන්නේ නෑ.

ආදායම් කොමසාරිස් මෙහ්ව්මත් කියනවා.සමස්ථ වියදම රුපියල් බිලියන 2152යි. 2200ක් විතරලු. එතකොට එයා මෙහෙම අහනවා.බදු ගත්තට පස්සේ 2152ක් අපේ කෑම බීම හා රජයේ නඩත්තු වෙනුවෙන් වියදම් කළොත් ඉතුරුවෙන්නේ කීයද? කියලා අපෙන් අහනවා. ඉතිං යකෝ අපි කෑවේ උඹලගේ අහවල් එකෙන් නෙවෙයිනේ,ඔය කන්න දුන්නේ කාටද? අනික මේ සේරම කරන්නේ උඹලගේ උවමනා ඉටුකරගන්න මිස වෙන මොකටද? හරියට වාහනයක් වගේ කියලා හිතලා තමයි මෙයාලා අපි ගැන තීරණ ගන්නේ. වාහනේට තෙල් ඕනන දුවන්න, තෙල් නැත්නම් යන්න බෑ. අපේ කෑමත්,අධ්‍යාපනයත්,සෞක්‍යත් හම්බ වෙන්නේ උන්ට අපිව දුවවන්න ඕන ප්‍රමාණයට මිස අපේ අවශ්‍ය ප්‍රමාණයට නෙවෙයි. එහෙවු අපිට අපි වැඩකරාම කොච්චර වටිනාකමක් උපයනවද එකෙන් අපිට කීයල් ලැබෙනවද නොලැබෙන ගාණ කීයල කියලා කියන්න එන්නේ නැති බුවාලා ගොඩයන්න හදන්නේ අපිව ගොනාට අන්දලා. ඔන්න කොමසාරිස් තුමා ඇත්ත කතාවකුත් කීවා , මේ තත්වේ තියෙන අනිසි ප්‍රථිඵලය තමයි පසුගිය කාලෙ ගත්ත ණය වෙනුවෙන් මේ 2018 අවුරුද්ද තුළ ණය වාරිකය ලෙස රුපියල් බිලියන 1150ක් සහ ණය පොළිය ලෙස රුපියල් බිලියන රුපියල් බිලියන 852ක් ගෙවීමට සිදුවීම.

දැන් කොරහාන්කො වැඩේ. ඒත් ඉතිං මුන්දැලා ධනවාදය හොදයි හොදයි කීවට කොරලා තියෙන කෙරුවාවේ තරම දැන් අපිට කියනවා. මෙහෙම කියලා ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහත්තයා කියනවා 2018 සම්පුර්ණ ආදායම වියදමටත් පොලී ගෙවන්න මදි නිසා අපිට බදුගොනු විවෘත කරගෙන යුතුකම ඉටුකරන්නලු.  මෙතුමගේ මරුම කතාව මේකයි. දැන් අපි කෙලෝගෙන අනේ ,අපිට තවත් බදු සල්ලි දෙන්න. එතකොට අපිට මේ වෙලාවේ පොඩි සහනයක් ගන්න පුළුවන් ,ඊට පස්සේ ආයෙත් පරණ විදියටම ගිහින් ඇණ ගෙන ආයෙත් බදු ගන්න එන්නම් කියලා තමයි ඔය කියන්නේ.
කොහොම කීවත් ධනවාදයට කරන්න පුළුවන් දෙයක් නෑ, ධනපති ක්‍රමයට අපේ ප්‍රශ්න තියා උන්ගේ ඒවා වත් විසදගන්න බෑ. ඒ නිසා දැන්වත් ඇත්ත කියලා ජනතාවට ජනතාවට කියලා බටර් නොගා සිටිය යුතුය. කෙසේ බටර් ඉලුවත් අර්බුදය උඩුදුවා සිහිසුන් වෙත්ම ජනතාව සිහි එලවා ගන්නා බව පමණක් දැනගත යුතුය.





No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...