Tuesday, July 3, 2018

ළමා හිංසනය යටතේ ආගම ඉගැන්විය යුතුද?

ඔබේ ආගම කුමක් වුවත් එය ඔබට ලැබුණේ කෙසේද ? එය ඔබ සියලු ආගම් අධ්‍යනය කොට මෙය නිවැරැදි එක යැයි සොයා ගත්තේද? නැත . එසේ කළ කිසිවෙක් නැත. එසේනම් ආගම අප ඇදහිම ආරම්භ කරනුයේ අප කිසිදු දෙයක් නොදන්නා කුඩා කාලයේ දීය. එය එසේ කරනුයේ අප දෙමාපියන් විසිනි. ඔවුන්ට එසේ කළේ ඔවුන් ගේ දෙමාපියන් ය. එවිට මිනිස්සු ආගම ඇදහිය යුත්තේ දෙමාපියන් අදහාන නිසාද?

මෙය ආගමික නිදහස වනවානම් කුඩා දරුවෙක් ට ඕනෑම රැවටීමකට ඉඩ ලැබෙන්නේ ද? මෙය ආගමික නිදහස ද නැත්නම් කුඩා දරුවන් තමන්ගේ අභිමතයට නම්මා ගැනීමක් ද? බලහාකාරයෙන් වැන්දවිම ළමා අපචාරයක් නොවි ළමයින්ගෙන් බලෙන් වැඩ ගැනීම ළමා අපචාරයක් වේ. ලොකය ගැන නොදන්නා ළමයින්ට ඒ පිළිබඳව ඉගෙන ගැනීමට නිදහස ලැබෙනවා වෙනුවට දෙමාපියන් හරි හෝ වැරදි යැයි කිසිදා නොසිතා ඉහමුදුනින් පිළිගත් දේ ළමයින් ගේ ඔළු කුහර තුල පුරවයි.එය නම් කදිම නිදහසකි. මින් ඉදිරියට ළමයින් සිතිය යුතු ආකාරය කියා දී අවසන් ය. එසේම  කිසිදිනෙක ප්‍රශ්න නොකරන මට්ටමට භිතිකාක්ද වපුරා තිබේ.  දැන් සියලු දෙනා සිතිය යුත්තේ එළෙසිනි. ඊට කිසිවෙකුට අභියෝග කළ නොහැක. මෙය සෑම ආගමක් පාහේ සිදු කරමින් ළමා අපචාර වලට එරෙහිව ද කතා කරයි. කුඩා කළදීම දරුවෙකු ගේ චින්තනය මංකොල්ල කෑම තරම් අපචාරයක් තවත් තිබිය හැකිද ? එම නිසා කුඩා ළමයින් ට ආගම උගැන්විය යුත්තේ ළමා හිංසනය  යටතේය.

No comments:

පෙසප පහරදීමට එරෙහිව උද්ඝොසණය

පසුගිය ජුනි 09 දින පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය විසින් ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනයට එරෙහිව හා ජාතිවාදයට,වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩ...