දේශපාලන පළිගැනීම් යැයි පවසමින් ආණ්ඩුව ගුරු පත්වීම් ප්‍රධානය කිරීමට සැරසී සිටියේය .
ගුරුවරුන් බදවා ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් තිබිය දී ආණ්ඩුව මේ සිදු කරනුයේ ඉදිරි මැතිවරණයට සුදානම් විමය. මේ වනවිට උපාධි ධාරීන් මහපාරට හෙලන ආණ්ඩුව තම දෙශපාලන බලය පවත්වාගෙන යාමට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනිමට සුදානම් බව මෙයින් පැහැදිළිවේ. නමුත් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ආණ්ඩුවට කණ හරහා පහරක් ගසා තිබේ. ඒ අද දින ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාර්ථක කරමින් ය.
අද දින අමාත්‍ය අජිත් පී පෙරේරා ට අනුව පාසල් වසා දැමීමට ඉඩ නොතබන බව කීවත් දිවයිනේ බෝහෝ පාසල් වසා දමා තිබේ. විවෘත ව තිබු පාසල් කිහිපයකම නිසි පරිදි වැඩ කෙරී නැත.
මේම වැඩවර්ජනය ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එක්ව දියත්කළ සාර්ථකම වැඩවර්ජනය ලෙස ඉතිහාසය ට එක්වේ.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයත් සමග විශාල වෘත්තිය සමිති ප්‍රමාණයක් පෙළ ගැසී සිටියේය.ඒ අතර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ප්‍රගති ගුරු සංගමය, ශ්‍රී ලංකා මහජන ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු දේවා සංගමය එක්ව සිටියි. මොවුන් මෙමසටන අතහැරිමටනම් ආණ්ඩුවේ මෙම ක්‍රියාත්මක කරන වැඩ සටහන් අකුල ගතයුතු බවට අවධාරණය කර සිටියේය.
Subscribe to:
Post Comments (Atom)
පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය
පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...
-
මාතලං මාතලේ දිස්ත්‍රික්කයේ කඹරව ග්‍රාමයේ උපන්නේය. ඔහු නමින් ජානක බණ්ඩාර ඒකනායකය. පියා නීල් ඒකනායක, මව හේරත් මැණිකේය. ඔහු මුලික අධ්‍යාපන ...
-
නවක වදය පිළිබදව බොහෝ අය විවිධ මට්ටමින් සාකච්චා කරති.ඉතිහාසයේ දිඑම සාකච්චාව පැමිණියේ ශිෂ්‍ය ව්‍යාපාරයට මර්දනය ඒමට නියමිතව තිබියදි. එහෙත් බො...

No comments:
Post a Comment